Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 32:12 - Sinhala Revised Old Version

12 ඒකාන්තයෙන් මම නුඹට යහපත කර නුඹේ වංශය ගණන් කළ නොහැකි තරමට මුහුදේ වැලි මෙන් වැඩිකරන්නෙමියි ඔබවහන්සේ කීසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඇරත්, ‘මම ඔබට ඇත්තෙන් ම ඉසුරු සලසන්නෙමි, ඔබේ පෙළපත ද මුහුදේ වැලි මෙන් ගණනින් විශාල වන ලෙස වැඩි කරන්නෙමි’ කියා ද ඔබ වහන්සේ වදාළ සේකැ”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඇරත්, ‘මම ඔබට ඇත්තෙන් ම ඉසුරු සලසන්නෙමි, ඔබේ පෙළපත ද මුහුදේ වැලි මෙන් ගණනින් විශාල වන ලෙස වැඩි කරන්නෙමි’ කියා ද ඔබ වහන්සේ වදාළ සේකැ”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 32:12
14 හුවමාරු යොමු  

ඒ නිසා දෙවියන්වහන්සේ පොරොන්දුවේ උරුමක්කාරයන්ට තමන්වහන්සේගේ අභිප්‍රාය වෙනස් නොවන බව බොහෝසෙයින්ම පෙන්වන්ට කැමතිව දිවුරුමකින් මැදහත්වූසේක.


අපේ ගැළවුම්කාරයා වන දෙවියන්වහන්සේගේ ආඥාව ලෙස මට භාරදෙනලද පණිවිඩයෙන් තමන්වහන්සේගේ වචනය ප්‍රකාශකිරීමෙන් නියම කාලවලදී එළිදරව්කළාවූ සදාකාල ජීවනයේ බලාපොරොත්තුව සඳහා,


අප අවිශ්වාසවුණත් උන්වහන්සේ විශ්වාසව සිටිනසේක. මක්නිසාද තමන්වහන්සේගේ වචනය බොරුකරන්ට උන්වහන්සේට බැරිය.


අහසත් පොළොවත් පහවන්නේය, නුමුත් මාගේ වචන පහ නොවන්නේය.


මම ඒකාන්තයෙන්ම නුඹට ආශීර්වාද කරන්නෙමි, අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරෙළහි වැලි මෙන්ද නුඹේ වංශය බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමිකරගන්නේය;


ඇරත් ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණෝ බොරු නොකියනසේක, නොතැවෙනසේක. මක්නිසාද තැවෙන්ට උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේයයි කීවේය.


බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?


ඔබගේ මෙහෙකරුවන්වූ ආබ්‍රහම්ද ඊසාක්ද ඉශ්‍රායෙල්ද සිහිකළ මැනව, ඔබ ඔබවහන්සේ ගැනම ඔවුන්ට දිවුරමින්: නුඹලාගේ වංශය අහසේ තාරකා මෙන් බෝකොට මා කීවාවූ මේ මුළු දේශය නුඹලාගේ වංශයට දෙන්නෙමි, ඔව්හු එය සදාකාලේටම උරුමකරගන්නෝයයි ඔබ කීසේකැයි කීවේය.


පණිවිඩකාරයෝ යාකොබ් වෙතට හැරී අවුත්: අපි ඔබගේ සහෝදරවූ ඒසව් වෙත ගියෙමුව, තවද ඔහු මිනිසුන් හාරසියයක් සමඟ ඔබ සම්බවෙන පිණිස එන්නේයයි කීවෝය.


එහෙයින් මළ කෙනෙකු වැනි එක තැනැත්තෙකුගෙන් පවා ගණනින් අහසේ තාරකා මෙන්ද ගණන්කළ නොහැකි මුහුදු වෙරෙළ් වැලි මෙන්ද වූ සමූහයක් හටගත්තේය.


යූදාවරු ද ඉශ්‍රායෙල්වරු මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධිකව සිටියෝය, ඔව්හු කමින් බොමින් ප්‍රීතිවෙමින් පසුවූහ.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන මනින්ටවත් ගණින්ටවත් බැරිවූ මුහුදේ වැලි මෙන් වන්නේය. තවද: නුඹලා මාගේ සෙනඟ නොවේයයි ඔවුන්ට කියන ස්ථානයේ දීම-ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි ඔවුන්ට කියනු ලැබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්