ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 4:6 - Sinhala Revised Old Version

ඔව්හු තිරිඟු ගෙනයන්ට එන්නාක් මෙන් ගේ ඇතුළට පැමිණ ඔහුගේ බඩට ඇන්නෝය. රේඛාබ්ද ඔහුගේ සහෝදරවූ බානාද පැනලා ගියෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒ අවස්ථාවේ දී තිරිඟු පොළමින් සිටි දොරටුපාලී නිදිබර වී නිදා වැටුණා ය. එවිට රේකාබ් ද ඔහුගේ සහෝදර වූ බානා ද ඇතුළට පිවිසියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒ අවස්ථාවේ දී තිරිඟු පොළමින් සිටි දොරටුපාලී නිදිබර වී නිදා වැටුණා ය. එවිට රේකාබ් ද ඔහුගේ සහෝදර වූ බානා ද ඇතුළට පිවිසියහ.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 4:6
5 හුවමාරු යොමු  

එහෙත් ඔහු අහක්ව යන්ට අකැමැතිවිය. එබැවින් අබ්නේර් හෙල්ල මිටේ අගින් ඔහුගේ බඩට ඇන්නේය, හෙල්ලය ඔහුගේ පිටෙන් නික්මුණේය; ඔහු එතැනම මළේය. තවද අසාහෙල් වැටී මැරුණු තැනට ආ සියල්ලෝම නැවතුණෝය.


නුමුත් අමාසා යෝවාබ් අතේ තිබුණු කඩුව ගැන නොසැලකුවේය. යෝවාබ් එයින් ඔහුගේ බඩට ඇන එක පහරකින්ම ඔහුගේ අතුණු බිම වැගිරෙවුවේය, මෙසේ ඔහු මළේය. යෝවාබ්ද ඔහුගේ සහෝදරවූ අබිෂයිද බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබැඳ ගියෝය.


අබ්නේර් හෙබ්‍රොන්ට හැරී ආකල යෝවාබ් ඔහු සමඟ රහසින් කථාකරන්ට දොරටුවේ පැත්තකට කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේය. එසේ කළේ තමාගේ සහෝදරවූ අසාහෙල්ගේ ලේ සඳහාය. ඔහු මළේය.


සාවුල්ගේ පුත්‍රයාට ප්‍රහාරක යුද කණ්ඩායම් කෙරෙහි අධිපතියෝවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් සිටියෝය. එක්කෙනෙකුගේ නම බානාය, අනික් අයගේ නම රේඛාබ්ය. ඔව්හු බෙන්යමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝය. (මක්නිසාද බෙයේරොත්ද බෙන්යමින් ගණනට ඇතුළත් කර තිබේ.


ඔවුන් ප්‍රමාදවෙද්දී ඒහුද් ගැළවී ගල් කපන තැන පසුකර සෙයිරාට ගැළවී ගියේය.