Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 21:1 - Sinhala Revised Old Version

1 සාතන් ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නැගිට ඔවුන් ගණන්කරන්ට දාවිත් පෙළඹවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 එවිට සාතන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නැඟිට ඔවුන් සංගණනය කරන්න දාවිත් පෙළඹ වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 එවිට සාතන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නැඟිට ඔවුන් සංගණනය කරන්න දාවිත් පෙළඹ වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 21:1
18 හුවමාරු යොමු  

තවද උත්තම පූජකයාවූ යෝෂුවා ස්වාමීන්වහන්සේගේ දූතයා ඉදිරියෙහිද, ඔහුගේ එදිරිකාරයා වන පිණිස සාතන් ඔහුගේ දකුණු පැත්තෙහිද සිටිනවා ඔහු මට පෙන්නුවේය.


නැවතත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ඉදිරිපිට පෙනීසිටින්ට ආ කල්හි සාතන්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ඔවුන් අතරෙහි ආයේය.


එවිට: අපගේ දෙවියන්වහන්සේගේ ගැළවීමද බලයද රාජ්‍යයද තමන් ක්‍රිස්තුස්වහන්සේගේ ආණ්ඩුබලයද දැන් පැමුණුණේය. මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරිපිට රෑ දාවල් අපේ සහෝදරයන්ට වරදතබන්නාවූ, ඔවුන්ගේ වරදතබන්නා පහත හෙළනු ලැබුවේය.


තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු.


නුමුත් පේතෘස් කථාකොට: අනනියස්නි, ශුද්ධාත්මයාණන්වහන්සේ රවටා බිමේ මිලෙන් කොටසක් තබාගන්ට සාතන් නුඹේ සිත පිරෙවුවේ මක්නිසාද?


යේසුස්වහන්සේ පාවාදෙන්ට සීමොන්ගේ පුත්‍රවූ යූදස් ඉස්කාරියොත්ගේ සිත යක්ෂයා විසින් පොළඹවා තිබුණෙන්,


සීමොන්, සීමොන්, බලව, නුඹලා ගෝධුම මෙන් පොළන්ට සාතන් ඉල්ලුවේය.


උන්වහන්සේ එතැනින් පිටත්ව ආ කල්හි ලියන්නෝද ඵරිසිවරුද උන්වහන්සේ ගැන රැක සිට, උන්වහන්සේගේ මුඛයෙන් යමක් අසුකරගන්න පිණිස උන්වහන්සේ තදලෙස පොළඹවා,


එවිට පරීක්ෂකයා උන්වහන්සේ වෙතට ඇවිත්: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්ට අණකරන්නැයි කීවේය.


යමෙක් පරීක්ෂාකරනු ලබන කල: මම දෙවියන්වහන්සේගෙන් පරීක්ෂාකරනු ලබමියි නොකියාවා. මක්නිසාද දෙවියන්වහන්සේ නපුරෙන් පරීක්ෂාකරනු ලබන්ට නුපුළුවන, උන්වහන්සේම කිසිවෙකු පරීක්ෂානොකරනසේක.


මොව්හු ගාත්හිදී යෝධයාට දාව උපන් අයය; ඔව්හු දාවිත් අතින්ද ඔහුගේ සේවකයන් අතින්ද පැරදී වැටුණෝය.


ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් ගණන්කරන්ට පටන්ගත් නුමුත් තීන්දුකළේ නැත; තවද ඒ ගැන ඉශ්‍රායෙල් පිටට උදහස පැමුණුණේය; ඒ ගණනද දාවිත් රජුගේ ලේකම් පොතේ ඇතුළත් නොකරනලද්දේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් ගණන් කරනු ලබන තැනැත්තන්ගේ ගණන නුඹ ගන්නා කල්හි එනම් ඔවුන් ගණන් කිරීමේදී ඔවුන් අතරෙහි වසංගතයක් නොපැමිණෙන පිණිස ඔවුන් ගණන් කිරීමේදී එක එක මනුෂ්‍යයා තම තමාගේ ප්‍රාණය උදෙසා මිදීමේ මිලයක් ස්වාමීන්වහන්සේට දේවා.


මේ සියල්ලෝ ආෂෙර්ගේ පුත්‍රයෝය. ඔව්හු තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව, උතුම්වූ බලවන්ත මනුෂ්‍යයෝව, ප්‍රධාන අධිපතියෝව සිටියෝය. පෙළපත් හැටියට යුද්ධ සේවයට ගණන්ගන්නාලද්දෝ විසිදහසක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්