Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 12:31 - Sinhala Revised Old Version

31 ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත්වලින්ද මඩින යකඩ යන්ත්‍රවලින්ද යකඩ පොරෝවලින්ද කපා දැමුවේය, ගඩොල් උදුන මැදින් යන්ටද සැලැස්සුවේය. ඔහු අම්මොන් පුත්‍රයන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේය. එවිට දාවිත් සහ මුළු සෙනඟ යෙරුසලමට හැරී ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා, කියත්වලින් ද යකඩ ගල් කටුවලින් ද යකඩ පොරෝවලින් ද වැඩ කරන්නටත්, ගඩොල් උදුන්වල වැඩ කරන්නටත් ඔවුන් යෙදෙවුවේ ය. ඔහු අම්මොන්වරුන්ගේ සියලු නගරවලට මෙසේ කෙළේ ය. ඉන්පසු දාවිත් රජ සහ මුළු සෙනඟ ජෙරුසලමට පෙරළා ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා, කියත්වලින් ද යකඩ ගල් කටුවලින් ද යකඩ පොරෝවලින් ද වැඩ කරන්නටත්, ගඩොල් උදුන්වල වැඩ කරන්නටත් ඔවුන් යෙදෙවුවේ ය. ඔහු අම්මොන්වරුන්ගේ සියලු නගරවලට මෙසේ කෙළේ ය. ඉන්පසු දාවිත් රජ සහ මුළු සෙනඟ ජෙරුසලමට පෙරළා ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 12:31
10 හුවමාරු යොමු  

ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත්වලින්ද යකඩ දැතිපෝරුවලින්ද පොරෝවලින්ද ඔවුන් කැපුවේය. ඔහු අම්මොන් පුත්‍රයන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේය. එවිට දාවිත්ද මුළු සෙනඟද යෙරුසලමට හැරී ආවෝය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: දමස්කයේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහනොකරන්නෙමි; මක්නිසාද මඩින යකඩ යන්ත්‍රවලින් ඔවුන් විසින් ගිලියද් දේශය මඩිනලද්දේය.


ඔහු මෝවබ්වරුන්ටත් පහරදී, ඔවුන් බිම දිගාවෙන්ට සලස්වා, ලනුවකින් මැන්නේය; මරණ පිණිස පේළි දෙකක්ද ඉතුරුකරන පිණිස එක සම්පූර්ණ පේළියක්ද මැන්නේය. මෙසේ මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවෝ ව කප්පන් ගෙනාවෝය.


ඔව්හු ගල්ගසනු ලැබුවෝය, කියතෙන් ඉරනු ලැබුවෝය, පරීක්ෂා කරනු ලැබුවෝය, කඩුවෙන් මරනු ලැබුවෝය. ඔව්හු අසරණකම්ද පීඩාද නපුරුකමද විඳිමින්, බැටළු හම්ද එළු හම්ද ඇඳගෙන, ඔබ මොබ ගියෝය.


දාවිත් ඔවුන්ගේ රජුගේ ඔටුන්න ඔහුගේ හිසෙන් ගෙන එය රන් තලෙන්තයක බර ඇති බව දැනගත්තේය, එහි අනර්ඝ මැණික්ද තිබුණේය; එය දාවිත්ගේ හිස පිට තබනලද්දේය. ඔහු කොල්ලගත් බඩු රාශියක් නුවරින් පිටතට ගෙනාවේය.


නුඹේ අතින් ලොකු ගල් රැගෙන යූදාවරුන් බලා සිටියදී තාපන්හේස්හි ඵාරාවෝගේ ගෘහයේ දොරටුවෙහි තිබෙන ගඩොල් වැඩේ බදාම තුළ සඟවා තබා,


ඉක්බිති යෝෂුවාද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද ගිල්ගාල්හි කඳවුරට හැරී ගියෝය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අම්මොන් පුත්‍රයන්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා ඔවුන්ගේ දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු තමුන්ගේ සීමාව විශාලකරගන්න පිණිස ගිලියද්හි ගර්භිණීන් ඉරාදැම්මෝය.


ඒ නිසා යුද්ධ දවසේ ඝෝෂාවද සුළිහුළං දවසේ කුණාටුවද ඇතුව, රබ්බාහි මාළිගාව විනාශකරන ගින්නක් එහි පවුර පිට අවුළුවන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්