Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 41:32 - Sinhala Revised Old Version

32 ඌ යන කල පස්සෙන් පාර දිලියෙන්නේය; ගැඹුරට පැසුණු හිසකේ ඇතිවූවාක්මෙන් පෙනීයයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 ඌ යන මඟ ඌ පසුපස පැහැදිලි ව දිළිසෙයි. ඌ මුහුද සුදු පෙණ ගොඩකට හරවයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 ඌ යන මඟ ඌ පසුපස පැහැදිලි ව දිළිසෙයි. ඌ මුහුද සුදු පෙණ ගොඩකට හරවයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 41:32
12 හුවමාරු යොමු  

තරුණයන්ගේ පාරට්ටුව ඔවුන්ගේ ශක්තියය; වෘද්ධයන්ගේ අලංකාරය නම් පැසුණු හිසය.


පැසුණු හිස ගෞරවයේ ඔටුන්නක්ය, එය ධර්මිෂ්ඨ මාර්ගයෙහි සම්බවෙයි;


ගලක් ඇතුළෙහි මෙන් වතුර සැඟවී තිබේ, ගැඹුරේ මතුපිටද මිදී තිබේ.


නුඹ මුහුදේ උල්පත් ළඟට පැමිණියෙහිද? නොහොත් ගැඹුරේ රහස් තැන්වල ඇවිද්දෙහිද?


ඒක මා තුළ නැතැයි ගැඹුර කියන්නේය. ඒක මා වෙත නැතැයි මුහුදත් කියන්නේය.


නුමුත් ඔහු: මාගේ පුත්‍රයා නුඹලා සමඟ නොයන්නේය; මක්නිසාද ඔහුගේ සහෝදරයා මෙළේය, ඉතිරිව සිටින්නේ මොහු පමණක්ය. ඉදින් නුඹලා යන මාර්ගයේදී ඔහුට අනතුරක් වුණොත් එයින් නුඹලා මාගේ පැසුණු කෙස් ශෝකයෙන් මිනීවළට පමුණුවන්නහුයයි කීය.


ආබ්‍රහම් හොඳ මහලු වයසේදී, වෘද්ධයෙක්ව, වයසින් පූර්ණව, ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය.


එහෙත් නුඹ සමාදානයෙන් නුඹේ පියවරුන් වෙතට යන්නෙහිය; හොඳ මහලු වයසේදී තැන්පත්කරනු ලබන්නෙහිය.


පොළොවට එළිය දීමට ඒවා අහස්තලයෙහි ආලෝකයන් පිණිස වෙත්වයි කීසේක. ඒ එසේ විය.


පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජලමතුයෙහි හැසිරෙමින් සිටිසේක.


සැළියක වතුර මෙන් ඌ ගැඹුර නටවන්නේය. මුහුද තෛලයක් මෙන් කරන්නේය.


ඌට සමාන එකෙක් භූමිය මතුපිට නැත; භය නොගන්න හැටියට ඌ මවනු ලැබුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්