Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 4:5 - Sinhala Revised Old Version

5 තවද බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝවූ රේඛාබ්ද බානාද ගොස් දවල් ග්‍රීෂ්ම වේලාව පමණේදී ඊෂ්-බොෂෙත්ගේ ගෙට ඇතුල්වුණෝය, ඉරමුදුන් වේලාව නිසා ඔහු සැතපී උන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 තවද, බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයන් වූ රේකාබ් ද බානා ද ගොස් දවල් ග්‍රීෂ්ම වේලාව පමණේ දී ඊෂ්-බොෂෙත්ගේ ගෙට ඇතුළු වූ හ. ඉර මුදුන් වේලාව නිසා ඔහු සැතපී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 තවද, බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයන් වූ රේකාබ් ද බානා ද ගොස් දවල් ග්‍රීෂ්ම වේලාව පමණේ දී ඊෂ්-බොෂෙත්ගේ ගෙට ඇතුළු වූ හ. ඉර මුදුන් වේලාව නිසා ඔහු සැතපී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 4:5
9 හුවමාරු යොමු  

අමශියා ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව ගිය පසු මනුෂ්‍යයෝ යෙරුසලමෙහි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් කළෝය; ඔහු ලාකීෂ්ට පලාගියේය. නුමුත් ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහිදී ඔහු මරා,


ඔහු බොහෝ තුවාලවී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගියාට පසු, ඔහුගේ සේවකයෝ පූජකවූ යෙහෝයාදාගේ පුත්‍රයන්ගේ ලේ ගැන ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුගේ ඇඳේදී ඔහු මැරුවෝය, මෙසේ ඔහු මළේය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත්කළ නුමුත් රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝය.


ඔහුගේ රථවලින් දෙකෙන් කොටසකට අධිපතියාව සිටි ඔහුගේ සේවකවූ සිම්රි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහු තිර්ශාහි ගෙදර ප්‍රධානියාවූ අරිශාගේ ගෙයිදී බීමත්වී සිටින අතර,


දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය.


තවද නේර්ගේ පුත්‍රවූ, සාවුල්ගේ සේනාපතිවූ අබ්නේර් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් කැඳවාගන මහනායිම්ට ගොස්,


ඔහුගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ඔහුගේම ගෙයිදී ඔහු මැරුවෝය.


සාවුල්ගේ පුත්‍රයාට ප්‍රහාරක යුද කණ්ඩායම් කෙරෙහි අධිපතියෝවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් සිටියෝය. එක්කෙනෙකුගේ නම බානාය, අනික් අයගේ නම රේඛාබ්ය. ඔව්හු බෙන්යමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝය. (මක්නිසාද බෙයේරොත්ද බෙන්යමින් ගණනට ඇතුළත් කර තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්