Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 9:42 - Sinhala Revised Old Version

42 ඔහු එද්දීම යක්ෂයා ඔහු බිම හෙළා, ඔහුට බොහෝසේ පීඩාකෙළේය. නුමුත් යේසුස්වහන්සේ අශුද්ධාත්මයට තරවටුකොට, ළමයා සුවකර, ඔහු පියාට නැවත භාරදුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 ඒ දරුවා එද්දී ම, දුෂ්ටාත්මය ඔහු බිම හෙළාදමා, දැඩි ලෙස ඔහු සලිත කෙළේ ය. එහෙත්, ජේසුස් වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට, දරුවාට සුවය දී, ඔහු පියාට භාර දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

42 ළමයා එද්දී ද යක්ෂාත්මය ඔහු වෙවුලවා බිම හෙළී ය. එහෙත් යේසුස්වහන්සේ අපවිත්‍ර ආත්මයට තරවටු කොට, දරුවා සුව කර, ඔහුගේ පියාට ඔහු බාර දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 ඒ දරුවා එද්දී ම, දුෂ්ටාත්මය ඔහු බිම හෙළාදමා, දැඩි ලෙස ඔහු සලිත කෙළේ ය. එහෙත්, ජේසුස් වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට, දරුවාට සුවය දී, ඔහු පියාට භාර දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 9:42
12 හුවමාරු යොමු  

එවිට මළාවූ ඔහු නැගිට හිඳ කථාකරන්ට පටන්ගත්තේය. උන්වහන්සේ ඔහුගේ මෑණියන්ට ඔහු භාරදුන්සේක.


එබැවින් ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්‍රීතිවෙන්න. ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේයයි ස්වර්ගයෙහි කියන මහත් හඬක් මට ඇසුණේය.


ආත්මයක් ඔහුට ආවේශවේ, ඔහුද හදිසියෙන් මොරගසයි; ඒ ආත්මය ඔහුට පීඩා කොට, වෙවුලවා, පෙණදම්මවා, බොහෝ තුවාලකොට, අමාරුවෙන් ඔහුගෙන් අහක්වයයි.


එවිට ඔව්හු උන්වහන්සේ ළඟට ඔහු ගෙනාවෝය. ඔහු උන්වහන්සේ දුටු කෙණෙහිම ආත්මය ඔහු තදින් වෙවුලෙවුවේය; ඔහු බිම වැටී, පෙණදමමින්, පෙරළි පෙරළී හුන්නේය.


ඔහු ගෙහාසී කැඳවා: ඒ ෂුනෙම්මිය ස්ත්‍රියට අඬගසන්නැයි කීවේය. ඔහු ඈට අඬගැසුවේය. ඈ ඔහු ළඟට ආ කල: නුඹේ පුත්‍රයා අරගන්නැයි ඔහු කීවේය.


ඔහු ඈට අත දී, නැගුටුවා, ශුද්ධවන්තයන්ද වැන්දඹුවන්ද කැඳවා, ජීවත්වූ ඈ ඔවුන්ට භාරදුන්නේය.


එලියා ළමයා රැගෙන උඩුමහලින් ගෙට ගෙනැවිත් ඔහුගේ මවුට දී: මෙන්න, නුඹේ පුතා ජීවත්ව සිටීයයි කීවේය.


යේසුස්වහන්සේ උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැත්තාවූ හිතුවක්කාර පරම්පරාව, මම කොපමණ කල් නුඹලා සමඟ සිට නුඹලා ගැන ඉවසම්ද? නුඹේ පුත්‍රයා මෙහි ගෙනෙන්නැයි කීසේක.


ඔවුන් සියල්ලෝම දෙවියන්වහන්සේගේ මහන්තත්වය ගැන විස්මයට පත්වූවෝය. උන්වහන්සේ විසින් කළ සියලු දේ ගැන සියල්ලන්ම පුදුමව සිටියදී, උන්වහන්සේ තමන් ගෝලයන්ට කථාකොට:


ඔව්හු ගවුවක් පමණ පැදගෙන ගිය කල, යේසුස්වහන්සේ ඔරුව ළඟට මුහුද පිට පයින් එනවා දැක භයවූවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්