යාකොබ් රාඛෙල්ට ආදරේවූයේය. ඔහු කථාකොට: නුඹේ බාල දියණියවූ රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් නුඹට වැඩකරන්නෙමියි කීය.
2 සාමුවෙල් 13:1 - Sinhala Revised Old Version ඉන්පසු මෙසේ සිදුවිය. දාවිත්ගේ පුත්‍රවූ අබ්සලොම්ට තාමාර් නම්වූ රූපවත් සහෝදරියක් සිටියාය; දාවිත්ගේ පුත්‍රවූ අම්නොන් ඈට පෙම් බැන්දේය. Sinhala New Revised Version ඉන්පසු මෙසේ සිදු විය. දාවිත්ගේ පුත් අබ්සලොම්ට තාමාර් නම් රුවැති සහෝදරියක් සිටියා ය. දාවිත්ගේ පුත් අම්නොන් ඈට ප්‍රේම කෙළේ ය. Sinhala New Revised Version 2018 ඉන්පසු මෙසේ සිදු විය. දාවිත්ගේ පුත් අබ්සලොම්ට තාමාර් නම් රුවැති සහෝදරියක් සිටියා ය. දාවිත්ගේ පුත් අම්නොන් ඈට ප්‍රේම කෙළේ ය. |
යාකොබ් රාඛෙල්ට ආදරේවූයේය. ඔහු කථාකොට: නුඹේ බාල දියණියවූ රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් නුඹට වැඩකරන්නෙමියි කීය.
යාකොබ් රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් වැඩකෙළේය; ඔහු ඈට ඇති ආදරය නිසා ඒ සත් අවුරුද්ද ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟුණේය.
ඔහුගේ සිත යාකොබ්ගේ දූවූ දීනා කෙරෙහි ඇලුම්විය, ඔහු ඒ තරුණියට ආදරව ඈට කරුණාවන්ත ලෙස කථාකෙළේය.
දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්තෝය.
දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය.
එවිට අම්නොන් ඉතා මහත් වෛරයකින් ඈට වෛරවුණේය; මක්නිසාද ඔහු ඈට වුණාවූ වෛරය පළමු ඈට බැන්දාවූ ආලයට වඩා මහත්ව තිබුණේය. නැගිට යන්නැයි අම්නොන් ඈට කීය.
අම්නොන් තමාගේ සහෝදරීවූ තාමර් නිසා අසනීපවෙන තරම් කනස්සලුව සිටියේය; මක්නිසාද ඈ කන්‍යාවක්ය; ඈට යමක් කරන්ට තමාට උගහට බවත් අම්නොන්ට පෙණුණේය.
අබ්සලොම්ට පුත්‍රයන් තුන්දෙනෙක්ද එක දුවක්ද උපන්නෝය, ඇගේ නම තාමර්ය. ඈ ශෝභන පෙනීමක් ඇති ස්ත්‍රියෙක් වූවාය.
සාලමොන් රජ බොහෝ අන්‍යජාති ස්ත්‍රීන්ට එනම් ඵාරාවෝගේ දුව ඇතුළුව මෝවබ්වරුන්ගේද අම්මොන්වරුන්ගේද ඒදොම්වරුන්ගේද ශීදොන්වරුන්ගේද හිත්තීවරුන්ගේද කාන්තාවන්වූ බොහෝ අන්‍ය ජාති ස්ත්‍රිවරුන්ටත් ආදරේවුණේය.
තුන්වෙනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුවවූ මයකාගේ පුත්‍රවූ අබ්සලොම්ය; හතරවෙනියා හග්ගිත්ගේ පුත්‍රවූ අදොනියාය;
උපභාර්යාවන්ගේ පුත්‍රයන් ඇතුළුව මොවුන් සියල්ලෝ දාවිත්ගේ පුත්‍රයෝය; තාමර් මොවුන්ගේ සහෝදරීය.
රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටය.