එහෙත් නුඹ සමාදානයෙන් නුඹේ පියවරුන් වෙතට යන්නෙහිය; හොඳ මහලු වයසේදී තැන්පත්කරනු ලබන්නෙහිය.
උත්පත්ති 25:8 - Sinhala Revised Old Version ආබ්‍රහම් හොඳ මහලු වයසේදී, වෘද්ධයෙක්ව, වයසින් පූර්ණව, ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය. Sinhala New Revised Version මෙසේ ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී අවසන් හුස්ම හෙළා මරණයට පත් වූ පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී. Sinhala New Revised Version 2018 මෙසේ ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී අවසන් හුස්ම හෙළා මරණයට පත් වූ පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී. |
එහෙත් නුඹ සමාදානයෙන් නුඹේ පියවරුන් වෙතට යන්නෙහිය; හොඳ මහලු වයසේදී තැන්පත්කරනු ලබන්නෙහිය.
ඉෂ්මායෙල්ගේ ජීවිතයේ අවුරුදු ගණන නම් එකසිය තිස් හත් අවුරුද්දක්ය. ඔහු ප්‍රාණය හැර නැසී තම සෙනඟට එකතුවුණේය.
ඈ මළාය, ඇගේ ප්‍රාණය යන කල්හි ඈ ඔහුට බෙන්-ඕනි යන නම තැබුවාය. එහෙත් ඔහුගේ පියා ඔහුට බෙන්යමින් යන නම තැබීය.
ඔහුගේ සියලු පුත්‍රයෝද දූවරුද ඔහු සනසන්ට ආවෝය; එහෙත් ඔහු සැනසෙන්ට නොකැමති වී: මම වැලපෙමින් මාගේ පුත්‍රයා වෙතට මිනීවළට යන්නෙමියි කීවේය. මෙසේ ඔහුගේ පියා ඔහු නිසා හැඬුවේය.
ඔහු ඔවුන්ට අණකරමින්: මම මාගේ සෙනඟට එකතුවන්නෙමි. හිත්තීයවූ එප්‍රොන්ගේ කෙතෙහි තිබෙන ගුහාවේ එනම් කානාන් දේශයෙහි මම්රේ ඉදිරිපිට මක්පේලායේ කෙතෙහි තිබෙන,
යාකොබ් තමාගේ පුත්‍රයන්ට අණකර නිමකළ කල්හි තමාගේ පාද යහනට ඔසවාගෙන ප්‍රාණය හැර තමාගේ සෙනඟට එකතුවුණේය.
මක්නිසාද ඔහුගේ පුත්‍රයෝ ඔහු කානාන් දේශයට ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීයවූ එප්‍රොන්ගෙන් උරුමවූ සොහොන්පළක් පිණිස කෙතත් සමඟ මිලේට ගත්තාවූ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලායේ කෙතේ ගුහාවෙහි ඔහු තැන්පත් කළෝය.
දාවිත් මහලුව වයසින් පූර්ණවූ විට තමාගේ පුත්‍රවූ සාලමොන් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකොට පත්කෙළේය.
ඔහු වයසෙන්ද වස්තුවෙන්ද ගෞරවයෙන්ද පූර්ණව හොඳ මහලු වයසේදී මළේය. ඔහුගේ පුත්‍රවූ සාලමොන් ඔහු වෙනුවට රජකම්කෙළේය.
නුමුත් යෙහෝයාදා මහලුව වයසින් පූර්ණව මළේය; මැරෙන කල ඔහු අවුරුදු එකසිය තිහක් වයස්ව සිටියේය.
ගොයම් මිටියක් නියම කාලයේදී ගෙනයනු ලබන්නාක්මෙන් නුඹ වයසින් පූර්ණව සොහොනට පැමිණෙන්නෙහිය.
ඒ නිසා මම ස්වාමීන්වහන්සේගේ කෝපයෙන් පිරී සිටිමි; එය දැරීමෙන් වෙහෙසවී සිටිමි. වීථියේ ඉන්න ළමයින් පිටත් යෞවනයන්ගේ සභාව පිටත් එය එකවිට වගුරුවන්න. මක්නිසාද පුරුෂයා භාර්යාව සමඟද වැඩිමහල්ලා වයසින් පූර්ණවූ තැනැත්තා සමඟද අසුවන්නේය.
ආරොන් තමාගේ සෙනඟට එකතුවන්නේය. මක්නිසාද නුඹලා මෙරිබාහි වතුර ළඟදී මාගේ වචනයට විරුද්ධව කැරළිකාරව සිටිය බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දුන් දේශයට ඔහු ඇතුල්නොවන්නේය.
නුඹ ඒක දුටු පසු නුඹේ සහෝදරවූ ආරොන් තමාගේ සෙනඟට එකතුවුණාක්මෙන් නුඹත් නුඹේ සෙනඟට එකතුවන්නෙහිය.
ඔහු ඒ ගෞරවය දෙවියන්වහන්සේට නුදුන් බැවින්, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් එකෙණෙහිම ඔහුට පහරදුන්නේය. ඔහු පණුවන් විසින් කනලදුව මැරුණේය.
කුමක්හෙයින්ද දාවිත් දෙවියන්වහන්සේගේ මන්ත්‍රණය ලෙස තම පරම්පරාවේදී මෙහෙකළ පසු සැතපී, තමාගේ පියවරුන් ළඟ තබනලදුව, කුණුවීමට පැමුණුණේය.
එකෙණෙහිම ඈ ඔහුගේ පාමුල වැටී මළාය. තරුණයෝ ඇතුල්වී ඈ මැරී සිටිනවා දැක, ඈ පිටතට ගෙනගොස් ඇගේ පුරුෂයා ළඟ වැළලුවෝය.
නුඹේ සහෝදරවූ ආරොන් හෝර් කන්දේදී මැරී තමාගේ සෙනඟට එකතුවුණාක් මෙන්, නුඹත් මැරී නුඹේ සෙනඟට එකතුවෙන්න.
ඒ මුළු පරම්පරාවද තමුන්ගේ පියවරුන්ට එකතුවුණේය. ඔවුන්ට පසුව ස්වාමීන්වහන්සේවත් ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ ක්‍රියාවල්වත් නොදන්නාවූ වෙන පරම්පරාවක් නැගුටුණේය.
යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් බොහෝ ආයු වළඳා මැරී අබියෙශ්‍රීවරුන්ට අයිති ඔප්‍රාහි තමාගේ පියවූ යෝවාෂ්ගේ සොහොන්ගෙයි තැන්පත්කරනු ලැබුවේය.