Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 50:13 - Sinhala Revised Old Version

13 මක්නිසාද ඔහුගේ පුත්‍රයෝ ඔහු කානාන් දේශයට ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීයවූ එප්‍රොන්ගෙන් උරුමවූ සොහොන්පළක් පිණිස කෙතත් සමඟ මිලේට ගත්තාවූ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලායේ කෙතේ ගුහාවෙහි ඔහු තැන්පත් කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මෙලෙස ඔව්හු කානාන් දේශයට ඔහු ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීය ජාතික ඒප්‍රොන්ගෙන් සොහොන් බිමක් ලෙස ඉඩමක් සමඟ සින්නක්කරේට මිලට ගත් මම්රේ ඉදිරිපිට වූ මක්පේලාගේ භූමියේ ගුහාවෙහි ඔහු භූමදාන කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මෙලෙස ඔව්හු කානාන් දේශයට ඔහු ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීය ජාතික ඒප්‍රොන්ගෙන් සොහොන් බිමක් ලෙස ඉඩමක් සමඟ සින්නක්කරේට මිලට ගත් මම්රේ ඉදිරිපිට වූ මක්පේලාගේ භූමියේ ගුහාවෙහි ඔහු භූමදාන කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 50:13
14 හුවමාරු යොමු  

ඔව්හු ෂෙකෙම් නුවරට ගෙනයනලදුව, ආබ්‍රහම් විසින් ෂෙකෙම්හි හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදීමිල ගණනකට ගත් සොහොන්ගෙයි තබන ලද්දෝය.


මනස්සේ තමාගේ පියවරුන් සමඟ සැතපී, තමාගේ ගෙට අයිති උයන වන උස්සාගේ උයනෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආමොන් ඔහු වෙනුවට රජවුණේය.


ඊසාක්ද මහලුව දවස් සම්පූර්ණව ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය. ඔහුගේ පුත්‍රයෝවූ ඒසව්ද යාකොබ්ද ඔහු තැන්පත්කළෝය.


යාකොබ් ආබ්‍රහම් සහ ඊසාක් පොරොත්තුව සිටිය මම්රේට එනම් කිරියත්-අර්බාට තමාගේ පියවූ ඊසාක් වෙතට ආයේය. ඒ වනාහි හෙබ්‍රොන්ය.


ඔහුගේ පුත්‍රයෝවූ ඊසාක්ද ඉෂ්මායෙල්ද මම්රේ ඉදිරියෙහි හිත්තීය ශොහර්ගේ පුත්‍රවූ එප්‍රොන්ගේ කෙතෙහි මක්පේලා ගුහාවෙහි ඔහු තැන්පත්කළෝය;


කෙත සහ එහි ඇති ගුහාවද සොහොන්පළක් මෙන් අයිති වන පිණිස හෙත්ගේ පුත්‍රයන් විසින් ආබ්‍රහම්ට ස්ථිරකරනලද්දේය.


මාගේ පියවරුන් සමඟ මා සැතපුණු කල්හි මිසරයෙන් මා ගෙනගොස් ඔවුන්ගේ සොහොන්පළෙහි මා තැන්පත් කරන්නැයි කීවේය. ඔබ කී ලෙස මම කරන්නෙමියි ඔහු කීය.


ඔහුගේ පුත්‍රයෝ තමන්ට ඔහු අණ දුන් ලෙස ඔහුට කළෝය.


යෝසෙප් තමාගේ පියා තැන්පත්කළ පසු ඔහුද ඔහුගේ සහෝදරයෝද තම පියා තැන්පත්කරන පිණිස ඔහු සමඟ ගිය සියල්ලෝද මිසරයට හැරී ආවෝය.


තමා සන්තකවූ මක්පේලායේ ගුහාව මට දෙන ලෙස මා වෙනුවෙන් ඔහුගෙන් ඉල්ලුව මැනවි; නුඹලා අතරෙහි මට හිමිවූ සොහොන්පළක් පිණිස එය වටින මිල ගණනට ඔහු මට දේවයි කීවේය.


ආබ්‍රහම් හොඳ මහලු වයසේදී, වෘද්ධයෙක්ව, වයසින් පූර්ණව, ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය.


මම නුඹ සමඟ මිසරයට යන්නෙමි; සැබවින් මම නුඹ නැවත ගෙනෙන්නෙමි. යෝසෙප්ද ඔහුගේ අත නුඹේ ඇස් පිට තබන්නේයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්