Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 2:23 - Sinhala Revised Old Version

23 එහෙත් ඔහු අහක්ව යන්ට අකැමැතිවිය. එබැවින් අබ්නේර් හෙල්ල මිටේ අගින් ඔහුගේ බඩට ඇන්නේය, හෙල්ලය ඔහුගේ පිටෙන් නික්මුණේය; ඔහු එතැනම මළේය. තවද අසාහෙල් වැටී මැරුණු තැනට ආ සියල්ලෝම නැවතුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එහෙත්, ඔහු අහක් ව යන්නට අකමැති විය. එබැවින් අබ්නේර් හෙල්ල මිටේ අගින් ඔහුගේ බඩට ඇන්නේ ය. ඇන්න හෙල්ලය ඔහුගේ පිට පසාරු කරගෙන එළියට ආවේ ය. ඔහු එතැන ම වැටී මළේ ය. තවද, අසාහෙල් වැටී මැරුණු ස්ථානයට ආ විට සියල්ලෝ ම නතර වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එහෙත්, ඔහු අහක් ව යන්නට අකමැති විය. එබැවින් අබ්නේර් හෙල්ල මිටේ අගින් ඔහුගේ බඩට ඇන්නේ ය. ඇන්න හෙල්ලය ඔහුගේ පිට පසාරු කරගෙන එළියට ආවේ ය. ඔහු එතැන ම වැටී මළේ ය. තවද, අසාහෙල් වැටී මැරුණු ස්ථානයට ආ විට සියල්ලෝ ම නතර වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 2:23
7 හුවමාරු යොමු  

අබ්නේර් හෙබ්‍රොන්ට හැරී ආකල යෝවාබ් ඔහු සමඟ රහසින් කථාකරන්ට දොරටුවේ පැත්තකට කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේය. එසේ කළේ තමාගේ සහෝදරවූ අසාහෙල්ගේ ලේ සඳහාය. ඔහු මළේය.


ඔව්හු තිරිඟු ගෙනයන්ට එන්නාක් මෙන් ගේ ඇතුළට පැමිණ ඔහුගේ බඩට ඇන්නෝය. රේඛාබ්ද ඔහුගේ සහෝදරවූ බානාද පැනලා ගියෝය.


නුමුත් අමාසා යෝවාබ් අතේ තිබුණු කඩුව ගැන නොසැලකුවේය. යෝවාබ් එයින් ඔහුගේ බඩට ඇන එක පහරකින්ම ඔහුගේ අතුණු බිම වැගිරෙවුවේය, මෙසේ ඔහු මළේය. යෝවාබ්ද ඔහුගේ සහෝදරවූ අබිෂයිද බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබැඳ ගියෝය.


රජුද ඔහුගේ මිනිස්සුද රටේ වැසියන්වූ යෙබූසිවරුන්ට විරුද්ධව යෙරුසලමට ගියෝය. ඔව්හුද: දාවිත්ට මෙහි ඇතුල්වෙන්ට බැරියයි කියා දාවිත්ට කථාකොට–නුඹ මෙහි ඇතුල් නොවන්නෙහිය, අන්ධයන් හා කොරුන් නුඹ පහකරදමනවා ඇතැයි කීවෝය.


නුමුත් යෝවාබ්ද අබිෂයිද අබ්නේර් ලුහුබඳවා ගොස් ඉරබැස්ස විට ගිබියොන් කාන්තාරයට යන මාර්ගයෙහි ගීයා ඉදිරිපිට තිබෙන අම්මා හෙලට පැමුණුණෝය.


අබ්නේර් ගිබියොන්හි සටනේදී තමුන්ගේ සහෝදරවූ අසාහෙල් මැරූ නිසා යෝවාබ්ද ඔහුගේ සහෝදරවූ අබීෂයිද මෙසේ ඔහු මරාදැමුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්