Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 20:13 - Sinhala Revised Old Version

13 හෙසකියා ඔවුන්ට ඇහුම්කන්දී තමාගේ මුළු සම්පත් ගබඩාවද එහි තිබුණු රන් රිදීද සුවඳ ද්‍රව්‍යද අනර්ඝ තෙල්ද තමාගේ මුළු යුද්ධායුධ ගෙයද තමාගේ ගබඩාවල තිබුණු සියල්ලද ඔවුන්ට පෙන්නුවේය. තමාගේ ගෙදරවත් මුළු රාජ්‍යයෙහිවත් හෙසකියා ඔවුන්ට නොපෙන්නූ කිසිවක් නොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 හෙසකියා ඔවුන්ට ඇහුම්කන් දී තමාගේ මුළු සම්පත් ගබඩාව ද එහි තිබූ රන් රිදී ද සුවඳ ද්‍රව්‍ය ද අනර්ඝ තෙල් ද තමාගේ මුළු යුද්ධායුධ ගබඩා ද තමාගේ ගබඩාවල තිබුණු සියල්ල ද ඔවුන්ට පෙන්වී ය. තමාගේ ගෙදර වත්, මුළු රාජ්‍යයෙහි වත් හෙසකියා ඔවුන්ට නොපෙන්නූ කිසිවක් නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 හෙසකියා ඔවුන්ට ඇහුම්කන් දී තමාගේ මුළු සම්පත් ගබඩාව ද එහි තිබූ රන් රිදී ද සුවඳ ද්‍රව්‍ය ද අනර්ඝ තෙල් ද තමාගේ මුළු යුද්ධායුධ ගබඩා ද තමාගේ ගබඩාවල තිබුණු සියල්ල ද ඔවුන්ට පෙන්වී ය. තමාගේ ගෙදර වත්, මුළු රාජ්‍යයෙහි වත් හෙසකියා ඔවුන්ට නොපෙන්නූ කිසිවක් නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 20:13
12 හුවමාරු යොමු  

හෙසකියාද ඔවුන් ගැන ප්‍රීතිවී, තමාගේ වස්තු ගබඩාවද එහි තිබුණු රන්රිදීද සුවඳ ද්‍රව්‍යද අනර්ඝ තෙල්ද තමාගේ මුළු යුද්ධායුධ ගෘහයද තමාගේ ගබඩාවල තිබුණු සියල්ලද ඔවුන්ට පෙන්නුවේය. හෙසකියා තමාගේ ගෙයිවත් මුළු රාජ්‍යයෙහිවත් ඔවුන්ට නොපෙන්වූ කිසිවක් නොතිබුණේය.


පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් සැබවින්ම පොළොවෙහි නැත.


නැතිවීයන දේට නුඹේ ඇස් යොමු කරන්නෙහිද? වස්තුව පියාපත් සාදාගෙන රාජාලියෙකු මෙන් අහස දෙසට ඉගිලී යන්නේමය.


ඔව්හු අවුරුද්දෙන් අවුරුද්ද තම තමුන්ගේ තෑගි වන රිදී භාජනද රන් භාජනද වස්ත්‍රද යුද්ධායුධද සුවඳ ද්‍රව්‍යද අශ්වයන්ද අශ්වතරයන්ද ගෙනාවෝය.


අවුරුද්දකට ලැබුණු රන්වල බර තලෙන්ත හසිය හැටහයක්ය.


තවද ඈ රන් තලෙන්ත එකසිය විස්සක්ද සුවඳ ද්‍රව්‍ය මහත් රාශියක්ද අනර්ඝ ගල්ද රජුට දුන්නාය. ෂෙබාහි බිසව සාලමොන් රජුට දුන් ඒ සුවඳ ද්‍රව්‍ය තරම් සුවඳ ද්‍රව්‍ය තවත් නොලැබුණේය.


ඕතොමෝ ඉතා මහත් පිරිවරක්ද සුවඳ ද්‍රව්‍ය සහ රත්රන් රාශියකුත් අනර්ඝ ගලුත් පටවනලද ඔටුවන්ද ඇතුව යෙරුසලමට ආවාය. ඈ සාලමොන් වෙතට පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කථාකළාය.


එවිට අනාගතවක්තෘවූ යෙසායා හෙසකියා රජු ළඟට ඇවිත්: ඒ මනුෂ්‍යයෝ කුමක් කීවෝද? ඔව්හු කොතැනින් නුඹ වෙතට ආවෝදැයි ඔහුගෙන් ඇසුවේය. හෙසකියාද: ඔව්හු දුර රටක්වූ බබිලෝනියේ සිට ආවෝයයි කීවේය.


එවිට ඔහු: ඔව්හු නුඹේ ගෙයි කුමක් දුටුවෝදැයි ඇසුවේය. මාගේ ගෙයි තිබෙන සියල්ල ඔව්හු දුටුවෝය. මාගේ වස්තු අතරෙහි මා විසින් නොපෙන්නූ කිසිවක් නැතැයි හෙසකියා කීවේය.


දෙවියන්වහන්සේ එක් වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි; එනම් බලය දෙවියන්වහන්සේට අයිති බවත්,


මනුෂ්‍යයන්ගේ මළකඳන් කෙත් පිට කසළ මෙන්ද ගොයම් කපන්නාට පස්සෙන් ගොයම් මිටි මෙන්ද වැටෙනවා ඇත, කිසිවෙක් ඒ එකතු නොකරන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්