Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 36:18 - Sinhala Revised Old Version

18 ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයේ ලොකු කුඩා සියලු භාණ්ඩද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජුගෙත් ඔහුගේ අධිපතීන්ගෙත් වස්තුද යන සියල්ලම බබිලෝනියට ගෙනගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ ලොකු කුඩා සියලු භාණ්ඩ ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජුගේත්, ඔහුගේ අධිපතීන්ගේත් වස්තු ද යන සියල්ල ම බබිලෝනියට ගෙන ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ ලොකු කුඩා සියලු භාණ්ඩ ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජුගේත්, ඔහුගේ අධිපතීන්ගේත් වස්තු ද යන සියල්ල ම බබිලෝනියට ගෙන ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 36:18
10 හුවමාරු යොමු  

ඊළඟ අවුරුද්දේදී නෙබුකද්නෙශර් රජ ඔහු සහ ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදරවූ ශෙදෙකියා යූදා සහ යෙරුසලම කෙරෙහි රජකොට පත්කෙළේය.


ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සමහර භාණ්ඩත් නෙබුකද්නෙශර් බබිලෝනියට ගෙනගොස් බබිලෝනියේ තමාගේ මාලිගාවෙහි තැබුවේය.


නුමුත් මාගේ මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට මා විසින් අණකළ මාගේ වචනත් මාගේ නියෝගත් නුඹලාගේ පියවරුන් කරා පැමුණුනා නොවේද? එවිට ඔව්හු හැරී: සේනාවල ස්වාමීන්වහන්සේ අපට කරන්ට අදහස්කළ ප්‍රකාරයට අපේ මාර්ග සහ අපේ ක්‍රියාවල හැටියට උන්වහන්සේ අපට කළසේකැයි කීවෝයයි කීය.


එවිට ඔව්හු යෙරුසලමේ තිබුණ දෙවියන්වහන්සේගේ ගෘහයේ මාළිගාවෙන් ගත් රන් භාජන ගෙනාවෝය; රජද ඔහුගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් බීවෝය.


බලව, නුඹේ ගෙයි තිබෙන සියල්ලත් නුඹේ පියවරුන් විසින් අද දක්වා රැස්කර තැබූ දේත් කිසිවක් ඉතිරි නොකර බබිලෝනියට ගෙනයන දවස් පැමිණෙන්නේය.


එදිරිකාරයා ඇගේ සියලු ප්‍රියවූ දේ පිට තමාගේ අත හෙළුවේය. මක්නිසාද ඔබගේ සභාවට ඇතුල් නොවෙන හැටියට ඔබ අණකළ ජාතීන් ඇගේ ශුද්ධස්ථානයට ඇතුල්වෙනවා ඈ දුටුවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්