Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 13:10 - Sinhala Revised Old Version

10 නුමුත් අපේ දෙවියන්වහන්සේ නම් ස්වාමීන්වහන්සේය, අපි උන්වහන්සේ අත්නොහැරියෙමුව; ස්වාමීන්වහන්සේට සේවයකරන පූජකයෝවූ ආරොන්ගේ පුත්‍රයෝද තමුන්ගේ මෙහෙයේ යෙදෙන ලෙවීවරුද අපට සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 “එහෙත්, අපේ දෙවියන් වහන්සේ නම්, සමිඳාණන් වහන්සේ ය. අපි උන් වහන්සේ අත් නොහැරියෙමු, සමිඳාණන් වහන්සේට සේවය කරන පූජකයන් වූ ආරොන්ගේ පුත්‍රයෝ ද තමන්ගේ මෙහෙයේ යෙදෙන ලෙවීවරු ද අපට සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 “එහෙත්, අපේ දෙවියන් වහන්සේ නම්, සමිඳාණන් වහන්සේ ය. අපි උන් වහන්සේ අත් නොහැරියෙමු, සමිඳාණන් වහන්සේට සේවය කරන පූජකයන් වූ ආරොන්ගේ පුත්‍රයෝ ද තමන්ගේ මෙහෙයේ යෙදෙන ලෙවීවරු ද අපට සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 13:10
11 හුවමාරු යොමු  

තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍රකරන්නාක්මෙන් ඔවුන් පවිත්‍රකරන්නෙමි, රන් පරීක්ෂාකරන්නාක්මෙන් ඔවුන් පරීක්ෂාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද: ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.


ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කියෙවු ලෙස ආරොන්ගේ වංශයෙහි නොවූ අන්‍ය කෙනෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන්ට ළංවී කෝරා හා ඔහුගේ සමාගම මෙන් නොවන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමක් කොට පූජාසනයට වැස්මක් සඳහා ඒවා තළා තහඩු සෑදූහ.


නුඹලා ආරොන්ගේ පුත්‍රයන් වන ස්වාමීන්වහන්සේගේ පූජකයන්ද ලෙවීවරුන්ද එළවාදමා වෙන දේශවල ජාතීන් මෙන් පූජකයන් නියමකරගත්තා නොවේද? මෙසේ කැපවෙන පිණිස නාඹු ගොනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන එන කවුරු නුමුත් දෙවි නොවන්නන්ට පූජකයෙක් වන්නේය.


ඔව්හු ස්වාමීන්වහන්සේට හැම උදයද හැම සවසද දවන පූජාත් සුවඳ දුම් ඔප්පුකරති. පිදීමේ රොටි රන් මේසය උඩ තබති, රන් පහන්-රුක සමඟ එහි පහන් හැම සවසම දල්වති. මක්නිසාද අපි අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ භාරය පවත්වමුව; නුමුත් නුඹලා උන්වහන්සේ අත්හැරියහුය.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාව කෙරෙහි උදහස නොපැමිණෙන පිණිස ලෙවීවරු සාක්ෂි මණ්ඩපය වටකරින් කූඩාරම් ගසා ගන්නෝය. ලෙවීවරුන්ම සාක්ෂි මණ්ඩපයේ සේවය භාරගත යුතුයයි කීසේක.


මක්නිසාද අප සහ අපේ පියවරුන්ද මිසර දේශය වන වාල්කමේ ගෙදරින් පිටතට ගෙනාවෙත්, අපේ ඇස් ඉදිරියේදී ඒ මහත් හාස්කම් කළෙත්, අප ගිය මුළු මාර්ගයේදීද අප පසුකර ආවාවූ සියලු සෙනඟ අතරේදීද අප ආරක්ෂාකළෙත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, උන්වහන්සේමය.


මෙසේ මම විදේශී සියල්ලන් පහකිරීමෙන් ඔවුන් පිරිසිදුකර, එක් එක්කෙනා තම තමාගේ වැඩේ ප්‍රකාරයට


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්