Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 25:23 - Sinhala Revised Old Version

23 ස්වාමීන්වහන්සේ: නුඹේ කුසේ ජාති දෙකක් සිටිති, සෙනඟ දෙ වර්ගයක් නුඹේ උදරයෙන් බෙදී යන්නෝය. එක් සෙනඟක් අනික් සෙනඟට වඩා බලවත් වන්නේය; වැඩිමලා බාලයාට මෙහෙකරන්නේයයි ඈට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 සමිඳාණන් වහන්සේ ඈට කතා කොට මෙසේ වදාළ සේක: “ජාතීන් දෙකක් ඔබ කුස තුළ ඇත; දෙවර්ගයක සෙනඟක් ඔබ කුසෙන් බෙදී නික්මෙති. එක සෙනඟක් අනිකට වඩා බලවත් වෙති; වැඩිමලා බාලයාට මෙහෙ කරනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 සමිඳාණන් වහන්සේ ඈට කතා කොට මෙසේ වදාළ සේක: “ජාතීන් දෙකක් ඔබ කුස තුළ ඇත; දෙවර්ගයක සෙනඟක් ඔබ කුසෙන් බෙදී නික්මෙති. එක සෙනඟක් අනිකට වඩා බලවත් වෙති; වැඩිමලා බාලයාට මෙහෙ කරනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 25:23
33 හුවමාරු යොමු  

නුඹේ කඩුව කරණකොටගෙන ජීවත්වන්නෙහිය, නුඹේ සහෝදරයාට මෙහෙකරන්නෙහිය; තවද නුඹ නිදහසට පැමුණුණාම ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන් ගසා දමන්නෙහියයි ඔහුට කීවේය.


මනුෂ්‍ය වර්ගයෝ නුඹට සේවය කෙරෙත්වා, ජාතීහු නුඹ බැහැදකිත්වා. නුඹේ සහෝදරයන් කෙරෙහි ස්වාමියෙක් වෙන්න, නුඹේ මෑණියන්ගේ පුත්‍රයෝ නුඹ බැහැදකිත්වා. නුඹට ශාපකරන සියල්ලෝ ශාප කරනු ලබත්වා, නුඹට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාද කරනු ලබත්වයි කීය.


ඔහු ඒදොම්හි හැම තැනම මුරකාර සමුදාවල් තැබුවේය, සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජයදුන්සේක.


ඔහු ඒදොම්හි මුර හමුදාවල් තැබුවේය; සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූවෝය. දාවිත් ගිය ගිය තැන ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.


ඔව්හු රෙබෙකාට ආශීර්වාදකරමින්: අපගේ සහෝදරිය, නුඹ දහස්වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙන්න, නුඹේ වංශය තමන්ට වෛරකරන්නවුන්ගේ දොරටුව හිමිකර ගනීවයි කීවෝය.


මම ඈට ආශීර්වාදකරන්නෙමි, තවද ඇගෙන් නුඹට පුත්‍රයෙකු දෙන්නෙමි. එසේය, මම ඈට ආශීර්වාදකරන්නෙමි, ඈද ජාතීන්ගේ මවක් වන්නීය; ජනයන්ගේ රජවරු ඇගෙන් නික්මෙන්නෝයයි කීසේක.


එවිට මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම් රජ වෙතට පණිවිඩකාරයන් යවා: නුඹේ සහෝදරවූ ඉශ්‍රායෙල් මෙසේ කියයි–අපට පැමිණි සියලු අමාරුකම් නුඹ දන්නෙහිය.


එකල ඒදොම්හි රජෙක් නොවීය. යුව රජෙක් රජකම්කෙළේය.


ඉශ්‍රායෙල්ගේ පුත්‍රයන් කෙරෙහි යම් රජෙකු රජකම්කරන්ට පූර්වයෙන් ඒදොම් දේශයෙහි රජකම්කළ රජවරු මොව්හුය.


ඔවුන්ට ඉස්සරවී, තමාගේ සහෝදරයා ළඟට එන තෙක් සත්වරක් බිමට නැමී වැන්දේය.


දරුවෝ වැඩුණාහ. ඒසව් හපන් දඩයක්කාරයෙක්ව වනයේ මනුෂ්‍යයෙක්ව සිටියේය; යාකොබ් කූඩාරම්වල වසන නිශ්චල මනුෂ්‍යයෙක් විය.


බලව, මාගේ ගිවිසුම නුඹ සමඟය; නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහිය.


පණිවිඩකාරයෝ යාකොබ් වෙතට හැරී අවුත්: අපි ඔබගේ සහෝදරවූ ඒසව් වෙත ගියෙමුව, තවද ඔහු මිනිසුන් හාරසියයක් සමඟ ඔබ සම්බවෙන පිණිස එන්නේයයි කීවෝය.


ඇගේ බිහිකරන කාලය සම්පූර්ණවූ කල, බලව, ඇගේ කුසෙහි දරු දෙදෙනෙක් වූවෝය.


එවිට ඊසාක් අතිශයින් වෙවුලා කථාකොට: එසේ වීනම් දඩයම්කර මුව මස් මා ළඟට ගෙනාවේ කවුද? මම නුඹ එන්ට ප්‍රථමයෙන් සියල්ලෙන්ම කා ඔහුට ආශීර්වාදකෙළෙමි; එසේය, ඔහු ආශීර්වාද ලබන්නේයයි කීය.


නුඹ සෙනඟට අණකරමින්–සේයිර්හි වසන ඒසව්ගේ පුත්‍රයන් වන නුඹලාගේ සහෝදරයන්ගේ සීමාව මැදින් නුඹලා යන්නහුය; ඔව්හු නුඹලාට භයවන්නෝය. එබැවින් නුඹලා හොඳාකාර ප්‍රවේසම්වන්න.


මෙසේ අප සේයිර්හි සිටින ඒසව්ගේ පුත්‍රයන් වන අපේ සහෝදරයන් ළඟින් ඒලත් කෙරෙන්ද එශියොන්-ගෙබෙර් කෙරෙන්ද අරබා සමභූමි මාර්ගයෙන් ගියෙමුව. අපි හැරී මෝවබ් කාන්තාර මාර්ගයෙන් ගියෙමු.


ඊසාක් උත්තරදෙමින්: බලව, මම ඔහු නුඹේ ස්වාමියා කෙළෙමි, ඔහුගේ සියලු සහෝදරයන් මෙහෙකරුවන්කොට ඔහුට දුනිමි; ධාන්‍යයෙන් සහ මිදියුසින් ඔහු පෝෂණයකෙළෙමි. ඉතින් මාගේ පුත්‍රය, නුඹට කුමක් කෙරෙම්දැයි ඒසව්ට කීවේය.


ඔහුගේ පියා ඊට කැමතිනොවී: මම දනිමි, මාගේ පුත්‍රය, මම දනිමි. ඔහුද සෙනඟක් වන්නේය, ඔහුද උත්තම වන්නේය. එසේ වුවත් ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා උතුම් වන්නේය, ඔහුගේ වංශයද ජාති සමූහයක් වන්නේයයි කීය.


දාවිත් සියල්ලන්ට බාලයාය. වැඩිමහල් තුන්දෙන සාවුල් අනුව ගියෝය.


තවද ඒසව්ගේ කඳුකරය විනිශ්චයකරන්ට ගැළවුම්කාරයෝ සියොන් කන්දෙහි නැගිටින්නෝය; රාජ්‍යයද ස්වාමීන්වහන්සේගේ වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්