ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 17:22 - Sinhala Revised Old Version

එවිට දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ කථාකිරීම නිමවා ඔහු වෙතින් නැගී ගියසේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසේ කතා කොට නිම කළ පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම් වෙතින් ඉවත් ව ගිය සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙසේ කතා කොට නිම කළ පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම් වෙතින් ඉවත් ව ගිය සේක.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 17:22
11 හුවමාරු යොමු  

එවිට ආබ්‍රම් මුහුණින් වැටුණේය. දෙවියන්වහන්සේ ඔහු සමඟ කථාකරමින්:


ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් සමඟ කථාකොට නිමවූ වහාම යන්ට ගියසේක. ආබ්‍රහම්ද තමාගේ ස්ථානයට හැරී ගියේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න: අහසේ සිට මා නුඹලා සමඟ කථාකළ බව නුඹලාම දුටුවහුය.


ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී, උන්වහන්සේ අහක්ව ගියසේක.


කිසිවෙක් කිසිකලක දෙවියන්වහන්සේ දුටුවේ නැත; පියාණන්වහන්සේගේ ළයේ ඉන්නාවූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේම උන්වහන්සේ ප්‍රකාශකළසේක.


මමද පියාණන්වහන්සේද එකතැනැත්තායයි කීසේක.


ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්න මැද සිට නුඹලා සමඟ මුහුණට මුහුණ ලා කථාකළසේක.


මක්නිසාද ගිනිදැල පූජාසනයෙන් අහස දෙසට නැගීගියේය, ස්වාමීන්වහන්සේගේ දූතයා පූජාසනයේ ගිනි දැලෙහි නැගී ගියේය. මානෝවාද ඔහුගේ භාර්යාවද බලාගන සිටියෝය. ඔව්හු මුහුණින් බිම වැටුණෝය.


එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබුණු සැරයටියේ අග දිගුකොට මස්වලටත් මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කෙළේය; එවිට පර්වතයෙන් ගිනි මතුවී මස්ද මුහුන් නොදැමූ රොටිද දවාදැමුවේය; ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේය.