Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 16:40 - Sinhala Revised Old Version

40 ඔවුන් නුඹට විරුද්ධව සමුදාවක් පමුණුවා, නුඹට ගල්ගසා, තමුන්ගේ කඩුවලින් නුඹට අනිනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 “ ‘ඔවුන් නුඹට විරුද්ධ ව සෙනඟක් පොළඹවා, නුඹට ගල් ගසා, ඔවුන් තමන්ගේ කඩුවලින් නුඹ කපා කැබලි කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 “ ‘ඔවුන් නුඹට විරුද්ධ ව සෙනඟක් පොළඹවා, නුඹට ගල් ගසා, ඔවුන් තමන්ගේ කඩුවලින් නුඹ කපා කැබලි කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 16:40
8 හුවමාරු යොමු  

ඒ සමුදාව ඔවුන්ට ගල්ගසා, තමුන්ගේ කඩුවලින් ඔවුන් කපාදමා, ඔවුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද මරාදමා, ඔවුන්ගේ ගෙවල් ගින්නෙන් දවාදමන්නෝය.


බලව, මම නුඹලාගේ බලයේ පාරට්ටුව වූ, නුඹලාගේ ඇස්වලට ප්‍රියව තිබෙන්නාවූ, නුඹලාගේ ආත්ම ආශාවෙන්නාවූ මාගේ ශුද්ධස්ථානය කෙලහන්නෙමි; නුඹලා විසින් අත්හැර ආවාවූ නුඹලාගේ පුත්‍රයෝද නුඹලාගේ දූවරුද කඩුවෙන් වැටෙන්නෝය.


මොව්හු ඇගේ නග්නකම ප්‍රකාශකොට, ඇගේ පුත්‍රයන්ද දූවරුන්ද අරගෙන ගොස්, ඈ කඩුවෙන් මැරුවෝය. ඈ වනාහි ස්ත්‍රීන්ට නින්දා පාඨයක් වුණාය; මෙසේ ඔව්හු ඈ කෙරෙහි විනිශ්චය ඉෂ්ට කළෝය.


මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.


ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව කල්දිවරුන්ගේ රජු පැමිණෙවුසේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථාන ගෘහයෙහිදී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරුවෝය. ඔහු යෞවනයාටවත් කන්‍යාවටවත් මහල්ලාටවත් පැසුණු හිසකේ ඇත්තාටවත් අනුකම්පා නොකෙළේය. උන්වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවාදුන්සේක.


මාගේ කෝපය නුඹ කෙරෙහි තබමි, ඔවුන්ද නුඹ සමඟ උදහසින් ක්‍රියාකොට, නුඹේ නාසයද නුඹේ කන්ද කපා දමනවා ඇත; නුඹේ ඉතිරි අයද කඩුවෙන් වැටෙනවා ඇත. ඔවුන් නුඹේ පුත්‍රයන්ද නුඹේ දූවරුන්ද අරගන යනවා ඇත; නුඹේ ඉතිරි අයද ගින්නෙන් නාස්තිවන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්