Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 2:11 - Sinhala Revised Old Version

11 එල්කානා රාමාහි තමාගේ ගෙදරට ගියේය. ළමයාද ඒලී පූජකයා ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට සේවයකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එල්කානා රාමාහි තමාගේ ගෙදරට ගියේ ය. එහෙත්, දරුවා නතර වී ඒලී පූජකයා යටතේ සමිඳාණන් වහන්සේට සේවය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එල්කානා රාමාහි තමාගේ ගෙදරට ගියේ ය. එහෙත්, දරුවා නතර වී ඒලී පූජකයා යටතේ සමිඳාණන් වහන්සේට සේවය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 2:11
7 හුවමාරු යොමු  

සාමුවෙල් නම් ළමයා ඒලී ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට සේවයකෙළේය. ඒ දවස්වලදී ස්වාමීන්වහන්සේගේ වචනය දුර්ලභවිය; දර්ශන බොහොමයක්ද නොවීය.


එහෙත් ළමයෙක්ව සිටි සාමුවෙල් හණ ඒඵොද් සැට්ටයක් ඇඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සේවයකෙළේය.


එබැවින් මමත් ඔහු ස්වාමීන්වහන්සේට දුනිමි; ඔහු ජීවත්ව සිටින තෙක් ඔහු ස්වාමීන්වහන්සේට කැපයයි කීවාය. ඔව්හු එහිදී ස්වාමීන්වහන්සේට නමස්කාර කළෝය.


සාමුවෙල් පහන්වෙන තුරු නිදාහිඳ, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි දොරවල් ඇරියේය. නුමුත් සාමුවෙල් දර්ශනය ඒලීට දන්වන්ට භයව සිටියේය.


ඔව්හු අලුයම නැගිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකොට හැරී ගොස් රාමාහි තමුන්ගේ ගෙදරට පැමුණුණෝය. එල්කානා තමාගේ භාර්යාවවූ හන්නා ඇඳින්නේය; ස්වාමීන්වහන්සේද ඈ සිහිකළසේක.


එප්‍රායිමියයෙක්වූ ශුප්ගේ පුත්‍රවූ තොහුගේ පුත්‍රයා වන එලීහුගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන එල්කානා නම් මනුෂ්‍යයෙක් එප්‍රායිම් කඳුරටේ රාමාතයිම්-ශෝපීම්හි සිටියේය.


රාමාට හැරී ආවේය, මක්නිසාද ඔහුගේ ගෙය තිබුණේ එහිය; එහිදී ඔහු ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය. ඔහු එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්