පහන්වුණ කල දේවදූතයෝ: මේ නුවර අයුතුකමෙහි නුඹ නාස්තිනොවන පිණිස නැගිට මෙහි සිටින නුඹේ භාර්යාවත් නුඹේ දූවරුන් දෙදෙනාත් කැඳවාගෙන යන්නැයි කියා ලොත් ඉක්මන් කෙරෙවුවෝය.
උත්පත්ති 19:14 - Sinhala Revised Old Version ලොත් පිටතට ගොස් තමාගේ දූවරුන් සරණ පාවාගත් බෑනාවරුන්ට කථාකරමින්: නැගිට මේ ස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ නුවර විනාශකරන්ට යනසේකැයි කීවේය. එහෙත් ඔහු සරදම්කරන්නෙකු මෙන් තම බෑනාවරුන්ට පෙනුණේය. Sinhala New Revised Version ලොත් ද පිටතට ඇවිත්, තමාගේ දූවරුන් සරණ පාවා ගන්නට සිටි බෑණාවරුන්ට කතා කොට, “කඩිනමින් මෙතැනින් ඉවතට යන්න, සමිඳාණන් වහන්සේ මේ නුවර විනාශ කිරීමට යන සේකැ”යි කී ය. එහෙත්, එය ඔහුගේ විහිළුවකැ යි බෑණාවරු සිතූ හ. Sinhala New Revised Version 2018 ලොත් ද පිටතට ඇවිත්, තමාගේ දූවරුන් සරණ පාවා ගන්නට සිටි බෑණාවරුන්ට කතා කොට, “කඩිනමින් මෙතැනින් ඉවතට යන්න, සමිඳාණන් වහන්සේ මේ නුවර විනාශ කිරීමට යන සේකැ”යි කී ය. එහෙත්, එය ඔහුගේ විහිළුවකැ යි බෑණාවරු සිතූ හ. |
පහන්වුණ කල දේවදූතයෝ: මේ නුවර අයුතුකමෙහි නුඹ නාස්තිනොවන පිණිස නැගිට මෙහි සිටින නුඹේ භාර්යාවත් නුඹේ දූවරුන් දෙදෙනාත් කැඳවාගෙන යන්නැයි කියා ලොත් ඉක්මන් කෙරෙවුවෝය.
ඔවුන් පිටතට ගෙනා කල්හි උන්වහන්සේ කථාකොට: නුඹේ ප්‍රාණය ගළවාගන්ට දුවන්න; ආපසු නොබලන්න. සමභූමියෙහි කොතැනවත් නැවතී නොසිටින්න; නාස්තිනොවන පිණිස කන්දට දුවන්නැයි කීසේක.
ඉක්මන්කරන්න, ගැළවෙන්ට එතැනට දුවන්න; මක්නිසාද නුඹ එතැනට පැමිණෙනතුරු කිසිවක් කළ නොහැක්කෙමියි ඔහුට කීසේක. එබැවින් ඒ නුවරට ශොවර් යන නම කියනලදී.
මෙසේ පණිවිඩකාරයෝ එප්‍රායිම් සහ මනස්සේ රට මුළුල්ලෙහි සාබුලොන් දක්වාම නුවරින් නුවරට ගියෝය. නුමුත් මිනිස්සු ඔවුන්ට සිනාසී සරදම්කළෝය.
එහෙත් සුවයක් නැති තරම් ස්වාමීන්වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම්කර, උන්වහන්සේගේ වචන සුළුකර, උන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ට නින්දාකළෝය.
ඔහු රාත්‍රියේදී මෝසෙස්ද ආරොන්ද කැඳවා: නැගිට මාගේ සෙනඟ කෙරෙන් නුඹලාත් ඉශ්‍රායෙල් පුත්‍රයොත් නික්ම ගොස් නුඹලා කී ලෙස ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න.
ස්වාමීන්වහන්සේගේ වචනය නොසැලකූ තැනැත්තේ තමාගේ වැඩකාරයන්ද සිව්පාවුන්ද කෙතෙහි සිටින්ට හැරියේය.
ඒ නිසා නුඹලාගේ බැඳුම් තද නොවන පිණිස නින්දාකරන්නෝ නොවෙන්න. මක්නිසාද මුළු දේශයට විරුද්ධව විනාශයක් නියමකර තිබෙන බව මම සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේගෙන් ඇසීමි.
අහෝ ස්වාමීන්වහන්ස, ඔබ මා පෙළඹූවූසේක, මම පෙළඹුනෙමි. ඔබ මට වඩා බලවත්ව ජයගත්සේක. මම සෑමදාම කවටකමක්ව සිටිමි, සියල්ලෝම මට කවටකම්කරති.
යෙරෙමියා මුළු සෙනඟට ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු ලවා ඔවුන්ට කියා ඇරියාවූ ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු වචන වන ඒ සියලු වචන කියා තීන්දුවුණු විට,
හෝෂායාගේ පුත්‍රවූ අසරියාද කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද උඩඟුවූ සියලු මනුෂ්‍යයෝද යෙරෙමියාට කථාකොට: නුඹ බොරු කියන්නෙහිය. මිසරයෙහි පොරොත්තුව සිටීමට එහි යන්ට එපායයි කියන්ට අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ එවුවා නොව,
බබිලෝනිය කෙරෙන් පලා ගොස් නුඹලා එකිනෙකා තම තමාගේ ප්‍රාණය ගළවාගන්න; ඇගේ අයුතුකමෙන් නාස්ති නොවෙන්න. මක්නිසාද මෙය ස්වාමීන්වහන්සේගේ පළිගැනීමේ කාලයය; උන්වහන්සේ ඈට ප්‍රතිඵලදෙනසේක.
එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! ඔහු උපමා කථාකරන කෙනෙක් නොවේදැයි ඔව්හු මා ගැන කියතියි කීයෙමි.
එවිට ඔහු සභාවට කථාකර: මේ දුෂ්ට මනුෂ්‍යයන්ගේ සියලු පාපවලින් විනාශ නොවෙන පිණිස ඔවුන්ගේ කිසිදෙයකට අතනොගසා ඔවුන්ගේ කූඩාරම් වෙතින් අහක් වෙන්නැයි කීවේය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උත්පත්තිය මෙසේ විය. උන්වහන්සේගේ මවුවූ මරියා යෝසෙප්ට විවාහබස් දී සිටියදී, ඔවුන් එක්වෙන්ට පළමුවෙන්, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ඈ ගර්භිණීවූ බව දැනගන්නාලදී.
ඔහු එද්දීම යක්ෂයා ඔහු බිම හෙළා, ඔහුට බොහෝසේ පීඩාකෙළේය. නුමුත් යේසුස්වහන්සේ අශුද්ධාත්මයට තරවටුකොට, ළමයා සුවකර, ඔහු පියාට නැවත භාරදුන්සේක.
මළවුන්ගෙන් නැගිටීම ගැන ඔවුන් ඇසූ කල, සමහරු සරදම්කළෝය; සමහරෙක්: මේ ගැන අපි නැවතත් නුඹ කියන දේ අසන්නෙමුයයි කීවෝය.
සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.