Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 31:17 - Sinhala Revised Old Version

17 ඒ දවසේ මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළෙන්නේය, මම ඔවුන් අත්හැර මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නෙමි, එවිට ඔව්හු කොල්ලයක් වන්නෝය, ඔවුන් පිටට බොහෝ විපත්තිද දුක්ද පැමිණෙන්නේය; ඔව්හු ඒ දවසේ කථාකොට: මේ විපත්ති අප පිටට පැමිණ තිබෙන්නේ අපේ දෙවියන්වහන්සේ අප අතරේ නැති නිසා නොවේදැයි කියන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එදින මාගේ උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවිළී, මා ඔවුන් අත්හැර, මම ඔවුන්ගෙන් මාගේ මුහුණ සඟවා ගන්නෙමි. ඔවුන් පිට පැමිණෙන මහා විපත්ති සහ දුක් කරදරවලින් ඔව්හු වැනසී යන්නෝ ය. එවිට එදින ඔව්හු කතා කොට, ‘මේ විපත්ති අප පිට පැමිණ තිබෙන්නේ අපේ දෙවියන් වහන්සේ අප අතරේ නැති නිසා නොවේ දැ’යි කියන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එදින මාගේ උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවිළී, මා ඔවුන් අත්හැර, මම ඔවුන්ගෙන් මාගේ මුහුණ සඟවා ගන්නෙමි. ඔවුන් පිට පැමිණෙන මහා විපත්ති සහ දුක් කරදරවලින් ඔව්හු වැනසී යන්නෝ ය. එවිට එදින ඔව්හු කතා කොට, ‘මේ විපත්ති අප පිට පැමිණ තිබෙන්නේ අපේ දෙවියන් වහන්සේ අප අතරේ නැති නිසා නොවේ දැ’යි කියන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 31:17
43 හුවමාරු යොමු  

මම වනාහි යාකොබ්ගේ වංශයෙන් තමන්ගේ මුහුණ සඟවාගන්න ස්වාමීන්වහන්සේ ගැන බලාසිට, උන්වහන්සේ ගැන බලාපොරොත්තුවන්නෙමි.


ඔබගේ මුහුණ සඟවන කල උන් කැලඹෙති; ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී දූවිල්ලට හැරීයෙති.


ඔහු ආසාගේ පෙරමගට ගොස් කථාකොට: ආසා සහ සියලු යූදාවරුනි, බෙන්යමින්වරුනි, මට ඇහුම්කන්දෙන්න, නුඹලා ස්වාමීන්වහන්සේ සමඟ සිටින තුරු උන්වහන්සේ නුඹලා සමඟ සිටිනසේක; නුඹලා උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹලාට සම්බවෙනවා ඇත. නුඹලා උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද නුඹලා අත්හරිනවා ඇත.


ගිඩියොන් ඔහුට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක් නම් මේ සියල්ල අපට සිද්ධවී තිබෙන්නේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ අප මිසරයෙන් ගෙනාවා නොවේද කියා අපේ පියවරුන් අපට කියාදුන් උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොයිද? දැන් නම් ස්වාමීන්වහන්සේ අප අත්හැරදමා මිදියන්වරුන් අතට අප පාවාදුන්සේකැයි කීවේය.


නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පහර නොලබන පිණිස නැගී නොයන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලා අතරෙහි නොවන සේක.


මේ සෙනඟවත් ප්‍රොපේතවරුවත් පූජකයෙක්වත් ස්වාමීන්වහන්සේගේ බර කිමෙක්දැයි නුඹෙන් අසන විට–ඒ බර නම් නුඹලාය, මම නුඹලා අහක්කර දමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔවුන්ට කියන්න.


ඔබගේ නාමය කියා යාච්ඤාකරන්නාවූ, ඔබ අල්වාගන්න පිණිස තමාම ප්‍රබෝධ කරගන්නාවූ කිසිවෙක් නැත. මක්නිසාද ඔබවහන්සේ ඔබගේ මුහුණ අපෙන් සඟවා අපේ අපරාධ නිසා අප දියව යන්ට හැරියසේක.


ස්වාමිනි, ඔබගේ කරුණාවෙන් ඔබ මාගේ කන්ද ශක්තිමත්කොට පිහිටෙවුසේක. ඔබ මුහුණ සඟවාගත්සේක; මම කැලඹුණෙමි.


සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත.


ඔවුන් දරුවන් ඇතිකරතත් මනුෂ්‍යයෙක් නොසිටින හැටියට ඔවුන් තුරන්කරන්නෙමි. එසේය, මා විසින් ඔවුන් අත්හැර යන කල ඔවුන්ට දුක්වේ!


මා විසින් මාගේ ආත්මය ඉශ්‍රායෙල් වංශය කෙරෙහි වැගිරෙවුවාම මාගේ මුහුණ තවත් ඔවුන්ගෙන් සඟවා නොගන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


මම නුඹලා සහමුලින්ම මතක නැතිකර දමන්නෙමි, නුඹලා සහ නුඹලාගේ පියවරුන්ට මා විසින් දුන් නුවරද මා ඉදිරියෙන් පහකරදමා,


ස්වාමීන්වහන්ස, ඔබගේ මාර්ගවලින් අප මුළාවයන්ටත් ඔබ කෙරෙහි භය නොවන සේ අපේ සිත් දැඩිවෙන්ටත් හරින්නේ මක්නිසාද? ඔබගේ උරුම-ගෝත්‍ර වන ඔබගේ මෙහෙකරුවන් නිසා හැරී අව මැනව.


ඔබගේ කෝපයේ බලයත් ඔබට භයවිය යුතු ප්‍රමාණයේ හැටියට ඔබගේ උදහසත් දන්නේ කවුද?


ස්වාමිනි, ඔබ කොපමණ කල් නිරන්තරයෙන් සැඟවෙනසේක්ද? ඔබගේ උදහස කොපමණ කල් ගිනි මෙන් ඇවිළෙනේද?


ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව; උදහසින් ඔබගේ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ පිහිට වූසේක; මාගේ ගැළවීමේ දෙවියන්වහන්ස, මා පහ නොකළ මැනව, අත් නොහළ මැනව.


පුත්‍රයාණන් සිඹිව්, නැතහොත් උන්වහන්සේ උදහස්වනසේක, නුඹලාද මාර්ගයේදී විනාශවන්නහුය, මක්නිසාද උන්වහන්සේගේ උදහස වහාම ඇවිලෙන්නේය. උන්වහන්සේ සරණකොට ගන්න සියල්ලෝ ආශීර්වාදලද්දෝය.


මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ ක්‍රියා ලෙස ඔහුට ප්‍රතිඵල දී, ඒ ඒ අයගේ හැසිරීමේ හැටියට ඔහුට සිද්ධවෙන්ට සලස්වනසේක.


ඔබගේ මුහුණ ඔබ සඟවා, මා ඔබගේ සතුරෙකුකොට ගණන්ගන්නේ මක්නිසාද?


ඉතින් අපේ දෙවියන්වහන්ස, මහත්වූ, බලවන්තවූ, භයානකවූ, ගිවිසුමද කරුණාවද පවත්වන්නාවූ දෙවියන්වහන්ස, අෂූර්හි රජුන්ගේ කාලයේ සිට අද දක්වා අපටත් අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පූජකයන්ටත් අපේ ප්‍රොපේතවරුන්ටත් අපේ පියවරුන්ටත් ඔබගේ මුළු සෙනඟටත් පැමිණි සියලු දුක් ගැහැට ඔබ ඉදිරියෙහි සුළුව නොපෙනේවා.


දෙවියන්වහන්සේගේ ආත්මය යෙහෝයාදා පූජකයාගේ පුත්‍රවූ ශෙකරියා කෙරෙහි පැමිණියේය; ඔහු සෙනඟට ඉහළින් නැගිට සිට ඔවුන්ට කථාකොට: දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-නුඹලා ස්වාමීන්වහන්සේගේ ආඥා කඩකරන්නේ මක්නිසාද? නුඹලාට සඵලයක් නොවන්නේය. නුඹලා ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසා උන්වහන්සේත් නුඹලා අත්හැරියසේකැයි කීවේය.


ස්වාමීන්වහන්සේ ඔහුට කමානොවනසේක, ස්වාමීන්වහන්සේගේ උදහස සහ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව ඇවිළෙන්නේය. මේ පොතෙහි ලියා තිබෙන මුළු ශාපයද ඔහු පිට පිහිටන්නේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ නාමය අහස යටින් මකාදමා,


ඔවුන් අන් දෙවිවරුන් වෙතට හැරීයාමෙන් කළාවූ සියලු දුෂ්ටකම් නිසා ඒ දවසේදී මාගේ මුහුණ සැබවින් සඟවාගන්නෙමි.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණ දේ කොට බාල්දේවතාවුන්ටත් අෂ්ටාරොත්ටත් සිරියේ දෙවිවරුන්ටත් ශීදොන්හි දෙවිවරුන්ටත් මෝවබ්හි දෙවිවරුන්ටත් අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දෙවි වරුන්ටත්, සේවයකළෝය; ස්වාමීන්වහන්සේට සේවය නොකොට උන්වහන්සේ අත්හැරියෝය.


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපේ පියවරුන් සමඟ සිටියාක් මෙන් අප සමඟත් සිටින සේක්වා. උන්වහන්සේ අප අත්නොහරිනසේක්වා, අප බැහැර නොදමනසේක්වා.


නුඹලා ගොස් මේ සම්බවුණ පොතේ වචන ගැන මා උදෙසාත් සෙනඟ උදෙසාත් සියලු යූදාවරුන් උදෙසාත් ස්වාමීන්වහන්සේගෙන් විචාරන්න. මක්නිසාද අප ගැන ලියා තිබෙන සියල්ලේ ප්‍රකාරයට කරන ලෙස අපේ පියවරුන් විසින් මේ පොතේ වචනවලට ඇහුම්කන් නුදුන් නිසා අප කෙරේ ඇවිළ තිබෙන ස්වාමීන්වහන්සේගේ උදහස මහත්යයි කීවේය.


ඔබ යාකොබ්ගේ වංශය වන ඔබගේ සෙනඟ අත්හැරියසේක, මක්නිසාද ඔව්හු පෙරදිග සිරිත්වලින් පිරී පිලිස්තිවරුන් මෙන් පේනකියන්නෝව සිටිති, විදේශීන්ගේ පුත්‍රයන් සමඟ අතට අත ගසති.


සමහරවිට ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව් ඇතුව වැටී, එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ සෙනඟට විරුද්ධව කියා තිබෙන උදහස සහ කෝපය මහත්යයි කීවේය.


රැකවලුන්ගේ අධිපතියා යෙරෙමියා ගෙන්වාගෙන ඔහුට කථාකොට: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ ස්ථානයට විරුද්ධව මේ විපත්තිය ගැන කීසේක.


ඔව්හු බොරුවට දිවුරා ගිවිසුමක් කරමින්, නිෂ්ඵල වචන කියති. එබැවින් විනිශ්චයද කෙතේ හීවිටිවල හටගන්න කොසඹ මෙන් හටගනියි.


එකල ඔව්හු ස්වාමීන්වහන්සේට මොරගසන්නෝය, නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නොදී, ඔවුන් නපුරු ක්‍රියාවල් කළ හෙයින් ඒ කාලයේදී තමන්ගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නාසේක.


මහත්වූ භයානකවූ දෙවිකෙනෙක් ව සිටින නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා අතරෙහි සිටින බැවින් ඔවුන් නිසා තැති නොගන්න.


නුඹ ඇදී ගියොත්, සැබවින් නුඹලා විනාශවෙන බව අද නුඹලාට දන්වමි; හිමිකරගන්න පිණිස ඇතුල්වීමට නුඹ යොර්දානෙන් එතරව යන භූමිය මතුපිට නුඹලාගේ දවස් වැඩිනොවන්නේය.


මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන,


මෙසේ ඒදොම්වරු අද දක්වා යූදාවරුන් යටතෙන් අහක්වී සිටිති. තවද ලිබ්නාවරුත් එම කාලයේදී කැරළිගසා ඔහු යටතෙන් අහක්වුණෝය. මෙසේ වුණේ ඔහු තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසාය.


ඔබ එදිරිකාරයා කෙරෙන් අප ආපසු හරවනසේක. අපට වෛරවන්නෝද කොල්ලකාගනිති.


එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


බලව, ස්වාමීන්වහන්සේ සියොන්හි නැද්ද? ඇගේ රජ්ජුරුවෝ ඈ තුළෙහි නැද්දැයි අසන මාගේ දියණිය වන සෙනඟගේ විලාප හඬ ඉතා දුර දේශයකින් ඇසෙන්නේය. ඔව්හු තමුන්ගේ කැපූ පිළිමවලින්ද අන්‍යයන්ගේ නිෂ්ඵල රූපවලින්ද කුමට මා කෝපකළෝද?


කල්දිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔව්හු එති, නුමුත් ඒ වනාහි මාගේ උදහසින්ද කෝපයෙන්ද මා විසින් මැරුවාවූ, තමුන්ගේ සියලු නපුරුකම් නිසා මේ නුවරින් මාගේ මුහුණ සඟවාගන්ට මට සැලැස්සුවාවූ මනුෂ්‍යයන්ගේ මළකඳන්වලින් ඒවා පිරවීමටය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්