Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 4:1 - Sinhala Revised Old Version

1 ප්‍රොපේත පුත්‍රයන්ගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියෙක් එලිෂාට මොරගසා: ඔබගේ මෙහෙකරුවූ මාගේ පුරුෂයා මළේය. ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි බව ඔබ දන්නෙහිය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්ට ඇවිත් සිටීයයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දිවැසිවර කණ්ඩායමේ අයගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියක් එලිෂාට මොරගසා, “ඔබේ මෙහෙකරු වූ මාගේ පුරුෂයා මළේ ය. ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි බව දන්නෙහි ය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්න අවුත් සිටී ය”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දිවැසිවර කණ්ඩායමේ අයගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියක් එලිෂාට මොරගසා, “ඔබේ මෙහෙකරු වූ මාගේ පුරුෂයා මළේ ය. ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි බව දන්නෙහි ය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්න අවුත් සිටී ය”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 4:1
35 හුවමාරු යොමු  

ණය ගෙවන්ට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ඔහුගේ ස්වාමියා ඔහුද ඔහුගේ භාර්යාවද දරුවන්ද ඔහු සන්තක සියල්ලද විකුණා ණය ගෙවන්ට ආඥාකෙළේය.


බෙතෙල්හි සිටි ප්‍රොපේත පුත්‍රයෝ එලිෂා ළඟට ඇවිත්: ස්වාමීන්වහන්සේ අද නුඹේ ස්වාමියා නුඹ කෙරෙන් ගන්නා බව දන්නෙහිදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහු: එසේය, මම දනිමි; නිශ්ශබ්දවෙන්නැයි කීය.


තවද: අපේ දෙවියන්වහන්සේගේ සියලු මෙහෙකරුවෙනි, උන්වහන්සේට භය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කියන ශබ්දයක් සිංහාසනයෙන් නික්මුණේය.


නුමුත් ඔහු නොකමැතිව, ගොස් ණය ගෙවන තුරු ඔහු හිරගෙයි දැම්මේය.


නුමුත් මාගේ නාමය කෙරෙහි භය ඇත්තාවූ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යයා ස්වකීය පියාපත්වල සුවකිරීම ඇතුව උදාවන්නේය; නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පනින්නහුය.


එකල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කථාකරගත්තෝය. ස්වාමීන්වහන්සේද කන්දී ඇසූසේක. එවිට ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය.


ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ටත් තමන්ගේ කරුණාව ගැන බලාසිටින්නන්ටත් ප්‍රසන්නවනසේක.


නුමුත් ස්වාමීන්වහන්සේගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේය.


මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය.


විපතට පත්වූ සියල්ලෝද ණයතුරුස් ඇති සියල්ලෝද නොසතුටු සිත් ඇති සියල්ලෝද ඔහු වෙතට රැස්වූහ; ඔහු ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඇති වූහ.


ස්වාමීනි, ඔබගේ නාමයට භය නොවන්නෙක් ගෞරව නොකරන්නෙක් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය; එබැවින් සියලු ජාතීන් පැමිණ ඔබ ඉදිරියෙහි නමස්කාරකරනවා ඇත; මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශකරනලද්දේයයි කීවෝය.


මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.


සහෝදරයෙනි, ආබ්‍රහම්ගේ වංශයේ පුත්‍රයෙනි, නුඹලා අතරේ දෙවියන්වහන්සේ කෙරෙහි බය ඇත්තෙනි, මේ ගැළවීමේ වචනය එවනලද්දේ අපටය.


නුඹලාත් එකිනෙකා තම තමාගේ සහෝදරයාට සිතින් කමා නොකරනවා නම් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේද නුඹලාට එසේම කරනවා ඇතැයි කීසේක.


එක එකා තම තමාට විකුණනු ලැබ හය අවුරුද්දක් තමාට වැඩකළාවූ තමාගේ සහෝදරවූ හෙබ්‍රෙවුවා අවුරුදු හතක කෙළවරේදී තමා වෙතින් නිදහස්කර හැරිය යුතුයයි කීවෙමි. එහෙත් නුඹලාගේ පියවරු මට ඇහුම්කන්දුන්නේවත් තමාගේ කන් යොමුකළේවත් නැත.


සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.


පව්කාරයෙක් සිය වරක් නපුර කර බොහෝකල් ජීවත්වුණත්, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට එනම් උන්වහන්සේ ඉදිරියෙහි භයවෙන්නන්ට යහපත සිද්ධවෙන බව සැබවින් දනිමි.


දේශයේ ජනයන් විකිණීමට බඩු හෝ ආහාර හෝ සබත් දවසේ ගෙනාවොත් ඒවා සබත් දවසේවත් ශුද්ධ දවසකවත් ඔවුන්ගෙන් මිලේට නොගන්නා හැටියටත්, හත්වෙනි අවුරුද්දේ පල ප්‍රයෝජන සහ සියලු ණයද අත්හරින හැටියටත් ශාපයකින් හා දිවුරුමකින් බැඳුණෝය.


තවද මම මාගේ සහෝදරවූ හනානිද බලකොටුවේ අධිපතියාවූ හනනියාද යෙරුසලම කෙරෙහි පත්කෙළෙමි. මක්නිසාද හනනියා විශ්වාසවූ බොහෝ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ මනුෂ්‍යයෙක්ව සිටියේය.


එලිෂා ගිල්ගාල්ට නැවත ඇවිත් සිටියදී දේශයෙහි දුර්භික්ෂයක් තිබුණේය; ශිෂ්‍ය ප්‍රොපේතවරුද ඔහු ඉදිරියෙහි ඉඳගන උන්නෝය. ලොකු සැළිය ලිපේ තබා ප්‍රොපේතවරුන්ට කෑම පිසින්නැයි ඔහු තමාගේ මෙහෙකරුවාට කීවේය.


යෙරිකෝවෙහි සිටි ප්‍රොපේත පුත්‍රයෝ එලිෂා ළඟට ඇවිත්: ස්වාමීන්වහන්සේ අද නුඹේ ස්වාමියා නුඹ කෙරෙන් ගන්නා බව දන්නෙහිදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහුද: එසේය, මම දනිමි; නිශ්ශබ්දවෙන්නැයි උත්තර දුන්නේය.


ප්‍රොපේතවරුන්ගේ පුත්‍රයන්ගෙන් එක්තරා මනුෂ්‍යයෙක් තමාගේ සහකාරයාට ස්වාමීන්වහන්සේගේ වචනයෙන් කථාකොට: මට ගසන්නැයි කීය. නමුත් ඒ මනුෂ්‍යයා ඔහුට ගසන්ට අකැමැතිවුණේය.


ආහබ් ගෙදර ප්‍රධානියාවූ ඔබදියාට අඬගැසුවේය. (ඔබදියා වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි බොහෝසෙයින් භය ඇති කෙනෙක්ය.


ඔහු විකුණු පසු නැවත මුදනු ලැබිය හැකිය; ඔහුගේ සහෝදරයන්ගෙන් එක් කෙනෙකුට ඔහු මුදාගත හැකිය.


දේවදූතයා: නුඹේ අත තරුණයා පිට නොතබව, ඔහුට කිසිවක් නොකරව. මක්නිසාද නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඹ දෙවියන්වහන්සේට භයවෙන බව දැන් දනිමියි කීයේය.


ස්වාමීන් කෙරෙහි භය ඇති ලොකු කුඩා සියල්ලන්ට උන්වහන්සේ ආශීර්වාදකරනසේක.


දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාද: සිරියවරුන් අසවල් තැනට බැස එන නිසා ඒ ළඟින් නොයන හැටියට බලාගත මැනවැයි ඉශ්‍රායෙල් රජුට කියා ඇරියේය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹලාගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම්-පත්‍රය කොතනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව, නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මවු අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය.


නායොමිගේ පුරුෂයාවූ එලීමෙලෙක් මළේය; ඈද ඇගේ පුත්‍රයෝ දෙදෙනාද ඉතිරිව සිටියෝය.


ප්‍රොපේත පුත්‍රයන්ගෙන් පනස්දෙනෙක්ද ගොස් ඔවුන් ඉස්සරහපිට දුරින් සිටියෝය. ඒ දෙදෙනාද යොර්දාන ළඟ සිටියෝය.


ඔහු ඉස්සරහින් යෙරිකෝවේ සිටි ශිෂ්‍ය ප්‍රොපේතවරු ඔහු දැක: එලියාට තිබුණු ආත්මය එලිෂා කෙරෙහි පිහිටා තිබේය කියා ඔහුගේ පෙරමගට ගොස් බිමට නැමී ඔහුට වැන්දෝය.


වස්තුකාරයා දිළිඳුන් කෙරෙහි ආණ්ඩුකරන්නේය, ණයගන්නා ණයදෙන්නාට මෙහෙකරුවෙක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්