මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න.
උත්පත්ති 17:4 - Sinhala Revised Old Version බලව, මාගේ ගිවිසුම නුඹ සමඟය; නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහිය. Sinhala New Revised Version “මා නුඹ සමඟ පිහිටුවන මාගේ ගිවිසුම නම් මේ ය; නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහි ය. Sinhala New Revised Version 2018 “මා නුඹ සමඟ පිහිටුවන මාගේ ගිවිසුම නම් මේ ය; නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහි ය. |
මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න.
නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිකරන්නෙමි. එසේ හෙයින් මනුෂ්‍යයෙකුට පොළොවේ ධූලි ගණන්කරන්ට පුළුවන්නම් නුඹේ වංශයත් ගණන් කළ හැකි වන්නේය.
තවද ස්වාමීන්වහන්සේගේ දූතයා: නුඹේ වංශය ගණන්කළ නොහැකි තරම් සමූහයක් වන පිණිස බොහෝසෙයින් වැඩිකරන්නෙමියි ඈට කීසේක.
මම ඒකාන්තයෙන්ම නුඹට ආශීර්වාද කරන්නෙමි, අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරෙළහි වැලි මෙන්ද නුඹේ වංශය බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමිකරගන්නේය;
ස්වාමීන්වහන්සේ: නුඹේ කුසේ ජාති දෙකක් සිටිති, සෙනඟ දෙ වර්ගයක් නුඹේ උදරයෙන් බෙදී යන්නෝය. එක් සෙනඟක් අනික් සෙනඟට වඩා බලවත් වන්නේය; වැඩිමලා බාලයාට මෙහෙකරන්නේයයි ඈට කීසේක.
සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේ නුඹට ආශීර්වාදකර නුඹ සෙනඟ රාශියක් වන පිණිස නුඹ සඵලකොට නුඹ වැඩිකරනසේක්වා;
ඒකාන්තයෙන් මම නුඹට යහපත කර නුඹේ වංශය ගණන් කළ නොහැකි තරමට මුහුදේ වැලි මෙන් වැඩිකරන්නෙමියි ඔබවහන්සේ කීසේකැයි කීවේය.
තවද දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය. සඵලවෙමින් වර්ධනය වෙන්න; නුඹෙන් ජාතියක්ද ජාති සමූහයක්ද ඇතිවන්නෝය, නුඹේ කටියෙන් රජවරු නික්මෙන්නෝය;
ඔහුගේ පියා ඊට කැමතිනොවී: මම දනිමි, මාගේ පුත්‍රය, මම දනිමි. ඔහුද සෙනඟක් වන්නේය, ඔහුද උත්තම වන්නේය. එසේ වුවත් ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා උතුම් වන්නේය, ඔහුගේ වංශයද ජාති සමූහයක් වන්නේයයි කීය.
ඔවුන් විදේශීව සිටියාවූ ඔවුන්ගේ පොරොත්තුව සිටීමේ රට වූ කානාන් දේශය ඔවුන්ට දෙන පිණිස ඔවුන් සමඟ මාගේ ගිවිසුමද පිහිටෙවුවෙමි.