1 සාමුවෙ 7:17 - Sinhala Revised Old Version රාමාට හැරී ආවේය, මක්නිසාද ඔහුගේ ගෙය තිබුණේ එහිය; එහිදී ඔහු ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය. ඔහු එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය. Sinhala New Revised Version ඉන්පසු ඔහු රාමා නගරයට ගියේ ය. මන්ද, ඔහුගේ ගෙය තිබුණේ එහි බැවිනි. එහි දී ද ඔහු ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය. තවද, ඔහු එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේ ය. Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහු රාමා නගරයට ගියේ ය. මන්ද, ඔහුගේ ගෙය තිබුණේ එහි බැවිනි. එහි දී ද ඔහු ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය. තවද, ඔහු එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේ ය. |
ඔහු එහි පූජාසනයක් ගොඩනගා ඒ ස්ථානයට ඒල්-බෙතෙල් යන නම තැබුවේය. මක්නිසාද ඔහු තම සහෝදරයා ඉදිරියෙන් පලා ගිය කල්හි දෙවියන්වහන්සේ එතැන්හි ඔහුට ප්‍රකාශවූසේක.
ඔව්හු කඳු මාවත පසුකර ඇවිත්, ගෙබාහි නවාතැන් ගෙන සිටිති. රාමාය කම්පාවෙයි, සාවුල්ගේ ගිබෙයාය පලාගියේය.
ඈ එප්‍රායිම් කඳු රටේ රාමාටත් බෙතෙල්ටත් අතරේ තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට වාසයකළාය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ විනිශ්චය පිණිස ඈ ළඟට ආවෝය.
එවිට ගිඩියොන් එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, යෙහෝවා-ෂාලොම් යන නාමය ඊට තැබුවේය. එය අද දවස දක්වා අබියෙශ්‍රීවරුන්ට අයිති ඔප්‍රාහි තිබේ.
එප්‍රායිමියයෙක්වූ ශුප්ගේ පුත්‍රවූ තොහුගේ පුත්‍රයා වන එලීහුගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන එල්කානා නම් මනුෂ්‍යයෙක් එප්‍රායිම් කඳුරටේ රාමාතයිම්-ශෝපීම්හි සිටියේය.
ඔව්හු අලුයම නැගිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකොට හැරී ගොස් රාමාහි තමුන්ගේ ගෙදරට පැමුණුණෝය. එල්කානා තමාගේ භාර්යාවවූ හන්නා ඇඳින්නේය; ස්වාමීන්වහන්සේද ඈ සිහිකළසේක.
මුළු සෙනඟද ගිල්ගාල්ට ගොස් එහි ස්වාමීන්වහන්සේ ඉදිරියේදී සාවුල් රජකමට පත්කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාන්ති පූජා ඔප්පුකළෝය; එහි සාවුල්ද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද බොහෝසෙයින් ප්‍රීතිවූවෝය.
සාවුල් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය. එය ඔහු විසින් ස්වාමීන්වහන්සේට ගොඩනැගූ පළමුවෙනි පූජාසනයය.
එල්කානා රාමාහි තමාගේ ගෙදරට ගියේය. ළමයාද ඒලී පූජකයා ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට සේවයකෙළේය.
මේ කාලයට ප්‍රථම සාමුවෙල් මළේය. සියලු ඉශ්‍රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහුගේම නුවරවූ රාමාහි ඔහු තැන්පත් කළෝය. සාවුල් ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද දේශයෙන් පහකරදමා තිබුණේය.
එවිට ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලෝ රැස්වී රාමාහි සිටි සාමුවෙල් ළඟට ඇවිත් කථාකොට:
ඔව්හු උත්තරදෙමින්: ඉන්නවාය; ඔහු නුඹ ඉදිරියෙහිය. ඉක්මන්කරන්න, මක්නිසාද උස් තැනදී අද සෙනඟ පූජාවක් පවත්වන බැවින් ඔහු අද නුවරට ඇවිත් සිටියි.