Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 33:11 - Sinhala Revised Old Version

11 ඒ නිසා ස්වාමීන්වහන්සේ අෂූර්හි රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධව පැමිණෙවුසේක. ඔව්හු මනස්සේ අල්වා විලංගුවලින්ද දම්වැල්වලින්ද බැඳ බබිලෝනියට ගෙන ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඒ නිසා සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධ ව එවූ සේක. ඔව්හු මනස්සේ අල්ලා විලංගුවලින් ද දම්වැල්වලින් ද බැඳ බබිලෝනියට ගෙන ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඒ නිසා සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධ ව එවූ සේක. ඔව්හු මනස්සේ අල්ලා විලංගුවලින් ද දම්වැල්වලින් ද බැඳ බබිලෝනියට ගෙන ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 33:11
19 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ නුඹද නුඹ කෙරෙහි නුඹ පත්කරගන්න රජුද නුඹවත් නුඹේ පියවරුන්වත් දැන නොගත් ජාතියක් වෙතට පමුණුවනසේක; එහිදී නුඹ ලීද ගල්ද වූ අන් දෙවිවරුන්ට සේවයකරන්නෙහිය.


බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් ඔහුට විරුද්ධව ඇවිත්, බබිලෝනියට ගෙනයන පිණිස දම්වැල්වලින් ඔහු බැන්දේය.


පිටත යන්ට බැරි ලෙස උන්වහන්සේ මා වසා තැබූසේක; මාගේ විලංගුව බරකළසේක.


එසේ නුඹට බැරි නම්, රථද අසරුවන්ද ගැන මිසරය කෙරෙහි විශ්වාසකරගෙන නුඹ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එළවා දමන්නේ කොහොමද?


ඔහු කථාකොට: මාගේ අධිපතීන් සියල්ලෝම රජවරු නොවෙද්ද?


එය අපේ පව් නිසා ඔබ අප කෙරෙහි පත්කළ රජුන්ට බොහෝ අස්වැන්න උපදවන්නේය. ඔව්හු තමුන්ගේ කැමැත්ත පරිදි අපේ ශරීර කෙරෙහිත් බලය පවත්වති, අපිද මහත් දුකින් සිටිමුව.


ඉතින් අපේ දෙවියන්වහන්ස, මහත්වූ, බලවන්තවූ, භයානකවූ, ගිවිසුමද කරුණාවද පවත්වන්නාවූ දෙවියන්වහන්ස, අෂූර්හි රජුන්ගේ කාලයේ සිට අද දක්වා අපටත් අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පූජකයන්ටත් අපේ ප්‍රොපේතවරුන්ටත් අපේ පියවරුන්ටත් ඔබගේ මුළු සෙනඟටත් පැමිණි සියලු දුක් ගැහැට ඔබ ඉදිරියෙහි සුළුව නොපෙනේවා.


ඔව්හු රජු අල්ලා බබිලෝනියේ රජු ළඟට රිබ්ලාට ගෙන ගියෝය; එවිට ඔව්හු ඔහු ගැන තීන්දුව දුන්නෝය.


එවිට ඔහු යෙරුසලමෙහි රජකම් නොකරන පිණිස ඵාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහිදී ඔහු හිර අඩස්සිකොට, රිදී තලෙන්ත සියයකුත් රන් තලෙන්තයකුත් දේශයට දඩගැසුවේය.


තමුන් අන්තරායට අසුවී ඉන්න බව ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දුටුවෝය. (මක්නිසාද සෙනඟ පීඩිතව සිටියෝය.) එවිට සෙනඟ ගුහාවලද කැලෑවලද පර්වතවලද කොත්වලද වළවල්වලද සැඟවුණෝය.


නුඹ තුළින් නික්මෙන, නුඹට දාව උපදින නුඹේ පුත්‍රයන්ගෙන් සමහරෙක් බබිලෝනියේ රජුගේ මාලිගාවෙහි නපුංසකයන් වන පිණිස ගනු ලබන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


මනස්සේගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහු කළ පාපයද ගැන යූදා රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද?


ඒ හැටියට ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේද කූෂ්වරුන්ට ළංව වාසයකරන අරාබිවරුන්ගේද සිත් යෙහෝරාම්ට විරුද්ධව පෙළඹෙවූසේක.


ඔහු ආසාගේ පෙරමගට ගොස් කථාකොට: ආසා සහ සියලු යූදාවරුනි, බෙන්යමින්වරුනි, මට ඇහුම්කන්දෙන්න, නුඹලා ස්වාමීන්වහන්සේ සමඟ සිටින තුරු උන්වහන්සේ නුඹලා සමඟ සිටිනසේක; නුඹලා උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹලාට සම්බවෙනවා ඇත. නුඹලා උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද නුඹලා අත්හරිනවා ඇත.


උන්වහන්සේ රජුන්ගේ බැම්ම ලිහාදමා, ඔවුන්ගේ කටියෙහි පටියක් බඳිනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්