Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 12:9 - Sinhala Revised Old Version

9 ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී, උන්වහන්සේ අහක්ව ගියසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 සමිඳාණන් වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවිළිණි. උන් වහන්සේ නික්ම ගිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 සමිඳාණන් වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවිළිණි. උන් වහන්සේ නික්ම ගිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 12:9
5 හුවමාරු යොමු  

ඔවුන් දඬුවම් විඳ මාගේ මුහුණ සොයන තුරු, මම මාගේ ස්ථානයට හැරීයන්නෙමි. ඔවුන්ට විපත පැමිණෙන විට ඔවුන් ඕනෑකමින් මා වෙතට එනවා ඇත.


සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කොඳුරන්නන් මෙන් දොස්කියමින් සිටියෝය. ස්වාමීන්වහන්සේට එය ඇසුණු කල උන්වහන්සේගේ උදහස ඇවුළුණේය; ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ පත්තුවී කඳවුරු සීමාවෙහි දැවෙමින් ගියේය.


එවිට දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ කථාකිරීම නිමවා ඔහු වෙතින් නැගී ගියසේක.


ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් සමඟ කථාකොට නිමවූ වහාම යන්ට ගියසේක. ආබ්‍රහම්ද තමාගේ ස්ථානයට හැරී ගියේය.


සෙනඟ පවුල් වශයෙන් තම තමුන්ගේ කූඩාරම් දොරකඩවල සිට අඬනවා මෝසෙස්ට ඇසුණේය. ස්වාමීන්වහන්සේගේ උදහසද බොහෝසෙයින් ඇවුළුණේය; මෝසෙස් අප්‍රසන්නවිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්