නැවත ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. උන්වහන්සේද: ගොස් ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද ගණන්කරන්නැයි කියමින් දාවිත් ඔවුන්ට විරුද්ධව පෙළෙඹවුසේක.
2 ලේකම් 32:25 - Sinhala Revised Old Version එහෙත් හෙසකියා තමාට ලැබුණු කරුණාවේ හැටියට යුතු ලෙස නොහැසිර සිතින් උඩඟුවිය. ඒ නිසා ඔහු පිටටත් යූදා සහ යෙරුසලම පිටටත් උදහස පැමිණියේය. Sinhala New Revised Version එහෙත්, හෙසකියා තමාට ලැබුණු කරුණාවේ හැටියට කෘතඥා නොවී සිතින් උඩඟු විය. ඒ නිසා ඔහු පිට ද ජුදා සහ ජෙරුසලම පිට ද උදහස පැමිණියේ ය. Sinhala New Revised Version 2018 එහෙත්, හෙසකියා තමාට ලැබුණු කරුණාවේ හැටියට කෘතඥ නොවී සිතින් උඩඟු විය. ඒ නිසා ඔහු පිට ද ජුදා සහ ජෙරුසලම පිට ද උදහස පැමිණියේ ය. |
නැවත ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. උන්වහන්සේද: ගොස් ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද ගණන්කරන්නැයි කියමින් දාවිත් ඔවුන්ට විරුද්ධව පෙළෙඹවුසේක.
නුඹ ඒදොම්වරුන්ට පහර දුන්නා සැබෑය, නුඹේ සිතද උඩඟුවී තිබේ. ඒ ගෞරවය ඇතුව ගෙදර සිටින්න; නුඹද නුඹ සමඟ යූදාවරුන්ද වැටෙනලෙස නුඹ අන්තරායට මැදිවෙන්නේ මක්නිසාදැයි යූදාහි රජවූ අමශියාට කියා ඇරියේය.
ඒ කාලයේදී බලදාන්ගේ පුත්‍රවූ බබිලෝන්හි රජවූ බෙරොදක්-බලදාන් හෙසකියා රෝගීව සිටිය බව අසා ලියුම්ද තෑග්ගක්ද ඔහු වෙතට හැරියේය.
හෙසකියා ඔවුන්ට ඇහුම්කන්දී තමාගේ මුළු සම්පත් ගබඩාවද එහි තිබුණු රන් රිදීද සුවඳ ද්‍රව්‍යද අනර්ඝ තෙල්ද තමාගේ මුළු යුද්ධායුධ ගෙයද තමාගේ ගබඩාවල තිබුණු සියල්ලද ඔවුන්ට පෙන්නුවේය. තමාගේ ගෙදරවත් මුළු රාජ්‍යයෙහිවත් හෙසකියා ඔවුන්ට නොපෙන්නූ කිසිවක් නොවීය.
නුමුත් හනානිගේ පුත්‍රවූ යේහු නම් දිවස් ඇත්තා යෙහෝෂාපාට් රජුගේ පෙරමගට පිටත්ව ගොස් ඔහුට කථාකොට: දුෂ්ටයාට උපකාරකිරීමත් ස්වාමීන්වහන්සේට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමත් නුඹට යුතුද? මේ කාරණය නිසා නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේගේ උදහස පැමිණ තිබේ.
ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය අත්හැර අෂේරා කණුවලටත් පිළිමවලටත් සේවයකළෝය. ඔවුන්ගේ මේ වරද නිසා යූදාද යෙරුසලමද පිටට උදහස පැමිණියේය.
මෙන්න, ඒදොම්වරුන්ට පහරදුන්නෙමියි නුඹ කියයි; නුඹේ සිතද පාරට්ටු කරන පිණිස අහංකාරවී තිබේ. ගෙදර සිටින්න; නුඹද නුඹ සමඟ යූදාවරුන්ද වැටෙන ලෙස නුඹ අන්තරායට මැදිවෙන්නේ මක්නිසාදැයි යූදාහි රජවූ අමශියාට කියා හැරියේය.
නුමුත් ඔහු බලවත්වූ කල, නපුර කරන ලෙස ඔහුගේ සිත උඩඟුවිය; ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වීමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව වරද කෙළේය.
එසේවුවත් දේශයෙහි සිද්ධවුණ ආශ්චර්යය ගැන විභාගකරන්ට බබිලෝනියේ අධිපතීන් විසින් තානාපතියන් ඔහු ළඟට එවූ කල, ඔහුගේ සිතේ තිබුණ සියල්ල දැනගන්න පිණිස දෙවියන්වහන්සේ ඔහු සෝදිසි කිරීමට අත්හැරියසේක.
ඒ කාලයේදී බලදාන්ගේ පුත්‍රවූ බබිලෝනියේ රජවූ මෙරොදක්-බලදාන් හෙසකියා ලෙඩින් සිට සුවවුණ බව අසා ලියුම් සහ තෑග්ගක් ඔහු වෙතට එවුවේය.
හෙසකියාද ඔවුන් ගැන ප්‍රීතිවී, තමාගේ වස්තු ගබඩාවද එහි තිබුණු රන්රිදීද සුවඳ ද්‍රව්‍යද අනර්ඝ තෙල්ද තමාගේ මුළු යුද්ධායුධ ගෘහයද තමාගේ ගබඩාවල තිබුණු සියල්ලද ඔවුන්ට පෙන්නුවේය. හෙසකියා තමාගේ ගෙයිවත් මුළු රාජ්‍යයෙහිවත් ඔවුන්ට නොපෙන්වූ කිසිවක් නොතිබුණේය.
නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟුවී තිබේ, නුඹේ දීප්තිමත්කම නිසා නුඹේ ප්‍රඥාව නරක්කරගත්තෙහිය. මම නුඹ පොළොවට හෙළා, රජවරුන් විසින් නුඹ දකින පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි තැබුවෙමි.
මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි තීර්හි අධිපතියාට කියන්න: නුඹ දෙවිකෙනෙක් නොව මනුෂ්‍යයෙක් නුමුත් නුඹේ සිත උඩඟුවී–මම දෙවිකෙනෙක්මි; මුහුද මැද මම දෙවිකෙනෙකුගේ ආසනයේ වැඩහිඳිමියි නුඹ කියමින්, නුඹේ සිත දෙවිකෙනෙකුගේ සිත මෙන් සැලකුවෙහිය.
නුඹේ ප්‍රඥාවේ මහත්කමින් නුඹේ වෙළඳාම කරණකොටගෙන නුඹේ සම්පත් නුඹ වැඩිකරගෙන සිටින බැවින්, නුඹේ සම්පත්වලින් නුඹේ සිත උඩඟුවී තිබේ.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔහු උසින් උසස්වී, ඔහුගේ මුදුන වලාකුල් අතරට ඇර, ඔහුගේ උසස්කමින් ඔහුගේ සිත උඩඟුවූ බැවින්,
ඒ සමූහයා අල්වාගත්තාම ඔහුගේ සිත උසස්වන්නේය. මෙසේ ඔහු දස දහස් ගණන් අය හෙළාදමන නුමුත් ජය නොගන්නේය.
එහෙත් ඔහුගේ සිත උසස්වී, උඩඟුකම්කරන ලෙස ඔහුගේ ආත්මය දැඩිවූ කල, ඔහු තමාගේ රාජාසනයෙන් පහත්කරනු ලැබුවේය, ඔහුගේ මහිමයද ඔහුගෙන් පහකරනු ලැබීය.
ස්වර්ගයේ ස්වාමීන්වහන්සේට විරුද්ධව උසස්වී, උන්වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගන, ඔබද ඔබගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් මුද්‍රිකපානය බීවෝය; තවද කිසි පෙනීමක්වත් ඇසීමක්වත් දැනුමක්වත් නැත්තාවූ, රන් රිදී පිත්තල යකඩ ලී සහ ගල්ද වූ දෙවිවරුන්ට ඔබ ප්‍රශංසාකෙළෙහිය. නුමුත් ඔබගේ හුස්ම තමන් හස්තයෙහි ඇත්තාවූ, ඔබගේ සියලු මාර්ග අයිතිවූ දෙවියන්වහන්සේට ඔබ ගෞරවකළේ නැත.
නුඹලා වචන රැගෙන ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඇවිත්, උන්වහන්සේට කථාකොට: අපේ සියලුම අපරාධවලට කමාවී, කරුණාවෙන් අප පිළිගත මැනව. එවිට අපේ තොල්වල පූජා ගොනුන් පූජාකරන්නාක්මෙන් ඔප්පු කරන්නෙමුව.
බලව, ඔහුගේ සිත උඩඟුය, එය ඔහු තුළ අවංක නැත. ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසකමෙන් ජීවත්වන්නේයයි කීසේක.
තවද ඒ එළිදරව්කිරීම්වල අතිශය උතුම්කම කරණකොටගෙන පමණට වඩා උසස් නොවන පිණිස මට පහරදීමට සාතන්ගේ දූතයෙකු වැනිවූ උලක් මාගේ මාංසයෙහි මට දෙනලද්දේය, ඒ පමණට වඩා මා උසස් නොවන පිණිසය.
අහෝ මෝඩවූ නුවණ නැති ජනයෙනි, නුඹලා ස්වාමීන්වහන්සේට මෙසේ ප්‍රතිඵල දෙන්නහුද? නුඹ මිදූ තැනැන්වහන්සේම නුඹේ පියාණෝ නොවනසේක්ද? උන්වහන්සේම නුඹ සාදා නුඹ පිහිටෙවුසේක.
මාගේ බල පුළුවන්කමෙනුත් මාගේ බාහු ශක්තියෙනුත් මේ වස්තුව ලද්දෙමියි නුඹේ සිතින් නොකියන හැටියටද බලාගන්න.