යෝවාබ් මුහුණින් බිම වැටී වැඳ රජුට ස්තුතිකොට: රජ්ජුරුවන් විසින් තමන් මෙහෙකරුවාගේ ඉල්ලීම ඉෂ්ටකළ නිසා මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන බව ඔබගේ මෙහෙකරුවා දැන් දන්නේයයි කීවේය.
2 සාමුවෙල් 16:4 - Sinhala Revised Old Version එවිට රජ: බලව, මෙපිබොෂෙත්ට අයිති සියල්ල නුඹට වේවයි ශීබාට කීය. ශීබාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මම ඔබ බැහැදකිමි; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවයි කීවේය. Sinhala New Revised Version එවිට රජ, “බලන්න, මෙපිබොෂෙත්ට අයිති සියල්ල ඔබට අයිති වේවා”යි ශීබාට පැවසී ය. ශීබා ද, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මාගේ ගරු බුහුමන් පිළිගත මැනව; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා”යි කී ය. Sinhala New Revised Version 2018 එවිට රජ, “බලන්න, මෙපිබොෂෙත්ට අයිති සියල්ල ඔබට අයිති වේවා”යි ශීබාට පැවසී ය. ශීබා ද, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මාගේ ගරු බුහුමන් පිළිගත මැනව; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා”යි කී ය. |
යෝවාබ් මුහුණින් බිම වැටී වැඳ රජුට ස්තුතිකොට: රජ්ජුරුවන් විසින් තමන් මෙහෙකරුවාගේ ඉල්ලීම ඉෂ්ටකළ නිසා මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන බව ඔබගේ මෙහෙකරුවා දැන් දන්නේයයි කීවේය.
තෙකෝවාහි ස්ත්‍රී රජු ළඟට ගොස් මුහුණින් බිම වැටී වැඳ: අනේ රජ්ජුරුවෙනි, පිහිටවුවමැනවැයි කීවාය.
එවිට රජ: නුඹේ ස්වාමියාගේ පුත්‍රයා කොතනදැයි ඇසුවේය. ශීබාද: ඔහු යෙරුසලමෙහි නැවතී සිටියි. මක්නිසාද–ඉශ්‍රායෙල් වංශය අද මාගේ පියාගේ රාජ්‍යය නැවත මට දෙනවා ඇත කියා ඔහු කීවායයි රජුට කීවේය.
දාවිත් රජ බහුරීම්ට ආ කල, සාවුල්ගේ වංශ-පෙළපතට අයිතිවූ, ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි නම් මනුෂ්‍යයෙක් එතැනින් පිටත්වී දෙස් කිය කියා යමින්,
ඔහු මාගේ ස්වාමිවූ රජුට ඔබගේ මෙහෙකරුවා ගැන කේලාම් කීවේය. එහෙත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන්ය. ඔබගේ ඇස් හමුවෙහි හොඳව තිබෙන දේ කළමැනවි.
සාවුල්ගේ පුත්‍රයා වන යොනාතාන්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් දාවිත් වෙතට ඇවිත් මුහුණින් වැටී වැන්දේය. දාවිත්ද: මෙපිබොෂෙත්යයි කීය. ඔබගේ මෙහෙකරුවා මෙහියයි ඔහු උත්තරදුන්නේය.
එවිට රජ සාවුල්ගේ වැඩකාරයාවූ ශීබාට අඬගසා: සාවුල්ටත් ඔහුගේ මුළු වංශයටත් අයිතිව තිබුණ සියල්ල නුඹේ ස්වාමිහුගේ පුත්‍රයාට දුනිමි.
තමාගේ පැමිණිල්ල පළමුකොට කියන අය ධර්මිෂ්ඨව පෙනේ; එහෙත් ඔහුගේ අසල්වාසියා ඇවිත් ඔහු සෝදිසිකරන්නේය.
කොයි අපරාධයකට නුමුත්, මනුෂ්‍යයෙක් කරන පාපවල් අතරෙන් කොයි පාපයකට නුමුත්, එක සාක්ෂිකාරයෙක් කිසිවෙකුට විරුද්ධව නොනැගිටීවා. සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ මුඛයෙන් කාරණයක් ස්ථිර වන්නේය.