ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 13:7 - Sinhala Revised Old Version

කමකට නැති දුර්ජනයෝවූ මනුෂ්‍යයෝ ඔහුට එකතුව සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම්ට විරුද්ධව තමුන්ම සවිකරගත්තෝය, ඔහු බාලව සිතින් මෘදුව සිටි බැවින් ඔවුන්ට විරුද්ධව සිටින්ට ඔහුට බැරිවුණේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

කමකට නැති දුර්ජන මනුෂ්‍යයෝ ඔහුට එකතු ව ඔවුන්ගේ කැමැත්ත කිරීමට සලමොන්ගේ පුත් රෙහොබෝවම්ට විරුද්ධ ව ඔහු තදින් පෙළඹ වූ හ. ඔහු වයසින් බාල ව, සිතින් මෘදු ව සිටි බැවින් ඔවුන්ට විරුද්ධ ව සිටින්න ඔහුට බැරි විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

කමකට නැති දුර්ජන මනුෂ්‍යයෝ ඔහුට එකතු ව ඔවුන්ගේ කැමැත්ත කිරීමට සලමොන්ගේ පුත් රෙහොබෝවම්ට විරුද්ධ ව ඔහු තදින් පෙළඹ වූ හ. ඔහු වයසින් බාල ව, සිතින් මෘදු ව සිටි බැවින් ඔවුන්ට විරුද්ධ ව සිටින්න ඔහුට බැරි විය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 13:7
20 හුවමාරු යොමු  

මම රජ මෙන් ආලේපලත්තෙම් නුමුත් අද දුර්වලව සිටිමි; ශෙරුයාගේ පුත්‍රයෝ වූ මේ මනුෂ්‍යයෝ මට සැර වැඩිය. නපුර කරන්නාට ඔහුගේ නපුරුකම ලෙස ස්වාමීන්වහන්සේ විපාක දෙනසේක්වයි කීවේය.


ඔව්හු–නුඹ දෙවියන්වහන්සේටත් රජුටත් ශාප කෙළෙහියයි ඔහුට විරුද්ධව සාක්ෂි දෙත්වා. පසුව ඔහු පිටතට ගෙනගොස් ගල්ගසා මරන්නය යනුය.


දුර්ජන මනුෂ්‍යයන් දෙදෙනෙක් ඇවිත් ඔහු ඉදිරියෙහි හිඳ: නාබොත් දෙවියන්වහන්සේටත් රජුටත් ශාපකෙළේයයි සෙනඟ ඉදිරියේ නාබොත්ට විරුද්ධව සාක්ෂි දැරුවෝය. එවිට ඔව්හු ඔහු නුවරින් පිටතට ගෙනගොස් ගල්ගසා මරා:


සියලු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනඟ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, නුඹලාගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්නි, නුඹේම වංශය බලාගන්නැයි කීවෝය. මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.


මෙසේ රෙහොබොවම් රජ යෙරුසලමෙහි ස්ථිරවී රජකම්කෙළේය. රෙහොබොවම් තෙම රජවෙන කල සතළිස් එක් අවුරුද්දක් වයස්ව සිටියේය, ඔහු ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන්ට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නුවරවූ යෙරුසලමෙහි දහහත් අවුරුද්දක් රජකම්කෙළේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය.


ඔව්හු මෝඩයන්ගේ පුත්‍රයෝය; එසේය, නීචයන්ගේ පුත්‍රයෝය; ඔව්හු දේශයෙන් තල්ලුකරදමනු ලැබුවෝය.


මම බොරුකාර මිනිසුන් සමඟ හිඳ නොගතිමි; රැවටිලිකාරයන් සමඟද නොයමි.


තමාගේ බිම අස්වද්දන්නා කෑමෙන් සමෘද්ධියට පැමිණෙයි; එහෙත් නිෂ්ඵල තැනැත්තන් අනුව යන්නා තේරුම් නැති කෙනෙක්ය.


තමාගේ බිම අස්වද්දන්නාට බොහෝසෙයින් කෑම ලැබේ; එහෙත් නිෂ්ඵල අය අනුව යන්නා දිළිඳුකමින් පූර්ණවේ.


එම්බා දේශය, නුඹේ රජ බාලයෙක්ව සිටින විටද, නුඹේ අධිපතීන් උදෑසනම කෑම කන විටද, නුඹට දුක් වේ!


මම දරුවන් ඔවුන්ගේ අධිපතීන් කොට පත්කරන්නෙමි, බාලයෝ ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන්නෝය.


නුමුත් යුදෙව්වරු ඊර්ෂ්‍යාවෙන් පිරී, අධමයන් අතරෙන් සමහර අසත්පුරුෂයන් කැඳවාගන, සමූහයක් රැස්කරවා, නුවර කලඹා යාසොන්ගේ ගේ ළඟට පැමිණ, සමූහයා වෙතට ඔවුන් පිටතට ගෙනෙන්ට තැත්කළෝය.


සහෝදරයෙනි, නුඹලා බුද්ධිය සම්බන්ධයෙන් ළමයි නොවෙන්න; නපුර සම්බන්ධයෙන් බිලින්දෝ වෙන්න, බුද්ධියෙන් පුරුෂයෝ වෙන්න.


නුඹලා දැන නොගත්තාවූ අන් දෙවිවරුන්ට සේවයකරන්ට යමුයයි කියමින් තමුන්ගේ නුවරවාසීන් අහක්කර ගන්නාලදැයි කියනවා නුඹ ඇසුවොත්,


මක්නිසාද මුරණ්ඩුවූ, නිෂ්ඵල කථාකාරයෝවූ, රැවටිලිකාරවූ බොහෝදෙනෙක් සිටිති, ප්‍රධානකොට එසේව සිටින්නේ චර්මඡේදිතයෝය.


මක්නිසාද කාලය ප්‍රකාරයට නුඹලා ගුරුවරයෝව සිටින්ට යුතුව තිබියදීත්, දෙවියන්වහන්සේගේ වාක්‍යවල මුල් ගුරුකම් නැවත යමෙකු විසින් නුඹලාට උගන්වන්ට ඕනෑව තිබේ; නුඹලා ඝන ආහාර නොව කිරි ඕනෑකරන අයව සිටින්නෝය.


එවිට යෙප්තා තමාගේ සහෝදරයන් ඉදිරියෙන් පලාගොස් ටෝබ් දේශයෙහි වාසය කෙළේය. කමකට නැති මනුෂ්‍යයෝ යෙප්තාට එකතුවී ඔහු කැටුව ගියෝය.


තවද ඔව්හු බාල්-බෙරීත්ගේ ගෘහයෙන් රිදී මිල සැත්තෑවක් ඔහුට දුන්නෝය. එයින් අබිමෙලෙක් තමා කැටුව යන පිණිස කමකට නැති චණ්ඩි මිනිසුන් කුලියට ගත්තෝය.


විපතට පත්වූ සියල්ලෝද ණයතුරුස් ඇති සියල්ලෝද නොසතුටු සිත් ඇති සියල්ලෝද ඔහු වෙතට රැස්වූහ; ඔහු ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඇති වූහ.