Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 19:14 - Sinhala New Revised Version

14 ලොත් ද පිටතට ඇවිත්, තමාගේ දූවරුන් සරණ පාවා ගන්නට සිටි බෑණාවරුන්ට කතා කොට, “කඩිනමින් මෙතැනින් ඉවතට යන්න, සමිඳාණන් වහන්සේ මේ නුවර විනාශ කිරීමට යන සේකැ”යි කී ය. එහෙත්, එය ඔහුගේ විහිළුවකැ යි බෑණාවරු සිතූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ලොත් ද පිටතට ඇවිත්, තමාගේ දූවරුන් සරණ පාවා ගන්නට සිටි බෑණාවරුන්ට කතා කොට, “කඩිනමින් මෙතැනින් ඉවතට යන්න, සමිඳාණන් වහන්සේ මේ නුවර විනාශ කිරීමට යන සේකැ”යි කී ය. එහෙත්, එය ඔහුගේ විහිළුවකැ යි බෑණාවරු සිතූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 ලොත් පිටතට ගොස් තමාගේ දූවරුන් සරණ පාවාගත් බෑනාවරුන්ට කථාකරමින්: නැගිට මේ ස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ නුවර විනාශකරන්ට යනසේකැයි කීවේය. එහෙත් ඔහු සරදම්කරන්නෙකු මෙන් තම බෑනාවරුන්ට පෙනුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 19:14
26 හුවමාරු යොමු  

“සැණෙකින් මා මොවුන් වනසාලන්නට යන බැවින් මේ ජනතාවගෙන් අහකට යන්නැ”යි වදාළ සේක.


“සැණෙකින් මම මොවුන් වනසාලන්නට යමි. එබැවින් මේ ජනතාවගෙන් ඉවතට යන්නැ”යි වදාළ සේක. ඔව්හු මුණින්තලා වැටුණාහ.


ඇගේ දඬුවමට නුඹ ගොදුරු නොවී යන්න. ඇයට නියම විපාකය දෙන සමිඳාණන්ගේ දඬුවම් දීමේ දවස දැන් පැමිණ තිබේ.


මෙසේ ගොස්, ඔහු සෙනඟට කතා කොට, “කරුණාකර මේ අදමිටුන්ගේ කූඩාරම්වලින් අහකට යන්න. ඔවුන් සතු කිසිවකට අත නොතබන්න. එසේ කළොත් ඔවුන්ගේ පාපයන් නිසා නුඹලාත් වැනසෙනු ඇතැ”යි කීවේ ය.


මෙසේ පණිවුඩකාරයෝ එප්‍රායිම් සහ මනස්සේ රට මුළුල්ලෙහි සාබුලොන් දක්වා ම නුවරින් නුවරට ගියෝ ය. එහෙත්, මිනිස්සු ඔවුන්ට සිනාසී සරදම් කළහ.


මළවුන්ගෙන් උත්ථාන වීම ගැන ඔවුන්ට ඇසුණ කල, සමහරු සරදම් කළහ. සමහරු, “මේ ගැන ඔබ කියන දේ අපි නැවත වරක් අසන්නෙමු”යි කී හ.


මෙ‍පුවත ඔවුන්ට ප්‍රලාපයක් සේ පෙනී ගියෙන්, ඔව්හු ඔවුන්ගේ කීම විශ්වාස නොකළහ.


නළාකාරයන් ද ඝෝෂා කරමින් සිටි සමූහයා ද දැක, “අහකට යන්න; දැරිය මැරී නැත; ඈ නිදන්නී යැ”යි වදාළ සේක. එවිට ඔව්හු උන් වහන්සේට සරදම් කළහ.


එහෙත්, මම කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එසේ කරන්න මට නොසැලැස්සුව මැනව; මා ප්‍රහේලිකා මඟින් කතා කරති යි සියලු දෙනා දැනට ම පැමිණිලි කරති”යි කීවෙමි.


අහෝ සමිඳුනි! ඔබ තුමාණෝ මා මුළා කළ සේක. මම ද මුළා වීමි. ඔබ තුමාණෝ මට වඩා බලවන්ත ය. ඔබ තුමාණෝ මා පරාජයට පත් කළ සේක. දවස පුරා සියල්ලෝ මට කවටකම් කරති. ඔව්හු මට උසුළු-විසුළු කරති.


මා ඔබට දෙන අනතුරු ඇඟවීම් ගැන ඉතින් සරදම් නොකරන්න. ඔබේ අත්අඩංගු තවත් තද වනු ඇත. මුළු දේශය විනාශ කිරීමට සව් බලැති සමිඳුන් කර ඇති තීරණය මා අසා ඇත.


බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත; එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි.


එහෙත්, පිළියමක් නැති තරමට සමිඳාණන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධ ව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන්ට සරදම්කර, උන් වහන්සේගේ වචන සුළුකර උන් වහන්සේගේ දිවැසිවරුන්ට නින්දා කළෝ ය.


‘සාමය ඇත; අනතුරක් නැතැ’යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත.


ඒ දරුවා එද්දී ම, දුෂ්ටාත්මය ඔහු බිම හෙළාදමා, දැඩි ලෙස ඔහු සලිත කෙළේ ය. එහෙත්, ජේසුස් වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට, දරුවාට සුවය දී, ඔහු පියාට භාර දුන් සේක.


ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටිය දී, ඔවුන් එක් වන්න පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී.


එවිට පාරාවෝ රාත්‍රියේ දී ම මෝසෙස් හා ආරොන් කැඳවා, “නුඹලා සහ ඉශ්රායෙල් ජනයා නැඟිට, මාගේ සෙනඟ කෙරෙන් පලා ගොස්, නුඹලා කී පරිදි සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්න.


එහෙත්, සමිඳාණන් වහන්සේගේ වචනය නොතැකූ අය තම වහලුන් හා ගවසම්පත කෙත්වල ම සිටින්නට හැරියෝ ය.


කඩිනම් කරන්න. ගැළවීමට එහි දුවන්න. ඔබ එහි පැමිණෙන තෙක් මට කිසිවක් කළ නොහැකි ය”යි කී ය. මෙලෙස ‘සුළු’ යන අර්ථයෙන් ඒ නගරයට ශොවර් යන නම කියන ලදී.


නුවරින් පිටතට ඔවුන් ගෙන ගිය පසු, එක දූතයෙක් ඔවුන්ට කතා කොට, “දැන් පණ බේරාගෙන ගැළවී යන්න; ආපසු නොබලන්න. මිටියාවතේ කිසි තැනක නොනවතින්න; නොමැරෙන පිණිස කඳුකරයට පලා යන්නැ”යි කී ය.


පහන් වූ කල දූතයෝ ලොත් ඉක්මන් කරවමින්, “ඔබේ භාර්යාව ද මෙහි සිටින ඔබේ දූවරුන් දෙදෙනා ද රැගෙන හනික පිටතට යන්න. එසේ නොකළොත් මේ නුවර වනසාලීමේ දී ඔබත් මැරී යත හැකි ය”යි කී හ.


සෙනඟගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාළ සියලු වචන උන් වහන්සේගේ සෙනඟට කියන පිණිස යවනු ලැබූ ජෙරමියා, ඒ සියලු වචන මුළු සෙනඟට ප්‍රකාශ කර නිම කෙළේ ය.


එකල හෝෂායාගේ පුත් අසරියා ද කාරේයාගේ පුත් ජොහානාන් ද උඩඟු වූ අනෙක් සියලු මනුෂ්‍යයෝ ද ජෙරමියාට කතා කොට, “ඔබ බොරු කියන්නෙහි ය. මිසරයෙහි ජීවත් වන්නට එහි නොයන්නැ යි කියන පිණිස අපේ දෙවි ස්වාමීන් වහන්සේ අප වෙත ඔබ එව්වේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්