Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 14:27 - Sinhala Revised Old Version

27 අබ්සලොම්ට පුත්‍රයන් තුන්දෙනෙක්ද එක දුවක්ද උපන්නෝය, ඇගේ නම තාමර්ය. ඈ ශෝභන පෙනීමක් ඇති ස්ත්‍රියෙක් වූවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 අබ්සලොම්ට පුත්‍රයෝ තුන්දෙනෙක් ද එක දුවක් ද උපන්නාහ. දුවගේ නම තාමාර් ය. ඈ ශෝභන පෙනීමක් ඇති කාන්තාවක් වූවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 අබ්සලොම්ට පුත්‍රයෝ තුන්දෙනෙක් ද එක දුවක් ද උපන්නාහ. දුවගේ නම තාමාර් ය. ඈ ශෝභන පෙනීමක් ඇති කාන්තාවක් වූවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 14:27
6 හුවමාරු යොමු  

අබ්සලොම් ජීවත්ව සිටියදී: මාගේ නාමය සිහිපත් කරවන්ට පුත්‍රයෙක් නැත කියා රජුගේ මිටියාවතේ තිබෙන කණුව තමා උදෙසා පිහිටුවා, ඊට තමාගේ නාමයේ හැටියට නම් කෙළේය. අද දක්වා ඊට අබ්සලොම් ටැඹයයි කියති.


ඉන්පසු මෙසේ සිදුවිය. දාවිත්ගේ පුත්‍රවූ අබ්සලොම්ට තාමාර් නම්වූ රූපවත් සහෝදරියක් සිටියාය; දාවිත්ගේ පුත්‍රවූ අම්නොන් ඈට පෙම් බැන්දේය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ මනුෂ්‍යයා දරුවන් නැත්තාවූ, තමාගේ දවස්වලදී සඵල නොවන්නාවූ මනුෂ්‍යයෙක්යයි ලියන්න. මක්නිසාද ඔහුගේ වංශයේ කිසිවෙක් තවත් දාවිත්ගේ සිංහාසනයේ හිඳ යූදාහි ආණ්ඩුකරමින් සඵල නොවන්නේය.


සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: මම ඔවුන්ට විරුද්ධව නැගිටින්නෙමියි කියනසේක. බබිලෝනියෙන් නාම මාත්‍රයද ඉතිරි අයද දරුමුනුබුරන්ද සිඳදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්