Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 14:4 - Sinhala Revised Old Version

4 තෙකෝවාහි ස්ත්‍රී රජු ළඟට ගොස් මුහුණින් බිම වැටී වැඳ: අනේ රජ්ජුරුවෙනි, පිහිටවුවමැනවැයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 තෙකෝවාවේ ස්ත්‍රිය රජු ළඟට ගොස්, මුණින්තළා වී වැඳ, “අනේ දේවයන් වහන්ස, පිහිට වුව මැනවැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 තෙකෝවාවේ ස්ත්‍රිය රජු ළඟට ගොස්, මුණින්තළා වී වැඳ, “අනේ දේවයන් වහන්ස, පිහිට වුව මැනවැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 14:4
9 හුවමාරු යොමු  

තුන්වෙනිදා මනුෂ්‍යයෙක් තමාගේ ඇඳුම් ඉරාගන හිසේ පස් දමාගෙන සාවුල් වෙතින් කඳවුරෙන් නික්ම ආයේය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේය.


යෝවාබ් මුහුණින් බිම වැටී වැඳ රජුට ස්තුතිකොට: රජ්ජුරුවන් විසින් තමන් මෙහෙකරුවාගේ ඉල්ලීම ඉෂ්ටකළ නිසා මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන බව ඔබගේ මෙහෙකරුවා දැන් දන්නේයයි කීවේය.


රජ: නුඹට මක්වෙලාදැයි ඇගෙන් ඇසුවේය. ඈද: සැබවින් මම වැන්දඹුවක්මි, මාගේ පුරුෂයා මැරුණේය.


අහිමයාශ් මොරගසා: සියල්ල යහපතැයි රජුට කියා මුහුණින් බිමට නැමී රජුට වැඳ කථාකොට: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට විරුද්ධව තමුන්ගේ අත් එසෙවු මනුෂ්‍යයන් පාවාදුන් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවයි කීවේය.


ළමයා ගියපසු දාවිත් දකුණු පැත්තෙන් නැගිට ඇවිත් මුහුණින් බිමවැටී තුන් විටක් වැන්දේය. ඔව්හු එකිනෙකා සිඹගන දෙදෙනා එක්ව ඇඬුවෝය. දාවිත් වඩාම ඇඬුවේය.


අබීගායිල් දාවිත් දැක, ඉක්මනින් කොටළුවා පිටින් බැස, දාවිත් ඉදිරියෙහි මුහුණින් බිමට වැටී වැඳ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්