Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 4:7 - Sinhala Revised Old Version

7 එසේ ඔහු තමාගේ සැතපෙන ගෙයි ඇඳේ නිදා ඉන්දදී ඔව්හු ගෙට ඇතුල්වී ඔහුට ඇන, ඔහු මරා, ඔහුගේ හිස කපාදමා, එය රැගෙන මුළු රාත්‍රියේ අරබා සමභූමියේ පාරෙන් ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔව්හු ගෙට ඇතුළු වී ඊෂ්-බොෂෙත් ඔහුගේ නිදන කාමරයේ යහනේ නිදා සිටිය දී ඔහුට පහර දී ඔහු මරා, ඔහුගේ හිස කපා දමා, එය රැගෙන මුළු රැයේ ම අරබා සමභූමිය පාරෙන් ගියාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔව්හු ගෙට ඇතුළු වී ඊෂ්-බොෂෙත් ඔහුගේ නිදන කාමරයේ යහනේ නිදා සිටිය දී ඔහුට පහර දී ඔහු මරා, ඔහුගේ හිස කපා දමා, එය රැගෙන මුළු රැයේ ම අරබා සමභූමිය පාරෙන් ගියාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 4:7
8 හුවමාරු යොමු  

ඔහුගේ හිස තැටියක ලා ගෙනවුත් තරුණියට දෙනලද්දේය. ඈද ඒක ඇගේ මවු ළඟට ගෙනගියාය.


අබ්නේර් සහ ඔහුගේ මිනිස්සු ඒ රාත්‍රිය මුළුල්ලෙහි අරබා සමභූමිය මැදින් ගොස්, යොර්දානෙන් එගොඩව, මුළු බිත්රොන් මැදින් ගොස්, මහනායිම්ට පැමුණුණෝය.


ඔව්හු ඔහුගේ හිස කපා දමා, ඔහුගේ ආයුධ ගළවා, එපවත් තමුන්ගේ දේවාලයෙහිත් සෙනඟ අතරෙහිත් ප්‍රකාශකරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි හැරියෝය.


දාවිත් පිලිස්තියයාගේ හිස අරගන යෙරුසලමට ගෙනාවේය; නුමුත් ඔහුගේ ආයුධ තමාගේ කූඩාරමේ තැබුවේය.


එවිට මැඩියන්ගෙන් ගඟ පිරෙනවා ඇත, උන් නුඹේ ගෙටත් නුඹේ යහන් ගබඩාවටත් නුඹේ යහන පිටටත් නුඹේ මෙහෙකරුවන්ගේ ගෙටත් නුඹේ සෙනඟ පිටටත් නුඹේ උදුන්වලටත් නුඹේ පිටි අනන ඔරුවලටත් නැගී එන්නෝය.


එවිට දාවිත් දුව ගොස් පිලිස්තියයා ළඟ සිට, ඔහුගේ කඩුව අල්ලා කොපුවෙන් ඇද ඔහු මරා, එයින් ඔහුගේ හිස කපා දැමුවේය. පිලිස්තිවරු තමුන්ගේ බලවතා මැරුණු බව දැක පලාගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්