Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 9:21 - Sinhala Revised Old Version

21 ස්වාමීන්වහන්සේගේ වචනය නොසැලකූ තැනැත්තේ තමාගේ වැඩකාරයන්ද සිව්පාවුන්ද කෙතෙහි සිටින්ට හැරියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එහෙත්, සමිඳාණන් වහන්සේගේ වචනය නොතැකූ අය තම වහලුන් හා ගවසම්පත කෙත්වල ම සිටින්නට හැරියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එහෙත්, සමිඳාණන් වහන්සේගේ වචනය නොතැකූ අය තම වහලුන් හා ගවසම්පත කෙත්වල ම සිටින්නට හැරියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 9:21
11 හුවමාරු යොමු  

ඔහු මට කථාකොට: දානියෙල්, භය නොවන්න; මක්නිසාද නුඹ තේරුම්ගන්ටත් නුඹේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටත්වෙන්ටත් නුඹේ සිත යොමුකරගත් පළමුවෙනිදා සිට නුඹේ වචන අසනු ලැබීය. මමද නුඹේ වචන නිසා ආවෙමි.


ඒ මනුෂ්‍යයා මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නුඹේ ඇස්වලින් බලා, නුඹේ කන්වලින් අසා, මා නුඹට පෙන්වන සියල්ලට නුඹේ සිත යොමුකරන්න; මක්නිසාද නුඹ මෙහි පැමිණෙවුවේ ඒවා නුඹට පෙන්වන පිණිසය. නුඹ දකින සියල්ල ඉශ්‍රායෙල් වංශයට දන්වන්න කීවේය.


එවිට මම බලා හොඳින් සිතට ගත්තෙමි; මම ඒ දැක ගුරුකම් ලැබීමි.


උන්වහන්සේ තමන් සිත මනුෂ්‍යයා දෙසට යොමුකොට, ඔහුගේ ආත්මයද හුස්මද තමන් වෙතට එකතුකරගත්තොත්,


ඔබ විසින් මනුෂ්‍යයා උසස්කරන්ටත්, ඔහු කෙරෙහි ඔබගේ සිත තබන්ටත්,


ඉතින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට නුඹලාගේ සිතත් ආත්මයත් යොමුකරන්න; ස්වාමීන්වහන්සේගේ නාමයට ගොඩනගන්ට තිබෙන ගෘහය තුළට ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද දෙවියන්වහන්සේගේ ශුද්ධ භාණ්ඩද ගෙනයන පිණිස නැගිට දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය ගොඩනගන්නැයි කීවේය.


ඈ මැරෙන වේලාවේ ඈ ළඟ සිටි ස්ත්‍රීහු කථාකොට: භයනොවන්න; නුඹ පුත්‍රයෙකු බිහිකළායයි ඈට කීවෝය. නුමුත් ඈ උත්තර දුන්නේවත් සැලකුවේවත් නැත.


ඵාරාවෝ මේකවත් හිතට නොගෙන තමන් ගෙට හැරී ගියේය.


ඵාරාවෝගේ සේවකයන් අතරෙන් ස්වාමීන්වහන්සේගේ වචනයට භයවූ තැනැත්තේ තමාගේ මෙහෙකරුවන්ද සිව්පාවුන්ද ගෙවලට පලායන්ට සැලැස්විය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මිසර දේශය මුළුල්ලෙහි මනුෂ්‍යයන් පිටටත් මෘගයන් පිටටත් මුළු මිසර දේශයෙහි කෙතේ සියලු පලා ජාති පිටටත් ගල් වර්ෂාව වසින පිණිස අහස දෙසට නුඹේ අත දිගුකරන්නැයි කීසේක.


නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්