Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 21:13 - Sinhala Revised Old Version

13 ඔව්හු පූජක ආරොන්ගේ පුත්‍රයන්ට, මිනීමරන අයට ආරක්ෂා නුවරක්වූ හෙබ්‍රොන් සහ එහි පිට-බිම්ද ලිබ්නා සහ එහි පිට-බිම්ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඉශ්රායෙල්වරු පූජක ආරොන්ගේ පුත්‍රයන්ට, මිනී මරන අයට අභය භූමි නගරයක් වූ හෙබ්‍රොන් හා ඒ අවට තණ බිම් ද ලිබ්නා සහ ඒ අවට තණ බිම් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඉශ්රායෙල්වරු පූජක ආරොන්ගේ පුත්‍රයන්ට, මිනී මරන අයට අභය භූමි නගරයක් වූ හෙබ්‍රොන් හා ඒ අවට තණ බිම් ද ලිබ්නා සහ ඒ අවට තණ බිම් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 21:13
9 හුවමාරු යොමු  

ලිබ්නාද එතෙර්ද ආෂාන්ද,


මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ්ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම්ද යූදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බාද වෙන්කොට තැබුවෝය.


හුම්තාද හෙබ්‍රොන් නම්වූ කිරියත්-අර්බාද ශියොර්ද යන නුවරවල් නවයද ඒවායේ ගම්ද යන මේවාය.


මක්කේදාහි සිට යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ලිබ්නාට ගොස් ලිබ්නාට විරුද්ධව යුද්ධකෙළේය.


අෂූර්හි රජු ලාකීෂ් හැර ගිය බව රබ්-ෂාකේ අසා ආපසු ගිය විට, ඔහු ලිබ්නාට විරුද්ධව යුද්ධකරන බව දැනගත්තේය.


නුඹලා ලෙවීවරුන්ට දිය යුතුවූ නුවරවල් නම් මිනීමරන්නාට පලායාම පිණිස දෙන්නාවූ ආරක්ෂා නුවරවල් හයය. ඒවා ඇර තව නුවරවල් සතළිස් දෙකක් දෙන්න.


එහෙත් නුවර කෙත්ද එහි ගම්ද ඔව්හු යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට උරුමයක් කොට දුන්නෝය.


මෙසේ ඒදොම්වරු අද දක්වා යූදාවරුන්ට විරුද්ධව කැරළිගසන්නෝය. එම කාලයේදී ලිබ්නාවරුද කැරළිගැසුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්