Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 21:20 - Sinhala Revised Old Version

20 තවද දෙවියන්වහන්සේ ළමයා සමඟවූසේක, ඔහු වැඩී වනයෙහි වාසයකොට දුනුකාරයෙක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 දෙවියන් වහන්සේ ද ඒ දරුවා සමඟ වූ සේක. ඔහු වැඩී, පාළුකරයේ පදිංචි වී දුනුවායෙක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 දෙවියන් වහන්සේ ද ඒ දරුවා සමඟ වූ සේක. ඔහු වැඩී, පාළුකරයේ පදිංචි වී දුනුවායෙක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 21:20
13 හුවමාරු යොමු  

බලව, මම නුඹ සමඟ සිටිමි, නුඹ යන සියලු තැන්හිදී නුඹ ආරක්ෂාකර නැවත මේ දේශයට නුඹ පමුණුවන්නෙමි; මක්නිසාද මා විසින් නුඹට කී දෙය සිදුකරන තුරු නුඹ අත් නොහරින්නෙමියි කීසේක.


එහෙත් ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ සිට ඔහුට දයාව පෙන්වා හිරගෙයි නායකයාගේ ඇස් හමුවෙහි ඔහුට කරුණාව ගෙනදුන්සේක.


ඔහු වල් කොටළුවෙකු වැනි මනුෂ්‍යයෙක් වන්නේය; ඔහුගේ අත කාහටත් විරුද්ධවන්නේය, කාගේ අතත් ඔහුට විරුද්ධවන්නේය; ඔහු තමාගේ සියලු සහෝදරයන් ඉදිරියෙහි වාසයකරන්නේයයි කීසේක.


දරුවා වැඩී, ආත්මයෙන් ශක්තිමත්ව, ඉශ්‍රායෙල්ට තමා ප්‍රකාශවන දවස දක්වා වනාන්තර ස්ථානවල සිටියේය.


ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට පෙනී: ධෛර්යමත් බලවත් මනුෂ්‍යය, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීය.


දරුවෝ වැඩුණාහ. ඒසව් හපන් දඩයක්කාරයෙක්ව වනයේ මනුෂ්‍යයෙක්ව සිටියේය; යාකොබ් කූඩාරම්වල වසන නිශ්චල මනුෂ්‍යයෙක් විය.


මම ඉෂ්මායෙල් ගැනත් නුඹේ බස් ඇසීමි. බලව, ඔහුට ආශීර්වාද කෙළෙමි, ඔහු සඵලකරමින් අතිශයින් වැඩිකරන්නෙමි; ඔහුට දාව අධිපතීන් දොළොස් දෙනෙක් උපදින්නෝය, මම ඔහු මහත් ජාතියක් කරන්නෙමි.


ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක් විය. එබැවින්: ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක් වූ නිම්රොද් වාගේයයි කීමක් විය.


එබැවින් නුඹේ ආයුධ වන හීකොපුවත් දුන්නත් රැගෙන වනයට ගොස් මට මුව මස් ලබාගෙන,


ළදරුවා වැඩී, ශක්තිමත්ව, ප්‍රඥාවෙන් පූර්ණවූසේක. දෙවියන්වහන්සේගේ කරුණාවද උන්වහන්සේ කෙරෙහි විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්