ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 22:2 - Sinhala Revised Old Version

විපතට පත්වූ සියල්ලෝද ණයතුරුස් ඇති සියල්ලෝද නොසතුටු සිත් ඇති සියල්ලෝද ඔහු වෙතට රැස්වූහ; ඔහු ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඇති වූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

විපතට පත් වූ සියල්ලෝ ද ණයතුරුස් ඇති සියල්ලෝ ද අසහනයට පත් වූ සියල්ලෝ ද ඔහු වෙත රැස් වූ හ. දාවිත් ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ සිටියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

විපතට පත් වූ සියල්ලෝ ද ණයතුරුස් ඇති සියල්ලෝ ද අසහනයට පත් වූ සියල්ලෝ ද ඔහු වෙත රැස් වූ හ. දාවිත් ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ සිටියහ.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 22:2
22 හුවමාරු යොමු  

හූෂයි වැඩි දුරටත් කියනුයේ: ඔබගේ පියාණන් හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත් වනයෙහි පැටියන් නැතිවුණ වැලහින්නියක් මෙන් කෝපව සිටින බවත් ඔබ දන්නෙහිය. ඔබගේ පියාණෝ යුද්ධකාරයෙක්ය, ඔහු රාත්‍රියෙහි සෙනඟ සමඟ නවතින්නේ නැත.


පසුගිය කාලයේ සාවුල් අප කෙරෙහි රජ ව සිටි කල්හි ඉශ්‍රායෙල්වරුන් පිටතට ගෙනගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබමය. ස්වාමීන්වහන්සේ ඔබට කථාකොට–නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනය කරමින් ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි කීසේකැයි කීවෝය.


නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියාවූ හෙසකියාට මෙසේ කියන්න–නුඹේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුලු දුටිමි. බලව, මම නුඹ සුවපත්කරන්නෙමි. තුන්වෙනි දින නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයට යන්නෙහිය.


ප්‍රොපේත පුත්‍රයන්ගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියෙක් එලිෂාට මොරගසා: ඔබගේ මෙහෙකරුවූ මාගේ පුරුෂයා මළේය. ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි බව ඔබ දන්නෙහිය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්ට ඇවිත් සිටීයයි කීවාය.


විනාශවෙන්ට යන අයට සුරාපානයද ශෝක සිත ඇත්තන්ට මුද්‍රිකපානයද දෙන්න.


යොහන් බව්තීස්තගේ දවස්වල පටන් මේ දක්වා ස්වර්ගරාජ්‍යය බලාත්කාරයෙන් ගනු ලැබේ, බලාත්කාරකරන්නෝ ඒක බලයෙන් අල්ලාගනිති.


වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.


කුමක්හෙයින්ද යමෙකු නිසාත් යමෙකු කරණකොටගෙනත් සියල්ල පවත්නේද, ඒ තැනන්වහන්සේ විසින් බොහෝ පුත්‍රයන් තේජසට ගෙනයන කල ඔවුන්ගේ ගැළවීමේ කර්තෲන්වහන්සේ දුක්විඳීම කරණකොටගෙන සම්පූර්ණ කරන්ට යුතුවූයේය.


එවිට යෙප්තා තමාගේ සහෝදරයන් ඉදිරියෙන් පලාගොස් ටෝබ් දේශයෙහි වාසය කෙළේය. කමකට නැති මනුෂ්‍යයෝ යෙප්තාට එකතුවී ඔහු කැටුව ගියෝය.


දාන් පුත්‍රයෝ ඔහුට කථාකොට: නුඹ කථානොකර සිටින්න, කථාකළොත් රෞද්‍ර මිනිසුන් නුඹලාට විරුද්ධව එන්ට පුළුවන, එවිට නුඹේ ජීවිතයද නුඹේ ගෙයි වැසියන්ගේ ජීවිතද හානිවේයයි ඔහුට කියා යන්ට ගියෝය.


ඇගේ ආත්මය ශෝකයෙන් පීඩිතවූයේය, ඈ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් අඬ අඬා සිටියාය.


දාවිත් එතැනින් මෝවබ්හි මිශ්පාට ගොස් මෝවබ් රජුට කථාකොට: දෙවියන්වහන්සේ මට කරන්ට යන්නේ කුමක්දැයි මා විසින් දැනගන්නතුරු මාගේ මවුපියන් අවුත් නුඹලා වෙත සිටින්ට අවසර ලැබේවයි කීවේය.


එවිට දාවිත්ද හසියයක් පමණවූ ඔහුගේ මිනිස්සුද නැගිට කෙයිලායෙන් පිටත්වී තමුන්ට යන්ට පුළුපුළුවන් තැන්වලට ගියෝය. දාවිත් කෙයිලායෙන් ගැළවී ගිය බව සාවුල්ට දන්වනලද්දේය; එවිට ඔහු තමාගේ ගමන නැවැත්තුවේය.


දාවිත්ද: නුඹලා එකිනෙකා තම තමාගේ කඩුව බැඳගන්නැයි තමාගේ මිනිසුන්ට කීය. ඔව්හු හැමදෙනම තම තමුන්ගේ කඩු බැඳගත්තෝය; දාවිත්ද තමාගේ කඩුව බැඳගත්තේය. මිනිසුන් හාරසියයක් පමණ දාවිත් අනුව ගියෝය; දෙසියයක් බඩු ළඟ නැවතී සිටියෝය.


දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.


මම හෙට මේ වේලාවට පමණ බෙන්යමින් රටෙන් මනුෂ්‍යයෙකු නුඹ ළඟට එවන්නෙමි, ඔහු මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට ආලේප කරන්න, ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේය. මක්නිසාද මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලීමියි දන්වා තිබුණේය.