ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක් විය. එබැවින්: ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක් වූ නිම්රොද් වාගේයයි කීමක් විය.
උත්පත්ති 25:27 - Sinhala Revised Old Version දරුවෝ වැඩුණාහ. ඒසව් හපන් දඩයක්කාරයෙක්ව වනයේ මනුෂ්‍යයෙක්ව සිටියේය; යාකොබ් කූඩාරම්වල වසන නිශ්චල මනුෂ්‍යයෙක් විය. Sinhala New Revised Version දරුවෝ දෙදෙන වැඩුණාහ. ඒසව් එළිමහනේ වසන දක්ෂ දඩයම්කාරයෙක් විය. ජාකොබ් කූඩාරම්වල වසන නිශ්චල මිනිසෙක් විය. Sinhala New Revised Version 2018 දරුවෝ දෙදෙන වැඩුණාහ. ඒසව් එළිමහනේ වසන දක්ෂ දඩයම්කාරයෙක් විය. ජාකොබ් කූඩාරම්වල වසන නිශ්චල මිනිසෙක් විය. |
ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක් විය. එබැවින්: ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක් වූ නිම්රොද් වාගේයයි කීමක් විය.
නුඹේ කඩුව කරණකොටගෙන ජීවත්වන්නෙහිය, නුඹේ සහෝදරයාට මෙහෙකරන්නෙහිය; තවද නුඹ නිදහසට පැමුණුණාම ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන් ගසා දමන්නෙහියයි ඔහුට කීවේය.
නුඹලාට ගෝෂෙන් දේශයෙහි වාසය කරන්ට ලැබෙන පිණිස–ඔබගේ මෙහෙකරුවූ අපිද අපේ පියවරුද අපේ බාල වයසේ පටන් මේ වන තුරු සිව්පාවුන් ඇතිකරන්නෝයයි කියන්න; කුමක්හෙයින්ද සියලු එඬේරු මිසරවරුන්ට පිළිකුලකැයි කීවේය.
නෝවාගේ පරම්පරා මේය. නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව සිටියේය. නෝවා දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය.
යෝබ් නම්වූ මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි සිටියේය; ඒ මනුෂ්‍යයා වනාහි නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටියාවූ කෙනෙකි.
එවිට ස්වාමීන්වහන්සේ: නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනාකෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැතැයි කීසේක.
එවිට ස්වාමීන්වහන්සේ: නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනා කෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ කෙනෙක් පොළොවෙහි නැත. කරුණක් නැතුව ඔහු නාස්තිකරන්ට නුඹ ඔහුට විරුද්ධව මා පෙළඹෙවු නුමුත්, ඔහු තමාගේ අවංකකම තවම පවත්වාගන සිටීයයි සාතන්ට කීසේක.
නිර්දෝෂ තැනැත්තා කල්පනාකොට අවංක තැනැත්තා බලාගනුව. මක්නිසාද ඒ මනුෂ්‍යයාගේ අනාගතය සමාදානය වේ.
ගෙයක් ගොඩනගන්ටවත් බීජ වපුරන්ටවත් මිදිවත්තක් වවන්ටවත් අයිතිකරගන්ටවත් එපා. නුඹලා පොරොත්තුව සිටින දේශයෙහි බොහෝ දවස් ජීවත්වන පිණිස නුඹලාගේ සියලුම දවස්වල කූඩාරම්වල වාසයකරන්නැයි කීවේය.
ඇදහිල්ලෙන්, ඔහු අන් දේශයක මෙන් පොරොන්දුවේ දේශයෙහි පොරොත්තුවී, එම පොරොන්දුවට උරුමක්කාරයන් වූ ඊසාක් සහ යාකොබ් සමඟ කූඩාරම්වල වාසයකළේය.