Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 16:26 - Sinhala Revised Old Version

26 එවිට ඔහු සභාවට කථාකර: මේ දුෂ්ට මනුෂ්‍යයන්ගේ සියලු පාපවලින් විනාශ නොවෙන පිණිස ඔවුන්ගේ කිසිදෙයකට අතනොගසා ඔවුන්ගේ කූඩාරම් වෙතින් අහක් වෙන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 මෙසේ ගොස්, ඔහු සෙනඟට කතා කොට, “කරුණාකර මේ අදමිටුන්ගේ කූඩාරම්වලින් අහකට යන්න. ඔවුන් සතු කිසිවකට අත නොතබන්න. එසේ කළොත් ඔවුන්ගේ පාපයන් නිසා නුඹලාත් වැනසෙනු ඇතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 මෙසේ ගොස්, ඔහු සෙනඟට කතා කොට, “කරුණාකර මේ අදමිටුන්ගේ කූඩාරම්වලින් අහකට යන්න. ඔවුන් සතු කිසිවකට අත නොතබන්න. එසේ කළොත් ඔවුන්ගේ පාපයන් නිසා නුඹලාත් වැනසෙනු ඇතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:26
13 හුවමාරු යොමු  

පිටත්වෙන්න, පිටත්වෙන්න, ඔතනින් පිටතට යන්න, කිසි අපවිත්‍ර දෙයකට අත නොගසා, ඈ තුළින් පිටතට යන්න; ස්වාමීන්වහන්සේගේ භාණ්ඩ දරන්නෙනි, පිරිසිදුව සිටින්න.


තවද: මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව එන්නැයි කියන වෙන හඬක් ස්වර්ගයෙන් මට ඇසුණේය.


එබැවින්– නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළිගෙන,


ඉක්මන්වී කිසිවෙකු කෙරෙහි අත් නොතබන්න, අනුන්ගේ පාපවලට පංගුකාරයෙක්ද නොවෙන්න.


එහෙත් ඔව්හු තමුන්ගේ පාදවල ධූලි ඔවුන්ට විරුද්ධව ගසා දමා, ඉකෝනියට පැමිණියෝය.


නුමුත් පේතෘස් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගන්ට නුඹ සිතූ බැවින් නුඹේ මිල නුඹ සමඟ විනාශවේවා.


විනාශයට කැපකරනලද දේවලින් කිසිවක් නුඹේ අතෙහි නොඇලේවා. මෙසේ මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා නුඹ පවත්වමින් උන්වහන්සේට හරිව පෙනෙන දේ කරන පිණිස,


කවරෙක් නුමුත් නුඹලා පිළිගන්නේවත් නුඹලාගේ වචන අසන්නේවත් නැත්නම්, ඒ ගෙදරින් හෝ නුවරින් හෝ පිටත්ව යන කල නුඹලාගේ පාදවල ධූලි ගසාදමන්න.


ඔවුන් පිටතට ගෙනා කල්හි උන්වහන්සේ කථාකොට: නුඹේ ප්‍රාණය ගළවාගන්ට දුවන්න; ආපසු නොබලන්න. සමභූමියෙහි කොතැනවත් නැවතී නොසිටින්න; නාස්තිනොවන පිණිස කන්දට දුවන්නැයි කීසේක.


එවිට මෝසෙස් නැගිට දාතාන් හා අබීරාම් ළඟට ගියේය; ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලෝද ඔහු පස්සේ ගියෝය.


බබිලෝනිය කෙරෙන් පලා ගොස් නුඹලා එකිනෙකා තම තමාගේ ප්‍රාණය ගළවාගන්න; ඇගේ අයුතුකමෙන් නාස්ති නොවෙන්න. මක්නිසාද මෙය ස්වාමීන්වහන්සේගේ පළිගැනීමේ කාලයය; උන්වහන්සේ ඈට ප්‍රතිඵලදෙනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්