යෙරොබොවම්ට කථාකොට: නුඹ කෑලි දහයක් ගනින්න. මක්නිසාද ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම සාලමොන්ගේ රාජ්‍යය පැහැරගන නුඹට ගෝත්‍ර දසයක් දෙන්නෙමි.
2 ලේකම් 21:10 - Sinhala Revised Old Version මෙසේ ඒදොම්වරු අද දක්වා යූදාවරුන් යටතෙන් අහක්වී සිටිති. තවද ලිබ්නාවරුත් එම කාලයේදී කැරළිගසා ඔහු යටතෙන් අහක්වුණෝය. මෙසේ වුණේ ඔහු තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසාය. Sinhala New Revised Version මෙසේ ඒදොම්වරු අද දක්වා ජුදාවරුන්ගේ පාලනයෙන් ඉවත් වී සිටිති. තවද, ලිබ්නාවරුත් එම කාලයේ දී කැරලි ගසා ඔහුගේ පාලනයෙන් ඉවත් වූ හ. මෙසේ වූයේ, ඔහු තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත් හැරිය නිසා ය. Sinhala New Revised Version 2018 මෙසේ ඒදොම්වරු අද දක්වා ජුදාවරුන්ගේ පාලනයෙන් ඉවත් වී සිටිති. තවද, ලිබ්නාවරුත් එම කාලයේ දී කැරලි ගසා ඔහුගේ පාලනයෙන් ඉවත් වූ හ. මෙසේ වූයේ, ඔහු තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත් හැරිය නිසා ය. |
යෙරොබොවම්ට කථාකොට: නුඹ කෑලි දහයක් ගනින්න. මක්නිසාද ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම සාලමොන්ගේ රාජ්‍යය පැහැරගන නුඹට ගෝත්‍ර දසයක් දෙන්නෙමි.
මා මෙසේ කරන්නේ ඔවුන් ඔහුගේ පියවූ දාවිත් මෙන් මාගේ ඇස් හමුයෙහි හරිව තිබුණු දේද මාගේ පනත්ද විනිශ්චයයන්ද ඉෂ්ටකරමින් මාගේ මාර්ගවල නොහැසිර මා අත්හැර, ශීදොන්වරුන්ගේ දේවතාවිවූ අෂ්ටාරොත්ටද මෝවබ්වරුන්ගේ දෙවිවූ කෙමොෂ්ටද අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවූ මිල්කොම්ටද නමස්කාරකළ නිසාය.
අෂූර්හි රජු ලාකීෂ්හි සිට පිටත්ව ගිය බව රබ්-ෂාකේ අසා හැරීගිය විට, ඔහු ලිබ්නාට විරුද්ධව යුද්ධකරන බව දැනගත්තේය.
නුමුත් අපේ දෙවියන්වහන්සේ නම් ස්වාමීන්වහන්සේය, අපි උන්වහන්සේ අත්නොහැරියෙමුව; ස්වාමීන්වහන්සේට සේවයකරන පූජකයෝවූ ආරොන්ගේ පුත්‍රයෝද තමුන්ගේ මෙහෙයේ යෙදෙන ලෙවීවරුද අපට සිටිති.
ඔහු ආසාගේ පෙරමගට ගොස් කථාකොට: ආසා සහ සියලු යූදාවරුනි, බෙන්යමින්වරුනි, මට ඇහුම්කන්දෙන්න, නුඹලා ස්වාමීන්වහන්සේ සමඟ සිටින තුරු උන්වහන්සේ නුඹලා සමඟ සිටිනසේක; නුඹලා උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹලාට සම්බවෙනවා ඇත. නුඹලා උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද නුඹලා අත්හරිනවා ඇත.
ඇරත් ඔහු යූදා කඳුවල උස්තැන් සාදා යෙරුසලමේ වැසියන් වේශ්‍යාකමට පමුණුවා, යූදාවරුන් මුළාකෙරෙවුවේය.
ඔහුගේ කාලයේදී ඒදොම්වරු කැරළිගසා යූදාවරුන් යටතෙන් අහක්ව, තමුන් කෙරෙහි රජෙකු පත්කරගත්තෝය.
එවිට යෙහෝරාම් තමාගේ අධිපතීන්ද සියලු රථද සමඟ ගොස් රාත්‍රියේ නැගිට තමා වටකර සිටි ඒදොම්වරුන්ටත් රථාධිපතීන්ටත් පහරදුන්නේය.
රෙමලියාගේ පුත්‍රවූ පෙකා බලවන්තයන්ව සිටි එක්ලක්ෂ විසි දහසක් එක දවසේ යූදාහිදී මැරුවේය; මෙසේ වුණේ ඔවුන් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසාය.
නුමුත් ද්‍රෝහිකම් කරන්නන්ගේද පව්කාරයන්ගේද විනාශය එකවිටම සිදුවන්නේය, ස්වාමීන්වහන්සේ අත්හරින්නෝ විනාශවන්නෝය.
මක්නිසාද මාගේ සෙනඟ නපුරු දේවල් දෙකක් කළෝය; ඔව්හු ජීවන වතුර උල්පතවූ මා අත්හැර, කටාරම්, එනම් වතුර නාල්ලන්නාවූ බිඳුණාවූ කටාරම් තමුන්ට කපාගත්තෝය.
නුඹේ දුෂ්ටකම නුඹට දඬුවම්කරන්නේය, නුඹේ පසුබටවීම්ද නුඹට අච්චුකරනවා ඇත. එබැවින් නුඹ විසින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර සිටින කාරණයද මා කෙරෙහි භය නුඹට නැතිකමද නපුරුවූ තික්තවූ දෙයක් බව බලා දැනගන්නැයි සේනාවල ස්වාමිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
ඒ දවසේ මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළෙන්නේය, මම ඔවුන් අත්හැර මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නෙමි, එවිට ඔව්හු කොල්ලයක් වන්නෝය, ඔවුන් පිටට බොහෝ විපත්තිද දුක්ද පැමිණෙන්නේය; ඔව්හු ඒ දවසේ කථාකොට: මේ විපත්ති අප පිටට පැමිණ තිබෙන්නේ අපේ දෙවියන්වහන්සේ අප අතරේ නැති නිසා නොවේදැයි කියන්නෝය.
දෙවි නොවන්නන් කරණකොටගෙන ඔව්හු මා කෝපකළෝය; තමුන්ගේ නිෂ්ඵලකම්වලින් මා උදහස් කළෝය. මමද සෙනඟක් නොවන්නන් කරණකොටගෙන ඔවුන් කෝපකරවන්නෙමි; අඥාන ජාතියක් ලවා ඔවුන් උදහස් කරවන්නෙමි.
මක්කේදාහි සිට යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ලිබ්නාට ගොස් ලිබ්නාට විරුද්ධව යුද්ධකෙළේය.
ඔව්හු පූජක ආරොන්ගේ පුත්‍රයන්ට, මිනීමරන අයට ආරක්ෂා නුවරක්වූ හෙබ්‍රොන් සහ එහි පිට-බිම්ද ලිබ්නා සහ එහි පිට-බිම්ද,
නුමුත් නුඹලා මා අත්හැර අන් දෙවිවරුන්ට සේවය කළහුය. එබැවින් මම තවත් නුඹලා නොගළවන්නෙමි.