Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 19:27 - Sinhala Revised Old Version

27 ඔහු මාගේ ස්වාමිවූ රජුට ඔබගේ මෙහෙකරුවා ගැන කේලාම් කීවේය. එහෙත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන්ය. ඔබගේ ඇස් හමුවෙහි හොඳව තිබෙන දේ කළමැනවි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 මාගේ වැඩකාරයා මාගේ ස්වාමීන් වන රජුට ඔබේ මෙහෙකරුවා වන මා ගැන කේලාම් කී ය. එහෙත්, මාගේ ස්වාමීන් වන රජතුමා දෙවියන් වහන්සේගේ දූතයෙකු වැනි ය. ඔබට යහපත යයි පෙනෙන දේ කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 මාගේ වැඩකාරයා මාගේ ස්වාමීන් වන රජුට ඔබේ මෙහෙකරුවා වන මා ගැන කේලාම් කී ය. එහෙත්, මාගේ ස්වාමීන් වන රජතුමා දෙවියන් වහන්සේගේ දූතයෙකු වැනි ය. ඔබට යහපත යයි පෙනෙන දේ කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 19:27
12 හුවමාරු යොමු  

ඔබගේ සේවකයාවූ යෝවාබ් මෙසේ කළේ කාරණයේ අන්දම හරවා පෙන්වන පිණිසය. නුමුත් පොළොවේ සියල්ල දැනගැනීමට මාගේ ස්වාමියාගේ ප්‍රඥාව දෙවියන්වහන්සේගේ දූතයෙකුගේ ප්‍රඥාව හා සමානයයි කීවාය.


එබැවින් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ වචනයෙන් සැනසීම ලැබේවයි ඔබගේ දාසී කීවාය. මක්නිසාද යහපත අයහපත විමසීමට මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ දෙවියන්වහන්සේගේ දූතයෙකු හා සමානය. එබැවින් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේක්වයි කීවාය.


එවිට රජ: නුඹේ ස්වාමියාගේ පුත්‍රයා කොතනදැයි ඇසුවේය. ශීබාද: ඔහු යෙරුසලමෙහි නැවතී සිටියි. මක්නිසාද–ඉශ්‍රායෙල් වංශය අද මාගේ පියාගේ රාජ්‍යය නැවත මට දෙනවා ඇත කියා ඔහු කීවායයි රජුට කීවේය.


ආකීෂ් උත්තරදෙමින්: ඒක දනිමි, දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන් නුඹ මාගේ ඇස් හමුවෙහි යහපත් බව දනිමි. නුමුත් පිලිස්තිවරුන්ගේ අධිපතීහු–ඔහු අප සමඟ යුද්ධයට නොයන්නේයයි කීවෝය.


නුඹලා එකිනෙකා තම තමාගේ අසල්වාසියාගෙන් ප්‍රවේසම්වෙන්න, කිසි සහෝදරයෙක්ද විශ්වාස නොකරන්න. මක්නිසාද සියලු සහෝදරයන් ප්‍රයෝගකරනවාම ඇත, සියලු අසල්වාසීන්ද කේලාම් කියමින් ඇවිදිනවා ඇත.


යමෙක් ස්වකීය අසල්වාසියා ගැන රහසේ කේලාම්කියයිද ඔහු විනාශකරන්නෙමි. උඩඟු බැල්මක් හා ආඩම්බර සිතක් ඇත්තා නොඉවසන්නෙමි.


ඔහු තමාගේ දිවෙන් කේලාම් නොකියයි, තමාගේ මිත්‍රයාට නපුර නොකරයි, තමාගේ අසල්වාසියාට විරුද්ධව නින්දා බසක් පතළ නොකරයි.


නුඹේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව.


එවිට රජ: බලව, මෙපිබොෂෙත්ට අයිති සියල්ල නුඹට වේවයි ශීබාට කීය. ශීබාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මම ඔබ බැහැදකිමි; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවයි කීවේය.


ඔහු සමඟ බෙන්යමින් මනුෂ්‍යයන් දහසක්ද සාවුල්ගේ වංශයේ සේවකයෙක්වූ ශීබාද ඔහු සමඟ තමාගේ පුත්‍රයෝ පහළොස්දෙනාද තමාගේ වැඩකාරයන් විසිදෙනාද සිටියෝය; ඔව්හු රජු ඉදිරියෙහි යොර්දාන මැදින් ගියෝය.


රජද: සාවුල්ගේ වංශයේ කිසිවෙක් තව ඉතුරුව නැද්ද? ඉතුරුව ඇත්නම් මම ඔහුට දෙවියන්වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමියි කීවේය. ශීබාද: යොනාතාන්ගේ පුත්‍රයෙක් තවම සිටියි, ඔහු පාදකොරවූ කෙනෙක්යයි රජුට කීවේය.


මෙලෙස මෙපිබොෂෙත් යෙරුසලමේ විසීය. මක්නිසාද ඔහු රජුගේ මේසයේ නිතරම කෑම කෑවේය; ඔහුගේ දෙපයම කොරව තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්