Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 5:10 - Sinhala Revised Old Version

10 එකෙණෙහිම ඈ ඔහුගේ පාමුල වැටී මළාය. තරුණයෝ ඇතුල්වී ඈ මැරී සිටිනවා දැක, ඈ පිටතට ගෙනගොස් ඇගේ පුරුෂයා ළඟ වැළලුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ඈ එකෙණෙහි ම පේදුරුගේ පාමුල මැරී වැටුණා ය. තරුණයෝ ඇතුළු වී, ඇය මැරී සිටිනු දැක, පිටතට ගෙන ගොස් පුරුෂයා ළඟ වැළැලූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 එකෙණෙහිම ඔහුගේ පාමුල ඇද වැටුණු ඕ මළා ය. එවිට ඇතුළට පිවිසි තරුණයෝ ඈ මිය ගොස් සිටිනු දැක, ඇගේ මිනිය පිටතට ගෙන ගොස්, ඇගේ ස්වාමි පුරුෂයා පසෙකින් ඇය වළ දැමූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඈ එකෙණෙහි ම පේදුරුගේ පාමුල මැරී වැටුණා ය. තරුණයෝ ඇතුළු වී, ඇය මැරී සිටිනු දැක, පිටතට ගෙන ගොස් පුරුෂයා ළඟ වැළැලූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 5:10
2 හුවමාරු යොමු  

මා විසින් එසේ අනාගතවාක්‍ය කියද්දී බෙනායාගේ පුත්‍රවූ පෙලතියා මළේය. එවිට මම මුහුණින් වැටී: අනේ, දෙවියන්වහන්ස! ඉතිරිව සිටින ඉශ්‍රායෙල්වරුන් ඔබ තීන්දුවටම නැතිකරනසේක්දැයි මහත් හඬින් මොරගසා කීවෙමි.


අනනියස් ඒ වචන අසා වැටී මළේය. ඒ ඇසූ සියල්ලන්ට මහත් භයක් පැමුණුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්