Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 8:4 - Sinhala Revised Old Version

4 එවිට ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලෝ රැස්වී රාමාහි සිටි සාමුවෙල් ළඟට ඇවිත් කථාකොට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එවිට ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයෝ එක් රැස් වී රාමාහි සිටි සාමුවෙල් වෙත අවුත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එවිට ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයෝ එක් රැස් වී රාමාහි සිටි සාමුවෙල් වෙත අවුත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 8:4
8 හුවමාරු යොමු  

රාමාට හැරී ආවේය, මක්නිසාද ඔහුගේ ගෙය තිබුණේ එහිය; එහිදී ඔහු ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය. ඔහු එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.


මෙසේ ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙතට පැමිණියෝය; දාවිත් රජද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. ඔව්හු දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජ කොට ආලේපකළෝය.


උන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: නුඹ සහ ආරොන්ද නාදාබ්ද අබීහූද ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑ දෙනෙක්ද ස්වාමීන්වහන්සේ වෙතට කන්දට ඇවිත් දුරින් සිට නමස්කාරකරන්න.


නුඹ ගොස් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් රැස්කොට: නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිවූ ස්වාමීන්වහන්සේ මට පෙනී: සැබවින් මම නුඹලා බලා වදාරා මිසරයෙහිදී නුඹලාට කෙරෙන දේ දුටිමි.


එවිට සාමුවෙල් තමාගෙන් රජෙකු ඉල්ලා සිටි සෙනඟට ස්වාමීන්වහන්සේගේ සියලු වචන කීවේය.


යාබෙෂ්හි වැඩිමහල්ලෝද: අප විසින් සියලු ඉශ්‍රායෙල් පළාත්වලට පණිවිඩකාරයන් යවන පිණිස අපට සත් දවසක් කල් දුනමැනවි. එවිට අප ගළවන්ට කිසිවෙක් නැත්නම් ඔබ වෙතට පිටතට එන්නෙමුයයි ඔහුට කීවෝය.


අබ්නේර් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් සමඟ කථාකොට: දාවිත් නුඹලා කෙරෙහි රජකර ගන්න පිණිස නුඹලා පසුගිය කාලයෙහි සෙවුහුය.


ඔව්හු අලුයම නැගිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකොට හැරී ගොස් රාමාහි තමුන්ගේ ගෙදරට පැමුණුණෝය. එල්කානා තමාගේ භාර්යාවවූ හන්නා ඇඳින්නේය; ස්වාමීන්වහන්සේද ඈ සිහිකළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්