Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 11:15 - Sinhala Revised Old Version

15 මුළු සෙනඟද ගිල්ගාල්ට ගොස් එහි ස්වාමීන්වහන්සේ ඉදිරියේදී සාවුල් රජකමට පත්කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාන්ති පූජා ඔප්පුකළෝය; එහි සාවුල්ද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද බොහෝසෙයින් ප්‍රීතිවූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 සෙනඟ සියලු දෙනා ගිල්ගාල්ට ගොස් එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාවුල් රාජ පදවියේ පිහිටුවා උන් වහන්සේට සහභාගිකමේ පූජා ඔප්පු කළෝ ය. සාවුල් ද ඉශ්රායෙල් සෙනඟ ද අතිශයෙන් ප්‍රීති ප්‍රමෝද වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 සෙනඟ සියලු දෙනා ගිල්ගාල්ට ගොස් එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාවුල් රාජ පදවියේ පිහිටුවා උන් වහන්සේට සහභාගිකමේ පූජා ඔප්පු කළෝ ය. සාවුල් ද ඉශ්රායෙල් සෙනඟ ද අතිශයෙන් ප්‍රීති ප්‍රමෝද වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 11:15
12 හුවමාරු යොමු  

නුඹ මට පෙරටුව ගිල්ගාල්ට යන්න; මම වනාහි දවන පූජා ඔප්පුකරන පිණිසත් ශාන්ති පූජාවල යාගයන් පූජාකරන පිණිසත් නුඹ ළඟට එන්නෙමි. මා නුඹ ළඟට ඇවිත් නුඹ කළයුතු දේ නුඹට දන්වන තුරු සත් දවසක් බලාසිටින්නැයි කීවේය.


සාමුවෙල් ස්වාමීන්වහන්සේ වෙතට මිශ්පාට සෙනඟ රැස්කරවා,


නුමුත් දැන් නුඹලාගේ අහංකාර කථාවලින් නුඹලා පාරට්ටුකරගන්නහුය. එබඳු සියලු පාරට්ටුකිරීම් නපුරුය.


දැන් තිරිඟු කපන කාලය නොවේද? අහස් ගර්ජනාවද වර්ෂාවද එවන ලෙස මම ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නෙමි; රජෙකු ඉල්ලීමෙන් නුඹලා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කළ දුෂ්ටකම මහත් බව එයින් නුඹලා දැන තේරුම් ගන්නවා ඇතැයි කීවේය.


එහෙත් සෙනඟ සාමුවෙල්ගේ හඬට කීකරුවෙන්ට කැමති නොවී කථාකොට: නැත;


ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් යෞවනයන් යැවීය, ඔව්හු ස්වාමීන්වහන්සේට දවන යාග සහ ශාන්ති යාග කොට ගවයින් පූජාකළෝය.


සාමුවෙල් සියලු ඉශ්‍රායෙල්වරුන්ට කථාකොට: මෙන්න, නුඹලා මට කී සියල්ල ගැන මම නුඹලාගේ හඬට ඇහුම්කන්දී නුඹලා කෙරෙහි රජෙකු පත්කෙළෙමි.


එවිට රජ හැරී යොර්දාන් ළඟට ආයේය. යූදාවරුද යොර්දානෙන් මෙගොඩට රජු කැඳවාගන එන පිණිස රජුගේ පෙරමගට යන්ට ගිල්ගාල්ට ආවෝය.


සාමුවෙල් මුළු සෙනඟට කථාකොට: ස්වාමීන්වහන්සේ තෝරාගත් තැනැත්තාට සමාන කෙනෙක් මුළු සෙනඟ අතරේ නැති බව නුඹලාට පෙනෙනවාදැයි කීවේය. මුළු සෙනඟද රජු සැරදේවා කියා මොරගැසූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්