Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 25:28 - Sinhala Revised Old Version

28 ඊසාක් ඒසව්ට ආදරේ වුණේය, මක්නිසාද ඔහු ඒසව්ගේ මුව මස් කෑයේය. එහෙත් රෙබෙකා යාකොබ්ට ආදරේ වුණාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඊසාක්, ඒසව් ගෙනා මුව මස් කෑ හෙයින් ඔහුට වඩා කැමැති විය; එහෙත් රෙබෙකා වඩා කැමැති වූයේ ජාකොබ්ට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඊසාක්, ඒසව් ගෙනා මුව මස් කෑ හෙයින් ඔහුට වඩා කැමැති විය; එහෙත් රෙබෙකා වඩා කැමැති වූයේ ජාකොබ්ට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 25:28
8 හුවමාරු යොමු  

යාකොබ්ද: මම ඔබගේ කුලුඳුල් පුත්‍රවූ ඒසව්ය; ඔබ මට අණකළ ලෙස කෙළෙමි. ඔබගේ ආත්මය මට ආශීර්වාදකරන පිණිස නැගිට හිඳ මාගේ මුව මස් කැව මැනවියි තමාගේ පියාට කීවේය.


ඔහුත් රසවත් ආහාර සාදා තමාගේ පියා වෙතට ගෙනැවිත්: ඔබගේ ආත්මය මට ආශීර්වාදකරන පිණිස මාගේ පියාණන් නැගිට තමන් පුත්‍රයාගේ මුව මස් කැව මැනවයි තම පියාට කීය.


මට රුචිවූ රසවත් කෑම සාදන්න; මා එයින් කා, මැරෙන්ට ප්‍රථමයෙන් මාගේ ආත්මය නුඹට ආශීර්වාදකරන පිණිස ඒක මා ළඟට ගෙනෙන්නැයි කීය.


ඊසාක්ද: ඒවා මා ළඟට ගෙනෙන්න, මාගේ ආත්මය නුඹට ආශීර්වාදකරන පිණිස මාගේ පුත්‍රයාගේ මුව මස් කන්නෙමියි කීවේය. එසේ ඔහු ඒවා ඔහු ළඟට ගෙනගියේය, ඊසාක් කෑයේය. මුද්‍රිකපානයත් ඔහු ළඟට ගෙනගියේය, ඔහු බීවේය.


දැන් එළු රැළට ගොස් එතැනින් හොඳ එළුපැටියන් දෙදෙනකු මට ගෙනෙන්න; මම උන්ගෙන් නුඹේ පියාට ප්‍රියවූ රසවත් කෑම සාදන්නෙමි.


එබැවින් නුඹේ ආයුධ වන හීකොපුවත් දුන්නත් රැගෙන වනයට ගොස් මට මුව මස් ලබාගෙන,


ඔහු ගොස් උන් රැගෙන තමාගේ මවු ළඟට ආවේය. එවිට ඔහුගේ මවුතොමෝ ඔහුගේ පියාට ප්‍රියවූ රසවත් භෝජනය පිළියෙළකළාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්