Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 17:5 - Sinhala Revised Old Version

5 නුඹේ නාමය තවත් ආබ්‍රම්යයි කියනු නොලබන්නේය, නුඹේ නාමය ආබ්‍රහම් වන්නේය; මක්නිසාද මම නුඹ බොහෝ ජාතීන්ගේ පියා කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මින්පසු නුඹේ නාමය ‘උතුම් පියා’ යන අර්ථය ඇති ආබ්‍රම් නොව ‘ජාතීන්ගේ පියාණෝ’ යන අර්ථය ඇති ‘ආබ්‍රහම්’ යයි කියනු ලබන්නේ ය. මන්ද, මා නුඹ බොහෝ ජාතීන්ගේ පියා කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මින්පසු නුඹේ නාමය ‘උතුම් පියා’ යන අර්ථය ඇති ආබ්‍රම් නොව ‘ජාතීන්ගේ පියාණෝ’ යන අර්ථය ඇති ‘ආබ්‍රහම්’ යයි කියනු ලබන්නේ ය. මන්ද, මා නුඹ බොහෝ ජාතීන්ගේ පියා කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 17:5
16 හුවමාරු යොමු  

ඔබ වනාහි ආබ්‍රම් තෝරාගෙන, ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරින් ඔහු ගෙනවුත්, ආබ්‍රහම් යන නම ඔහුට තැබුවාවූ දෙවිවූ ස්වාමීන්වහන්සේය;


තවද දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට කථාකොට: නුඹේ භාර්යාවවූ සාරයිට වනාහි සාරයි යන නාමය නොකියව, ඇගේ නාමය සාරා වන්නේය.


යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.


ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් සැඟවී තිබෙන මන්නාවලින් දෙන්නෙමි, ලබන්නා මිස වෙන කිසිවෙක් නොදන්න අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද ඔහුට දෙන්නෙමි.


(නුඹ බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමියි ලියා තිබෙන ලෙස) ආබ්‍රහම් තමා විශ්වාසකළාවූ, මළවුන් ජීවත්කරන්නාවූ, නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්නාවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ගේ පියාණෝය.


පසුවදා පෂ්හූර් යෙරෙමියා දඬුකඳේන් නිදහස්කළ විට යෙරෙමියා ඔහුට කථාකොට: නුඹට පෂ්හූර් නොව මාගොර්-මිස්සාබිබ්යයි ස්වාමීන්වහන්සේ නම් තබා තිබේ.


ඔහු යේසුස්වහන්සේ ළඟට සීමොන් කැඳවාගෙන ආවේය. යේසුස්වහන්සේ ඔහු දෙස බලා: නුඹ යොහන්ගේ පුත්‍රවූ සීමොන්ය. නුඹට කේපස්ය කියනු ලබන්නේයයි කීසේක. (එහි අර්ථය නම් පේතෘස්ය.)‍


උන්වහන්සේගේ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, ඉශ්‍රායෙල්ද සුවසේ වසන්නේය. අපේ ධර්මිෂ්ඨකමවූ ස්වාමීන්වහන්සේය යන නාමය උන්වහන්සේට කියනු ලබන්නේය.


නුඹලාගේ නාමය ශාපයක් පිණිස මාගේ තෝරාගත්තවුන්ට නුඹලා තබා යන්නහුය, ස්වාමිවූ දෙවියන්වහන්සේ නුඹ නසා තමන්ගේ මෙහෙකරුවන්ට වෙන නාමයක් තබනවා ඇත.


උන්වහන්සේ අනාගතවක්තෘවූ නාතාන් අත කියා හැරියසේක, ස්වාමීන්වහන්සේ නිසා ඔහුට යෙදීදියා යන නම තබන ලද්දේය.


දේශය සෝදිසි කරන පිණිස මෝසෙස් යැවූ මනුෂ්‍යයන්ගේ නාමවල් මේය. මෝසෙස් නූන්ගේ පුත්‍රවූ හෝෂෙයාට යෝෂුවායයි නම්තැබුවේය.


දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ නම යාකොබ්ය. මින්මතු නුඹේ නාමය යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි කීසේක. උන්වහන්සේ ඔහුට ඉශ්‍රායෙල් යයි නම්තැබූසේක.


යාකොබ්ද: ඔබගේ නාමය මට කිවමැනවයි ඉල්ලුවේය. උන්වහන්සේ: නුඹ කුමක්හෙයින් මාගේ නාමය විචාරනවාදැයි කියා එහිදී ඔහුට ආශීර්වාද කළසේක.


තේරා සහ ආබ්‍රම් (එනම් ආබ්‍රහම්)ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්