Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 46:34 - Sinhala Revised Old Version

34 නුඹලාට ගෝෂෙන් දේශයෙහි වාසය කරන්ට ලැබෙන පිණිස–ඔබගේ මෙහෙකරුවූ අපිද අපේ පියවරුද අපේ බාල වයසේ පටන් මේ වන තුරු සිව්පාවුන් ඇතිකරන්නෝයයි කියන්න; කුමක්හෙයින්ද සියලු එඬේරු මිසරවරුන්ට පිළිකුලකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 ඔබ ද, ‘ඔබේ දාසයන් වන අපිත්, අපේ පියවරුත් තමන් තරුණ වියේ පටන් අද දක්වා සත්ත්ව ගොවිපළවල් රැකබලාගත්තෙමු’යි කියන්න. මෙලෙස ඔබට ගෝෂෙන් පෙදෙසේ පදිංචි වීමට අවසර ලැබේ ය”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ, එඬේරුන් මිසර වාසීන්ට පිළිකුලක් වන බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 ඔබ ද, ‘ඔබේ දාසයන් වන අපිත්, අපේ පියවරුත් තමන් තරුණ වියේ පටන් අද දක්වා සත්ත්ව ගොවිපළවල් රැකබලාගත්තෙමු’යි කියන්න. මෙලෙස ඔබට ගෝෂෙන් පෙදෙසේ පදිංචි වීමට අවසර ලැබේ ය”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ, එඬේරුන් මිසර වාසීන්ට පිළිකුලක් වන බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 46:34
17 හුවමාරු යොමු  

මෝසෙස්ද: එසේ කරන්ට යුතු නැත; එසේ කළොත් මිසරවරුන්ට පිළිකුලක් වන ලෙස අපි අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන්නෙමුව. මිසරවරුන්ගේ ඇස් හමුවෙහි ඔවුන්ට පිළිකුලක් වන ලෙස පූජා ඔප්පුකරන්නෙමුද? එවිට ඔව්හු අපට ගල්නොගසන්නෝද?


ඔව්හු ඔහුට වෙනමද ඔවුන්ට වෙනමද ඔහු සමඟ කන මිසරවරුන්ට වෙනමද කෑම ඇරියෝය. කුමක්හෙයින්ද මිසරවරුන්ට හෙබ්‍රෙව්වරුන් සමඟ කන්ට නුපුළුවන; මක්නිසාද ඒක මිසරවරුන්ට පිළිකුලක්ය.


ඒ මනුෂ්‍යයෝ එඬේරුය, මක්නිසාද ඔව්හු සිව්පාවුන් ඇතිකරන මනුෂ්‍යයෝය; ඔව්හු තමන්ගේ එළු බැටළු රැළවල්ද තමන්ගේ ගව රැළවල්ද තමන්ට ඇති සියල්ලද ගෙනාවෝයයි ඔහුට කියන්නෙමි.


ඔහුගේ සහෝදරයෝ තමන් පියාගේ රැළ පෝෂණයකරන පිණිස ෂෙඛෙම්ට ගියෝය.


ඔබ ගෝෂෙන් දේශයෙහි වාසයකරමින් ඔබද ඔබගේ දරුවෝද ඔබගේ දරුවන්ගේ දරුවෝද ඔබගේ එළු බැටළු රැළවල්ද ඔබගේ ගව රැළවල්ද ඔබ සන්තක සියල්ලෝද මා ළඟ සිටින්නහුය.


ලාබන් ඒ දවසේම රේඛාද ලපද ඇති එළුවන් සහ තිත්ද ලපද ඇති එළුදෙනුන්ද යන යම් තැනක සුදුපාට ඇති සියල්ලන්ද බැටළුවන් අතරෙහි කළුපාට ඇති සියල්ලන්ද වෙන් කොට තමාගේ පුත්‍රයන් අතට භාරදී,


ඔහු තමාගේ දූවූ දීනා අපවිත්‍රකළ බව යාකොබ්ට සැලවිය; ඒ වේලාවට ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ සිව්පාවන් සමඟ කෙතෙහි සිටියෝය. යාකොබ් ඔවුන් එනතුරු නිශ්ශබ්දව සිටියේය.


ආබ්‍රම්ගේ ගවයන්ගේ එඬේරුන් සහ ලොත්ගේ ගවයන්ගේ එඬේරුන් අතරේ ඩබරයක් විය. එකල්හි කානානිවරුද පෙරිස්සිවරුද දේශයෙහි වාසයකළෝය.


එවිට ආබ්‍රම් ලොත්ට කථාකොට: මා සහ නුඹ අතරෙහිද මාගේ එඬේරුන් සහ නුඹේ එඬේරුන් අතරෙහිද ඩබරයක් නොවේවා; මක්නිසාද අපි සහෝදරයෝය.


එහෙත් ගෙරාර්හි එඬේරු: මේ වතුර අපගේය කියමින් ඊසාක්ගේ එඬේරුන් සමඟ විවාදකළෝය. ඔවුන් ඔහු හා සමඟ විවාදකළ බැවින් ඔහු ඒ ළිඳට ඒසෙක් යන නම තැබීය.


යාකොබ්ගේ පරම්පරාවල් මේය. දහහත් අවුරුදු වයස්වූ යෝසෙප් තමාගේ සහෝදරයන් සමඟ බැටළු රැළ පෝෂණය කරමින් සිටියේය; ඔහු වනාහි තම පියාගේ භාර්යාවන්වූ බිල්හාගේද ශිල්පාගේද පුත්‍රයන් සමඟ සිටි තරුණයෙකි. යෝසෙප් ඇවිත් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන ඔවුන්ගේ පියාට දැන්නුවේය.


නුඹලාගේ පියාණන් සහ නුඹලාගේ පවුල්ද රැගෙන මා වෙතට එන්න. මම මිසර දේශයේ ඉතා හොඳ දේ නුඹලාට දෙන්නෙමි, නුඹලා දේශයේ සාරය භුක්තිවිඳින්නහුය.


ඵාරාවෝ: නුඹලාගේ රක්ෂාව මොකදැයි ඔහුගේ සහෝදරයන්ගෙන් ඇසුවේය. ඔබගේ මෙහෙකරුවූ අපිත් අපේ පියවරුත් එඬේරුයයි ඔව්හු ඵාරාවෝට කීවෝය.


තවද ඔව්හු: කානාන් දේශයෙහි සාගතය බලවත් බැවින්, ඔබගේ මෙහෙකරුවන්ගේ සිව්පා රැළවලට ගොදුරු නැති නිසා, මේ දේශයෙහි පොරොත්තුවීමට ආවෙමුව; එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවන්ට ගෝෂෙන් දේශයෙහි වසන්ට අවසර ලැබේවයි ඵාරාවෝට කීවෝය.


මිසර දේශය නුඹ ඉදිරියෙහි තිබේ; නුඹේ පියා සහ සහෝදරයන් දේශයේ ඉතාම හොඳ පළාතෙහි වාසය කරවන්න; ගෝෂෙන් දේශයෙහි ඔව්හු වාසය කෙරෙත්වා. ඔවුන් අතරේ දක්ෂ පුරුෂයන් දන්නෙහිනම් ඔවුන් මාගේ සිව්පාවුන් කෙරෙහි ප්‍රධානීන් කොට පත්කරන්නැයි කීය.


යෝසෙප් ඵාරාවෝ අණකළ ලෙස තමාගේ පියා සහ සහෝදරයන් පදිංචිකරවමින් මිසර දේශයේ ඉතා හොඳ පළාතවූ රමෙසෙස් නම් ප්‍රදේශයෙහි ඔවුන්ට උරුමයක් දුන්නේය.


පොළෝ මධ්‍යයෙහි මම ස්වාමීන්වහන්සේව සිටින බව නුඹ දැනගන්නා පිණිස ඒ දවසේදී මාගේ සෙනඟ සිටින ගෝෂෙන් දේශයට මැසි රංචු නොපැමිණෙන හැටියට මම ඒක වෙන්කොට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්