ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේදී ඔහුට ගල්ගැසුවෝය.
2 ලේකම් 36:17 - Sinhala Revised Old Version ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව කල්දිවරුන්ගේ රජු පැමිණෙවුසේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථාන ගෘහයෙහිදී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරුවෝය. ඔහු යෞවනයාටවත් කන්‍යාවටවත් මහල්ලාටවත් පැසුණු හිසකේ ඇත්තාටවත් අනුකම්පා නොකෙළේය. උන්වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවාදුන්සේක. Sinhala New Revised Version ඒ නිසා උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව කල්දිවරුන්ගේ රජ එවූ සේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථානයේ දී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරී ය. ඔහු යෞවනයාට වත්, කන්‍යාවට වත්, මහල්ලාට වත්, රෝගියාට වත් අනුකම්පා නොකෙළේ ය. උන් වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවා දුන් සේක. Sinhala New Revised Version 2018 ඒ නිසා උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව කල්දිවරුන්ගේ රජ එවූ සේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථානයේ දී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරී ය. ඔහු යෞවනයාට වත්, කන්‍යාවට වත්, මහල්ලාට වත්, රෝගියාට වත් අනුකම්පා නොකෙළේ ය. උන් වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවා දුන් සේක. |
ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේදී ඔහුට ගල්ගැසුවෝය.
ඒ නිසා ස්වාමීන්වහන්සේ අෂූර්හි රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධව පැමිණෙවුසේක. ඔව්හු මනස්සේ අල්වා විලංගුවලින්ද දම්වැල්වලින්ද බැඳ බබිලෝනියට ගෙන ගියෝය.
බලව, මම මේ ඉඩම පිටටත් මෙහි වැසියන් පිටටත් විපත එනම්, යූදා රජු ඉදිරියෙහි කියෙවු පොතෙහි ලියා තිබෙන සියලු ශාපවල් පමුණුවන්නෙමි.
නුමුත් අපේ පියවරුන් විසින් ස්වර්ගයේ දෙවියන්වහන්සේ උදහස්කෙරෙවු බැවින් උන්වහන්සේ කල්දියවූ බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් අතට ඔවුන් පාවාදුන්සේක; ඔහුද මේ ගෘහය විනාශකොට සෙනඟ බබිලෝනියට ගෙනගියේය.
අපේ පියවරුන්ගේ දවස්වල පටන් අද දක්වා අපි අතිශයින් වරදකාරයෝව සිට, අපේ අපරාධ නිසා අපිද අපේ රජවරුද අපේ පූජකයෝද අද දවසේ තිබෙන හැටියට දේශවල රජවරුන් අතටත් කඩුවටත් වාල්කමටත් කොල්ලකෑමටත් මුහුණේ ලජ්ජාවටත් පාවාදෙනු ලැබීමුව.
දෙවියන්වහන්ස, අන්‍ය ජාතීහු ඔබගේ උරුමයට ඇතුල්වූවෝය; ඔව්හු ඔබගේ ශුද්ධ මාලිගාව අපවිත්‍ර කළෝය; යෙරුසලම ජරාවාස ගොඩවල් කළෝය.
ඔව්හු දුනුවලින් යෞවනයන් කැබලිකරන්නෝය; ඔව්හු ගර්භයේ ඵලයට අනුකම්පා නොකරන්නෝය; ඔවුන්ගේ ඇස දරුවන්ට කරුණා නොකරන්නේය.
එබැවින් මම ශුද්ධස්ථානයේ අධිපතීන් කෙලහා, යාකොබ් ශාපයටත් ඉශ්‍රායෙල් නින්දාවටත් පාවාදුන්නෙමි.
මම මාගේ සෙනඟ කෙරෙහි උදහස්වී, මාගේ උරුමය කෙලහා, ඔවුන් නුඹ අතට දුනිමි. නුඹ ඔවුන්ට අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන් පිට නුඹේ වියගහ ඉතා බර කෙළෙහිය.
බලව, මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි. යෞවනයෝ කඩුවෙන් මැරුම්කන්නෝය; ඔවුන්ගේ පුත්‍රයෝද දූවරුද සාගතයෙන් මැරෙන්නෝය;
මේ දේශයෙහි ලොකු කුඩා අය මැරෙනවා ඇත. ඔව්හු වළලනු නොලබන්නෝය, කිසිවෙක් ඔවුන් ගැන විලාප නොකියන්නේය, ශරීරය කපා නොගන්නේය, ඔවුන් ගැන හිස මුඩුකර නොගන්නේය.
එබැවින් ඔවුන්ගේ දරුවන් සාගතයට භාරදී, ඔවුන් කඩුවේ බලයට අත්හැරිය මැනව; ඔවුන්ගේ භාර්යාවෝ දරුවන් නැත්තියෝද වැන්දඹුවෝද වෙත්වා; ඔවුන්ගේ පුරුෂයෝ වසංගතයෙන් මැරෙත්වා, ඔවුන්ගේ යෞවනයෝද යුද්ධයේදී කඩුවෙන් මැරුම්කත්වා.
ශෙදෙකියා රජු විසින් මල්කියාගේ පුත්‍රවූ පෂ්හූර් සහ පූජකයාවූ මයසේයාගේ පුත්‍රවූ ශෙපනියාද යෙරෙමියා ළඟට යැවූ කල ස්වාමීන්වහන්සේගෙන් ඔහු වෙතට පැමුණුණු වචනයය.
ඉන්පසු මම යූදාහි රජවූ ශෙදෙකියාද, ඔහුගේ සේවකයන්ද, සෙනඟද, එනම් වසංගතයෙනුත් කඩුවෙනුත් සාගතයෙනුත් මේ නුවර ඉතුරු වෙන්නන්, බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔහුද ඔවුන්ට කරුණා නොකොට, අනුකම්පාකරන්නේවත් දයාවෙන්නේවත් නැතුව, ඔවුන්ට කඩුමුවහතින් පහර දෙන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ නුවර කල්දිවරුන් අතටත් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් භාරදෙමි, ඔහු ඒක අල්ලාගන්නේය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් මේ සෙනඟ පිටට මහත්වූ මේ මුළු විපත්තිය පමුණුවා තිබෙන්නාක්මෙන් මම ඔවුන්ට පොරොන්දුවූ මුළු යහපතත් ඔවුන් පිටට පමුණුවන්නෙමි.
ස්වාමීන්වහන්සේ ඒක පමුණුවා, උන්වහන්සේ කී ලෙස කළසේක; නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කොට, උන්වහන්සේගේ හඬට කීකරු නොවී සිටි නිසා, මේ දෙය නුඹලාට පැමුණුණේය.
නුඹ ලවා රථය සහ එහි නැගීයන්නාත් පොඩිකරවන්නෙමි; නුඹ ලවා ස්ත්‍රිය සහ පුරුෂයාත් පොඩිකරවන්නෙමි; නුඹ ලවා මහල්ලා සහ බාලයාත් පොඩිකරවන්නෙමි; නුඹ ලවා තරුණයා සහ කන්‍යාවත් පොඩිකරවන්නෙමි;
මක්නිසාද වීථිවලින් ළමයින්ද එළිමහන්වලින් යෞවනයන්ද සිඳදමන පිණිස මරණය අපේ කවුළුවලින් නැගී ඇවිත් අපේ මාළිගාවලට වැදුණේය.
මනුෂ්‍ය පුත්‍රය, නුඹ අනාගතවාක්‍ය කියා, ස්වාමිවූ දෙවියන්වහන්සේ අම්මොන් පුත්‍රයන් ගැනද ඔවුන්ගේ නින්දාකිරීම ගැනද මෙසේ කියනසේකැයි කියන්න:
එබැවින් ස්වාමීන්වහන්සේ විපත්තිය ගැන පිබිද සිට, ඒක අප පිටට පැමිණෙවුසේක. මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් කරන තමන්ගේ සියලු ක්‍රියාවල් ගැන ධර්මිෂ්ඨව සිටිනසේක, අපි උන්වහන්සේගේ හඬට කීකරු නොවීමුව.
නුමුත් මාගේ මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට මා විසින් අණකළ මාගේ වචනත් මාගේ නියෝගත් නුඹලාගේ පියවරුන් කරා පැමුණුනා නොවේද? එවිට ඔව්හු හැරී: සේනාවල ස්වාමීන්වහන්සේ අපට කරන්ට අදහස්කළ ප්‍රකාරයට අපේ මාර්ග සහ අපේ ක්‍රියාවල හැටියට උන්වහන්සේ අපට කළසේකැයි කීවෝයයි කීය.
නුඹ ඇදී ගියොත්, සැබවින් නුඹලා විනාශවෙන බව අද නුඹලාට දන්වමි; හිමිකරගන්න පිණිස ඇතුල්වීමට නුඹ යොර්දානෙන් එතරව යන භූමිය මතුපිට නුඹලාගේ දවස් වැඩිනොවන්නේය.