Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 20:49 - Sinhala Revised Old Version

49 එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! ඔහු උපමා කථාකරන කෙනෙක් නොවේදැයි ඔව්හු මා ගැන කියතියි කීයෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

49 එහෙත්, මම කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එසේ කරන්න මට නොසැලැස්සුව මැනව; මා ප්‍රහේලිකා මඟින් කතා කරති යි සියලු දෙනා දැනට ම පැමිණිලි කරති”යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

49 එහෙත්, මම කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එසේ කරන්න මට නොසැලැස්සුව මැනව; මා ප්‍රහේලිකා මඟින් කතා කරති යි සියලු දෙනා දැනට ම පැමිණිලි කරති”යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 20:49
10 හුවමාරු යොමු  

මේ දේ උපමාවලින් නුඹලාට කථාකෙළෙමි. නුමුත් උපමාවලින් තවත් නුඹලාට කථා නොකොට පැහැදිලිලෙස පියාණන්වහන්සේ ගැන නුඹලාට දන්වන්නාවූ කාලය පැමිණෙන්නේය.


එපිකුරීය සහ ස්තෝයික පණ්ඩිතයන්ගෙන් සමහරෙක්ද ඔහුට මුණගැසුණෝය. සමහරෙක්ද: මේ වාචාලයා මක්කියන්ට හදනවාදැයි කීවෝය. තව සමහරෙක්: ඔහු අන් දේවතාවන් ප්‍රකාශ කරන්නෙකු මෙන් පෙනේයයි කීවෝය. මෙසේ කීවේ ඔහු යේසුස්වහන්සේ හා මළවුන්ගෙන් නැගිටීම ප්‍රකාශකළ බැවින්ය.


මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්‍රායෙල් වංශයට තේරවිල්ලක්ද උපමාවක්ද කියමින්–


එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! මාගේ ප්‍රාණය අපවිත්‍ර නොවීය. මාගේ බාලවයසේ පටන් දැන් දක්වාම කුණපවත් මෘගයන් විසින් ඉරාදැමූ සතෙක්වත් නොකෑවෙමි; පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නොවීයයි කීමි.


මනුෂ්‍ය පුත්‍රය, කැරළිකාර වංශය වන ඉශ්‍රායෙල් වංශය–නුඹ මක්කරනවාදැයි නුඹට කීවා නොවේද?


ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


කැරළිකාර වංශයට උපමාවක් කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න–හැළිය ලිපේ තබන්න; ඒක තබා වතුරත් එහි වත්කරන්න.


නුඹේ සෙනඟගේ පුත්‍රයන් නුඹට කථාකොට: මේවායින් නුඹ හඟවන්නේ කිමෙක්ද කියා නුඹ අපට නොදන්වන්නෙහිදැයි නුඹෙන් ඇසුවාම,


ඇරත් මම ප්‍රොපේතවරුන්ට කථාකොට, මමම බොහෝ දර්ශන පෙන්වා, ප්‍රොපේතවරුන් කරණකොටගෙන උපමා භාවිතාකෙළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්