Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 3:4 - Sinhala Revised Old Version

4 මම දරුවන් ඔවුන්ගේ අධිපතීන් කොට පත්කරන්නෙමි, බාලයෝ ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 සෙනඟගේ අධිපතීන් වශයෙන් ළා බාල අය සමිඳාණෝ පත් කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 සෙනඟගේ අධිපතීන් වශයෙන් ළා බාල අය සමිඳාණෝ පත් කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 3:4
12 හුවමාරු යොමු  

එම්බා දේශය, නුඹේ රජ බාලයෙක්ව සිටින විටද, නුඹේ අධිපතීන් උදෑසනම කෑම කන විටද, නුඹට දුක් වේ!


යෙහෝයාකීන් දහඅට අවුරුදු වයසේදී රජකම්කරන්ට පටන්ගෙන, තුන්මස් දස දවසක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.


යෙහෝයාකීම් විසිපස් අවුරුදු වයසේදී රජවී, එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහු තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.


යොෂියා අට අවුරුදු වයසේදී රජවී තිස්එක අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය.


මනස්සේ දොළොස් අවුරුදු වයසේදී රජවී පනස්පස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය.


සෙදෙකියා විසිඑක් අවුරුදු වයසේදී රජවී, එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය.


යෝවාහාස් විසිතුන් අවුරුදු වයසේදී රජවී, යෙරුසලමෙහි තුන් මාසයක් රජකම්කෙළේය.


පනසාධිපතියා සහ ගරුතර තැනැත්තාද මන්ත්‍රියාද දක්ෂ ශිල්පියාද මායම් දන්න තැනැත්තාද පහකරනසේක.


මාගේ සෙනඟගේ පීඩාකාරයෝ නම් දරුවෝය, ස්ත්‍රියෝ ඔවුන් කෙරෙහි ආණ්ඩුකරති. මාගේ සෙනඟෙනි, නුඹට මගපෙන්වන්නෝ නුඹ මුළාකර නුඹ යායුතු මාර්ගය නැතිකරදමති.


තවද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සියොන් දූවරුන් උඩඟුව, බෙල්ල උස්කොට, ඇස් කොනින් බලබලා, කොට පියවර තබා ඇවිදිමින්, තමුන්ගේ පාදවලින් ශබ්ද නගමින් යන බැවින්,


මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමනතුරු උන්වහන්සේගේ උදහස නිසා යෙරුසලමටත් යූදාටත් මෙසේ සිද්ධවිය. ශෙදෙකියාද බබිලෝනියේ රජුට විරුද්ධව කැරළිගැසුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්