Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 20:10 - Sinhala Revised Old Version

10 නුමුත් අමාසා යෝවාබ් අතේ තිබුණු කඩුව ගැන නොසැලකුවේය. යෝවාබ් එයින් ඔහුගේ බඩට ඇන එක පහරකින්ම ඔහුගේ අතුණු බිම වැගිරෙවුවේය, මෙසේ ඔහු මළේය. යෝවාබ්ද ඔහුගේ සහෝදරවූ අබිෂයිද බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබැඳ ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එහෙත්, අමාසා ජෝවාබ්ගේ අතේ තිබුණු කඩුව ගැන නො‍සැලකුවේ ය. ජෝවාබ් එයින් ඔහුගේ බඩට ඇන්නේ ය. ඔහුගේ අතුණු බිමට ඇද හැළුණේ ය. දෙ වන වරට පහර දීම අවශ්‍ය නො‍ වී ය. මෙසේ අමාසා මළේ ය. ජෝවාබ් ද ඔහුගේ සහෝදර වූ අබිෂයි ද බික්‍රිගේ පුත් ෂෙබා ලුහුබැඳ ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එහෙත්, අමාසා ජෝවාබ්ගේ අතේ තිබුණු කඩුව ගැන නො‍සැලකුවේ ය. ජෝවාබ් එයින් ඔහුගේ බඩට ඇන්නේ ය. ඔහුගේ අතුණු බිමට ඇද හැළුණේ ය. දෙ වන වරට පහර දීම අවශ්‍ය නො‍ වී ය. මෙසේ අමාසා මළේ ය. ජෝවාබ් ද ඔහුගේ සහෝදර වූ අබිෂයි ද බික්‍රිගේ පුත් ෂෙබා ලුහුබැඳ ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 20:10
13 හුවමාරු යොමු  

එහෙත් ඔහු අහක්ව යන්ට අකැමැතිවිය. එබැවින් අබ්නේර් හෙල්ල මිටේ අගින් ඔහුගේ බඩට ඇන්නේය, හෙල්ලය ඔහුගේ පිටෙන් නික්මුණේය; ඔහු එතැනම මළේය. තවද අසාහෙල් වැටී මැරුණු තැනට ආ සියල්ලෝම නැවතුණෝය.


අබ්නේර් හෙබ්‍රොන්ට හැරී ආකල යෝවාබ් ඔහු සමඟ රහසින් කථාකරන්ට දොරටුවේ පැත්තකට කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේය. එසේ කළේ තමාගේ සහෝදරවූ අසාහෙල්ගේ ලේ සඳහාය. ඔහු මළේය.


ඒහුද් තමාගේ වමත දිගුකොට දකුණු කළවයෙන් කඩුව හැරගෙන ඔහුගේ බඩට ඇන්නේය.


ඔව්හු දකුණතින්ද වමතින්ද ගල් විසිකරන්ටත් දුන්නෙන් ඊගස් විදින්ටත් පුරුදු දුනුවායෝව, බෙන්යමින්හි සාවුල්ගේ සහෝදරයෝව සිටියෝය.


යෝවාබ් අමාසාට කථාකොට: මාගේ සහෝදරය, නුඹ සුවසේ සිටිනෙහිදැයි අමාසාට කියා ඔහු සිඹින්ට ඔහුගේ රැවුල දකුණතින් අල්ලාගත්තේය.


එවිට අබිෂයි දාවිත්ට කථාකොට: දෙවියන්වහන්සේ අද ඔබගේ සතුරා ඔබ අතට පාවාදුන්සේක. එබැවින් දැන් එක පහරකින් හෙල්ලයෙන් ඔහු බිමටම ඇනදමන්ට මට අවසර දුනමැනවි, ඔහුට පහර දෙකක් නොගසන්නෙමියි දාවිත්ට කීය.


කායින් තමාගේ සහෝදරවූ ආබෙල්ට කථාකෙළේය. තවද ඔවුන් කෙතෙහි සිටි කල්හි කායින් තමාගේ සහෝදරවූ ආබෙල්ට විරුද්ධව නැගිට ඔහු මැරුවේය.


වෛරයක් නිසා මැරෙන ලෙස ඇන්නේනම්, නොහොත් රැකසිට ඔහු පිටට යමක් හෙළුවේනම්,


එවිට නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිසුන් දසදෙනා බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියාට කඩුවෙන් පහරදී ඔහු මැරුවෝය.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූ කල ස්වාමීන්වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට නැගුටුවාදුන්සේක. ඔහු වනාහි බෙන්යමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත්‍රවූ වමත හුරු මනුෂ්‍යයෙක්වූ ඒහුද්ය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජවූ එග්ලොන්ට ඔහු අත තෑග්ගක් යැවුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්